Connect with us

ක්‍රීඩා

මනූෂ ව කෝප් කමිටුවේ විවේචනයට

Published

on

පසුගියදා පැවති “ජාතික ඵලදායිතා සම්මාන උළෙල” අතරතුරදී කම්කරු සහ රැකී රක්ෂා අමාත්‍ය ගරු මනූෂ නානායක්කාර මහතා විසින් විගණකාධිපතිවරයාගේ කාර්‍යභාරය සහ කෝප් කමිටුවේ බලතල අභියෝගාත්මකව දැඩි විවේචනයට ලක් කිරීම සම්බන්ධයෙන් දැඩි කතාබහක් ඇති වී තිබේ.

ඊයේ (05) පැවති කෝප් කමිටුවේ විශේෂ රැස්වීමකදී ඇමතිවරයාගේ ක්‍රියාකලාපය දැඩි විවේචනයට ලක්ව තිබේ.

ඇමතිවරයා විසින් විගණකාධිපතිවරයාගේ සහ කෝප් කමිටුවේ බලතල අභියෝගාත්මකව දැඩි විවේචනයට ලක් කිරීම පිළිබදව කෝප් කමිටුවට විගණකාධිපතිවරයා විසින්  ලිපියක් මගින් කරුණු දන්වා තිබිණි.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස මෙන්ම කැබිනට් අමාත්‍යවරයෙකු ලෙස එතුමා උක්ත සදහන් පරිදි ප්‍රකාශ කළද පාර්ලිමේන්තුවේ මූල්‍ය පාලනය ශක්තිමත් කිරීම උදෙසා පාර්ලිමේන්තු ක්‍රමය ඔස්සේ ස්ථාපිත කර ඇති පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව විසින් පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග මත තමන්ට ලැබී ඇති බලතල ඉක්මවා කටයුතු කර ඇති බව හෝ එලෙස කටයුතු කිරීම සදහා කිසිදු සහය දැක්වීමක් සිදු කර නොමැති බව විගණකාධිපතිවරයා විසින් ‍කාරක සභාව වෙත පෙන්වාදෙන ලදී.

තවද විගණකාධීපති වෙත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සහ වෙනත් ලිඛිත නීති මගින් පැවරී ඇති කාර්ය සහ කර්තව්‍ය ක්‍රියාත්මක කිරීමේදී සිය වගකීම ඉටුකිරීමට කටයුතු කරන ආකාරය පිළිබදව රාජ්‍ය අංශයේ, මහජන නියෝජිතයන්ගේ සහ පොදු මහජනතාවගේ විශ්වාසය කඩවන ආකාරයට සිදු කරන ප්‍රකාශයන් පාර්ලිමේන්තු මූල්‍ය පාලන අපේක්ෂාවන්ට දැඩි ලෙස හානිකර බවට නිරීක්ෂණය වන බවත් විගණකාධිපතිවරයා විසින් වැඩිදුරටත් පෙන්වා දෙන ලදී.

මේ අනුව කාරක සභාව විසින් මේ පිළිබඳව දීර්ඝ ලෙස  සාකච්ඡා කිරීමෙන් අනතුරුව පහත සදහන් යෝජනා සහ තීරණ ඉදිරිපත් කෙරිණි.

කම්කරු සහ රැකී රක්ෂා අමාත්‍යවරයාගේ ප්‍රකාශය වැරදි පූර්වාදර්ශයක් බවත් එමගින් කෝප් කාරක සභාව හෑල්ලුවට ලක් කිරීම සිදුව ඇති බවත් නිරීක්ෂණය වන බැවින් ඒ පිළිබදව දැඩි අප්‍රසාදය කාරක සභාව විසින් පළ කරන ලදී. ඒ සම්බන්ධයෙන් කාරක සභාව විගණකාධිපතිවරයා ඇතුළු එතුමාගේ කාර්ය මණ්ඩලය වෙත වෙත සිය කනගාටුව පළ කිරීමට තීන්දු කෙරිණ.

මෙම ප්‍රකාශය සම්බන්ධයෙන් ගරු කථානායකවරයාට පැමිණිල්ලක් සිදු කිරීමටද කෝප් කමිටුව තීන්දු කර ඇත.

ක්‍රීඩා

ටෙස්ට් තරඟයේ ජය ශ්‍රී ලංකාවට

Published

on

By

සංචාරක බංග්ලාදේශ කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවති දෙවන ටෙස්ට් තරගයෙන් ශ්‍රී ලංකා පිල ජයග්‍රහණය කර තිබේ.

එහිදී ශ්‍රී ලංකා පිල ඉනිමක් සහ ලකුණු 78කින් එම තරගයේ ජය ගැනීමට සමත් විය.

ඒ අනුව තරග දෙකකින් සමන්විත වූ මෙම තරගය 1-0ක් ලෙස ශ්‍රී ලංකාවට ජය හිමි විය.

SSC ක්‍රීඩාංගණයේදී පැවැති මෙම තරගයේ සිව්වද දින වූ අද (28) දින උදෑසන බංග්ලාදේශය සිය දෙවැනි ඉනිම ආරම්භ කළ අතර එහිදී ඔවුන් කඩුලු 6ක් දැවී ලකුණු 115ක් රැස් කරගෙන සිටියේය. 

ඒ අනුව ඔවුන්ට සිය දෙවන ඉනිම සඳහා රැස්කරගත හැකි වූයේ සියලු දෙනා දැවී ලකුණු 133ක් පමණි.

මෙම තරගයේදී කිසිදු බංග්ලාදේශ පිතිකරුවෙකුට ලකුණු 30 සීමාව ඉක්මවා යාමට හැකියාවක් නොලැබුණු අතර වැඩිම ලකුණු ලාභියා වූයේ මුෂ්ෆිකර් රහීම් වන අතර ඔහු රැස් කරගත් ලකුණු සංඛ්‍යාව 26කි.

මෙහිදී ප්‍රභාත් ජයසූරිය ලකුණු 56කට කඩුලු 5ක් දවා ගැනීමට සමත්වූ අතර නායක ධනංජය ද සිල්වා සහ තරිඳු රත්නායක කඩුලු 2 බැගින් දවා ගත්තේය.

Continue Reading

ක්‍රීඩා

පැතුම් 150 පසුකරයි

Published

on

By

බංග්ලාදේශයට එරෙහිව විශිෂ්ට ඉනිමක් ක්‍රීඩාකරමින් සිටින පැතුම් නිස්සංක මීට සුළු වේලාවකට පෙර ලකුණු 150 සීමාව පසුකිරීමට සමත් විය.

ඒ අනුව ඔහු නොකඩවා ටෙස්ට් තරග දෙකකදී මේ වනවිට ලකුණු 150 සීමාව පසුකර ඇත.

පන්දු 242කට මුහුණදෙමින් ඔහු මෙම කඩඉම පසුකර ගිය අතර, ඔහුගේ ඉනිමේ හතරේ පහර 18ක්ද ඇතුළත් වෙයි.

ශ්‍රී ලංකා කණ්ඩායම මේ වනවිට කඩුලු 2කට ලකුණු 296ක් රැස්කරගෙන සිටින අතර, පැතුම් සමගින් අනෙක් අන්තයේ රැඳී සිටින ප්‍රබාත් ජයසූරිය පන්දු 23කට මුහුණදී ලකුණු 6ක් රැස්කරගෙන සිටියි.

දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ තෙවන දිනට අද තරගය ආරම්භ කරන විට ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 2ක් දැවී ලකුණු 290ක් රැස්කරගෙන සිටි අතර, ඒ වනවිට පැතුම් ලකුණු 146ක් ලබාගෙන තිබුණි.

Continue Reading

ක්‍රීඩා

කාසියේ වාසිය බංග්ලාදේශයට

Published

on

By

ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ කාසිය වාසිය දිනා ගැනීමට බංග්ලාදේශ කණ්ඩායම සමත් විය.

ඔවුන් පළමුවෙන් පන්දුවට පහරදීමට තීරණය කර තිබේ.

ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් සොනාල් දිනූෂ කණ්ඩායමට කැඳවා ඇත.

තරගය පැවැත්වෙන්නේ කොළඹ SSC ක්‍රිකට් ක්‍රීඩාංගණයේදීය.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved