ක්‍රීඩා

පාර්ලිමේන්තුවට දාන්න හැදූ ක්‍රිකට් කෙටුම්පත ‌ජනපති ‌වෙනතැනකට යවයි

Published

on

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නව ව්‍යවස්ථාවක් හඳුන්වාදීමට අදාළව සකසන ලද කෙටුම්පත ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ගැටලු නිරාකරණය සඳහා පත්කරන ලද කැබිනට් අනුකමිටුවට ලබාදී තිබේ.

ජනාධිපතිවරයාගේ උපදෙස් අනුව අදාළ කෙටුම්පත ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා විසින් කැබිනට් අනුකමිටුව වෙත ලබාදී ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.

විනිසුරු කේ.ටී. චිත්‍රසිරි මහතාගේ ප්‍රධානත්වයෙන් යුතු කමිටුවක් විසින් මීට පෙර එම කෙටුම්පත සකස්කර තිබුණි.

මෙම යෝජිත නව ව්‍යවස්ථා කෙටුම්පත හරහා ශ්‍රී ලංකා ක්‍රිකට් පාලක මණ්ඩලය පත් කිරීමේ ක්‍රමවේදය මුළුමනින් වෙනස් කිරීමට යෝජනා කර තිබෙන අතර එහි සංයුතිය, පරිපාලනය සහ කළමනාකරණය ද සංශෝධනය කර ඇත.

ඒ අනුව යෝජිත නව ව්‍යවස්ථාව මඟින් ශ්‍රී ලංකා ක්‍රිකට් පාලක මණ්ඩලය වසර 4ක කාලසීමාවකට පත්වන 18 දෙනෙකුගෙන් යුතු අධ්‍යක්ෂ මණ්ඩලයක් මඟින් පාලනය කිරීමට යෝජනා කර ඇත.

Trending

Exit mobile version