ක්‍රීඩා

නිශාන් පිරීස් ශ්‍රී ලංකා කණ්ඩායමට

Published

on

නවසීලන්තයට එරෙහි දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගය සඳහා දකුණත් පිටදග පන්දු යවන ක්‍රීඩක නිශාන් පිරීස් කැඳවා තිබේ.

ඒ ආබාධයකට ලක් වූ විශ්ව ප්‍රනාන්දුගේ ආදේශකයක් ලෙසිනි.

පුහුණුවීම් අතරතුර ඔහු ආබාධයකට ලක්වී ඇති බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සඳහන් කළේය.

නවසීලන්තය සමඟ පැවැත්වෙන දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගය ලබන 26 වැනිදා ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ආරම්භ වීමට නියමිතය.

දෙරට අතර පැවැති පළමු තරගය ශ්‍රී ලංකාව ලකුණු 63කින් ජයගත්තේය.

Trending

Exit mobile version