Connect with us

ක්‍රීඩා

‘බෝන් අගේන්’ කල්ලියේ සෙල්ලම් හෙළිවෙයි !

Published

on

පසුගිය විස්සයි 20 ලෝක කුසලාන තරගාවලිය සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කළ කණ්ඩායම සම්බන්ධව සහ ඊට අදාළ චෝදනාවන්ද බෝන් අගේන් ආගමික නිකායෙන් ශ්‍රී ලංකා කණ්ඩායමට වන බලපෑම්ද විමර්ශනය කරමින් විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු කුසලා සරෝජනී වීරවර්ධනගේ සභාපතිත්වයෙන් යුත් සය පුද්ගල කමිටුව මඟින් සකස් කරනු ලැබූ වාර්තාව ඊයේ (10) ක්‍රීඩා ඇමැති රොෂාන් රණසිංහ මහතාට භාර දුන්නේය.

කමිටු වාර්තාව සහ ඊට අදාළ උපලේඛන, සාක්ෂි සටහන් ඇතුළත්ව වාර්තා පොත් දෙකක් වශයෙන් නිර්දේශ සහිතව එම වාර්තාව සකස් වී ඇති අතර, එහි පිටපතක් ක්‍රීඩා අමාත්‍යාංශ ලේකම් කේ. මහේෂන් මහතාටද භාර දී ඇත. 

මේ වාර්තාව කඩිනමින් අධ්‍යයනය කර අවශ්‍ය පියවර ගැනීම සඳහා ක්‍රීඩා ඇමැතිවරයා මේ වන විටත් එම වාර්තාව අධ්‍යයනය කරමින් සිටින බව වාර්තා වේ. 

එමෙන්ම පිටපත් ජාතික ක්‍රීඩා සභාවට සහ ජාතික තේරීම් කමිටුවටද දීමට නියමිතය.

අරමුදල් අවභාවිතය, සමාජ මාධ්‍යයේ බලපෑම, ආගමික නිකායේ බලපෑම ඇතුළු ප්‍රධාන කරුණු කිහිපයක් පිළිබඳ එම කමිටු වාර්තාවේ දීර්ඝ වශයෙන් තොරතුරු සටහන් වන අතර, බෝන් අගේන් ආගමික නිකායෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයන්ට එල්ල වී ඇති බලපෑම් සම්බන්ධව ඊට අදාළ සියලු පාර්ශ්වයන්ගෙන් සාක්ෂි සටහන් කරමින් කමිටු වාර්තාව සකස් කිරීමටද වාර්තාවට අදාළ නිර්දේශ සහ නියාමනයන් සම්පූර්ණ කිරීමටද අදාළ කමිටුව දිවා රාත්‍රී නොබලා කැප වීමෙන් කටයුතු කර ඇතැයිද වාර්තා වේ.

විස්සයි 20 ලෝක කුසලාන තරගාවලියේදී ශ්‍රී ලංකා පිලට එල්ල වූ චෝදනා පිළිබඳ විමර්ශනය කරමින් පංචපුද්ගල කමිටුව විසින් සකස් කරනු ලැබූ එම වාර්තාව ක්‍රිකට් ක්‍රීඩාවට පමණක් නොව සමස්ත ක්‍රීඩාවටම පූර්වාදර්ශයක් බව ක්‍රීඩා ඇමැති රොෂාන් රණසිංහ මහතා ප්‍රකාශ කළේය. 

මේ වාර්තාව පදනම් කරමින් ඉදිරියේදී මෙරට ක්‍රීඩාවේ මෙවැනි තත්ත්වයන් ඇති නොවීමටත් සමස්ත ක්‍රීඩාවේ දියුණුව වෙනුවෙන් සහ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ ආරක්ෂාව සහ සුබසිද්ධිය වෙනුවෙන් කටයුතු කිරීමටත් බලාපොරොත්තු වන බවද ඇමැතිවරයා කියා සිටියේය.

ක්‍රීඩා ඇමැතිවරයා විසින් පත් කරනු ලැබූ එම කමිටුවට හිටපු අමාත්‍යාංශ ලේකම් කිංග්ස්ලි ප්‍රනාන්දු, විශ්‍රාමික නියෝජ්‍ය පොලිස්පති සුදත් නාගහමුල්ල, විශ්‍රාමික රියර් අද්මිරාල් ආනන්ද පීරිස්, හිටපු ක්‍රිකට් ක්‍රීඩක නලීන් ද අල්විස් සහ නීතිඥ ශලනී රොෂානා ප්‍රනාන්දු මහත්ම මහත්මීහු ඇතුළත් වූහ.

ක්‍රීඩා

ජුනි මාසයේ ICC දක්ෂයින් අතරට ගිය පැතුම්

Published

on

By

ශ්‍රී ලංකාවේ පැතුම් නිස්සංක ජුනි මාසයේ ලොව දක්ෂතම ICC ක්‍රිකට් ක්‍රීඩකයා සඳහා නිර්දේශ වී තිබේ.

ඒ සංචාරක බංග්ලාදේශ කණ්ඩායමට එරෙහි ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ දැක්වූ දක්ෂතා හේතුවෙනි.

දකුණු අප්‍රිකාවේ කගීසෝ රබාඩා සහ දකුණු අප්‍රිකාවේ ඒඩ්න් මාක්රම්ද ඒ අතරට ඇතුළත්.

මාසයක කාලයක් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ දැක්වූ දක්ෂතා මත පදනම්ව අන්තර් ජාතික ක්‍රිකට් කවුන්සිලය විසින් මෙම සම්මානය පිරිනමයි.

Continue Reading

ක්‍රීඩා

ICC ප්‍රධාන විධායක තනතුරට, සංජෝග් ගුප්තා

Published

on

By

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ (ICC) නව ප්‍රධාන විධායක නිලධාරීවරයා ලෙසින් සංජෝග් ගුප්තා පත්කර ඇති බව නිවේදනය කර සිටී.

සංජෝග් ගුප්තා දැනට ජියෝස්ටාර් හි ක්‍රීඩා සහ සජීවී අංශ සඳහා ප්‍රධාන විධායක නිලධාරිවරයා ලෙස කටයුතු කරනු ලබයි. එසේම ඔහු ගෝලීය මාධ්‍ය, විනෝදාස්වාද සහ ක්‍රීඩා මාධ්‍ය සම්බන්ධයෙන් ඉහළ පිළිගැනීමක් ඇති පුද්ගලයෙකු ලෙස ද සැලකේ.

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ සභාපතිවරයා ලෙසින් ජේ ෂා පසුගිය 2024 දෙසැම්බර් 01 සිට පත්වූ අතර මෙලෙස එහි ප්‍රබල තනතුරු දෙකක්ම ඉන්දියානුවන් අතට පත්ව තිබීම විශේෂත්වයකි.

සංජෝග් ගුප්තා ICC ප්‍රධාන විධායක නිලධාරී තනතුරට පත් වූ හත්වැනි පුද්ගලයා වේ.

Continue Reading

ක්‍රීඩා

බංග්ලාදේශයට එරෙහි ශ්‍රී ලංකා 20යි 20 සංචිතය නම් කරයි

Published

on

By

ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර පැවැත්වෙන තරග තුනකින් යුතු 20යි 20 ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් ශ්‍රී ලංකා සංචිතය අද (07) නම් කර තිබේ.

චරිත් අසංලකගේ නායකත්වයෙන් යුතු මෙම සංචිතයට ක්‍රීඩකයින් 17 දෙනෙකු ඇතුළත් වේ.

එම ක්‍රීඩක ලැයිස්තුව පහතින් දැක්වේ.

  1. චරිත් අසලංක (නායක)
  2. පැතුම් නිස්සංක
  3. කුසල් මෙන්ඩිස්
  4. දිනේෂ් චන්දිමාල්
  5. කුසල් පෙරේරා
  6. කමිඳු මෙන්ඩිස්
  7. අවිශ්ක ප්‍රනාන්දු
  8. දසුන් ශානක
  9. දුනිත් වෙල්ලාලගේ
  10. වනිඳු හසරංග
  11. මහීෂ් තීක්ෂණ
  12. ජෙෆ්රි වැන්ඩසේ
  13. චාමික කරුණාරත්න
  14. මතීෂ පතිරණ
  15. නුවන් තුෂාර
  16. බිනුර ප්‍රනාන්දු
  17. එෂාන් මාලිංග

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved