විස්සයි විස්ස 2024 ලෝක කුසලාන තරගාවලියේ විශේෂ සිද්ධි හා තොරතුරු දිනපතා Srilankamirror වෙතින් ගෙන ඒමට අප සූදානම්.
මෙවර විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියේ සමාරම්භක තරගයේදී අද (2) කැනඩාව පරදා කඩුලු 7 ක විශිෂ්ට ජයක් වාර්තා කරන්න ඇමරිකානු පිල සමත් වුණා.
මෙම ඓතිහාසික ජයග්‍රහණයේ නියමුවා වුණේ 29හැවිරිදි ආරොන් ජෝන්ස්.
ඔහු පන්දු 40 කදී නොදැවී ලකුණු 94 ක් රැස් කර තරගයේ වීරයා බවටත් පත් වුණා. එම ඉනිමට හයේ පහර 10 ක් හා හතරේ පහර 4 ක් ඇතුළත් වීම විශේෂ සිද්ධියක්.
ඇමරිකා එක්සත් ජනපද කණ්ඩායම විවිධ රටවලින් පැමිණි ක්‍රීඩකයන්ගෙන් සමන්විත කණ්ඩායමක්.
ආරොන් ජෝන්ස් ඇමරිකාවේ නිව්යෝක් නුවර උපත ලැබුවත් ක්‍රිකට් ප්‍රගුණ කළේ කොදෙව්හි බාර්බඩෝස් වලයි.
ඔහු බාබඩෝස් 19 න් පහළ කණ්ඩායමත් නියෝජනය කළා.
පසු කාලයේ ඔහු ඇමරිකාවට පැමිණ ක්‍රීඩා සමාජ මට්ටමින් ක්‍රීඩා කරමින් සිටියදී ඇමරිකානු පිලට තෝරා ගනු ලැබුවා
@රංජන්