ක්‍රීඩා

නුවන් තුෂාරගේ ඇඟිල්ල බි‍දෙයි !

Published

on

ශ්‍රී ලංකා කණ්ඩායමේ වේග පන්දු යවන ක්‍රීඩක නුවන් තුෂාරට ඉන්දියාව සමග පැවැත්වීමට නියමිත තරග 3කින් යුත් පන්දුවාර විස්ස ක්‍රිකට් තරගාවලිය ක්‍රීඩා කිරීමේ අවස්ථාව අහිමි වී ඇති බවට තොරතුරු වාර්තා වේ.

ඒ, මහනුවර පල්ලේකැලේ ක්‍රීඩාංගනයේ දී සිදු කළ පුහුණුවීම් අතරතුර දී ඔහුගේ ඇඟිල්ලක සිදු වූ අස්ථි බිඳී යාමක් ‍හේතුවෙනි.

ඒ අනුව නුවන් තුෂාර වෙනුවට ඩිල්ෂාන් මධුශංක ශ්‍රී ලංකා සංචිතයට කැඳවීමට නියමිත බවට ආරංචි මාර්ග වාර්තා කරයි.

කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙතෙක් නිල ප්‍රකාශයක් සිදු කර නොමැත.

Trending

Exit mobile version