Connect with us

ක්‍රීඩා

ඉන්දියාව තරගාවලියේ ජය හිමිකර ගිනියි!

Published

on

ශ්‍රී ලංකාව ලකුනු 91 කින් පරාජයට පත් කරමින් තෙවැනි හා අවසන් විස්සයි විස්ස තරගය ලකුණු 91 ක දැවැන්ත ලකුණු පරතරයකින් ජය ගැනිමට ඉන්දියාව සමත්විය. මෙම තරගය රාජ්කොට් හිදී පැවැත්විණි.

තරගයේ ඉන්දියාවෙන් ලැබුණු ලකුණු 229 ක ඉලක්කය හඹාගිය ශ්‍රී ලංකාවට පන්දුවාර 16.4 කදී සියල්ලන් දැවී රැස්කරගත හැකිවූයේ ලකුනු 137 ක් පමණි. 

පන්දු යැවීමේදී අර්ෂ්දීප් සිං කඩුළු 3 ක් දවා ගත්තේය. ශ්‍රී ලංකාව වෙනුවෙන් නායක දසුන් ශානක හා කුසල් මෙන්ඩිස් ලකුණු 23 බැගින් ලබා ගත්තද ඒය ජයග්‍රහණයට කිසිසේත් ප්‍රමාණවත් නොවීය.

තරගයේ කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් ඉන්දියාව සිය පන්දුවාර 20 අවසානයේ කඩුළු 5 ක් දැවී ලකුනු 228 ක් රැස්කර ගත්තේය.

සූර්යකුමාර් යාදව් පන්දු 51 කදි නොදැවී ලකුනු 112 ක් රැස් කරගත් අතර රාහුල් ත්‍රිපාති පන්දු 16 කදී ලකුණු 35 ක් වාර්තා කලේය.

මේ සමගින් ඉන්දියාව සමගින් පැවති තරගාවලිය තරග 2-1ක් ලෙස පරාජය වීමට ශ්‍රී ලංකාව සමත්විය.

ක්‍රීඩා

දසුන්ගෙන් පොරොන්දුවක්

Published

on

By

ජනතාවගේ බලාපොරොත්තු අනිවාර්යයෙන් ඉටුකරන බව ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු නායක දසුන් ශානක පවසයි.

20යි 20 ලෝක කුසලාන තරගාවලිය සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම අද (14) දිවයිනෙන් පිටත්වන අවස්ථායේදී ඔහු ඒ බව සඳහන් කළේය.

“ඇත්තටම හොඳයි කණ්ඩායම ඉතාම හොඳන් සූදානම් වුණා. හොඳ තරගාවලියකට යනවා.”

ප්‍රශ්නය – ශ්‍රී ලංකා ජනතාවගේ බලාපොරොත්තු මොන වගේ තත්ත්වයක තියාගන්න පුළුවන්ද?

“අනිවාර්යෙන්ම ඉෂ්ඨ කරන්න බලාපොරොත්තු වෙනවා.”

ප්‍රශ්නය – තරගාවලියට සූදානම් සම්න්ධයෙන් කොහොමද ?

“ඉතා සතුටු වෙනවා. හොඳින් තරගාවලියක් පැවැත්වුවා යන්න කලින්. ක්‍රීඩකයෝ සියලුදෙනා සුපුරුදු රිද්මයට ඇවිල්ලා තියෙනවා.”

ප්‍රශ්නය – ටීම් වර්ක් එක කොහොමද ?

“ඉතාමත් හොඳයි. ඉතාමත් හොඳ එකමුතුවක් තියෙනවා. සීනියර් ප්ලේයර් සහ ජූනියර් ප්ලේයස්ලයි හොඳ සංකලනයක් තියෙනවා. මම හිතනවා ගොඩාක් හොඳ වෙයි කියලා. අනිවාර්යෙන් ජයග්‍රාහණය කරනවා.”

Continue Reading

ක්‍රීඩා

සේමිණී අද ජාතික විනය කමිටුව හමුවට!

Published

on

By

තහනම් උත්තේජක භාවිත කළ බවට චෝදනා එල්ල ව සිටින දැල්පන්දු ක්‍රීඩිකා සේමිණි අල්විස්ගෙන් නිදහසට කරුණු විමසීම අද (14) ජාතික විනය කමිටුව ඉදිරියේදී සිදු කිරීමට නියමිත බව වාර්තා වේ.

මෙම නිදහසට කරුණු විමසීම ශ්‍රී ලංකා උත්තේජක මර්දන නියෝජිතායතනයේදී සිදුකරන අතර, එහිදී ඇයට අවශ්‍ය නම් ‘බී‘ සාම්පල පරික්ෂණය ඉල්ලා සිටීමේ හැකියාව ද ඇතැයි පැවසේ.

කෙසේවුවද, මාධ්‍ය වාර්තා කර ඇත්තේ ඇය ‘බී‘ සාම්පල පරීක්ෂණයට නොගොස් සත්‍ය හෙළි කිරීමේ සූදානමකින් පවතින බවයි.

ඒ අනුව ඇයගේ අසනීප තත්ත්වයක් හේතුවෙන් ලබාගත් ඖෂධයක් නිසා මේ අතුරු ඵලය ලැබී ඇති බව ඇය සාක්ෂි සහිතව ඔප්පු කිරීමට සූදානමන් සිටින බවද පැවසේ.

ආසියානු දැල්පන්දු ශූරතාවලිය ඉලක්කකොට පුහුණුවීම්වල නිරතව සිටියදී ශ්‍රී ලංකා උත්තේජක මර්දන නියෝජිතායතනය මඟින් සිදුකළ පරීක්ෂණයකදී දැල්පන්දු ක්‍රීඩිකාව තහනම් උත්තේජක ලබාගත් බවට තහවුරු වී ඇතැයි වෛද්‍ය වාර්තාවක සඳහන් වේ. 

මේ හේතුවෙන් ඉදිරි පරීක්ෂණ කටයුතු නිමාවන තුරු එම ක්‍රීඩිකාවට තරග තහනමක් පනවා ඇත. 

සෙමිණි අල්විස්ගේ ‘ඒ‘ මූත්‍රා සාම්පලයේ ඇනබොලික් ස්ටොරයිඩ් නම් වූ තහනම් උත්තේජකය තිබූ බවත්, එය මාංශ පේශීන් වර්ධනයට ඉවහල්වන තහනම් සංඝටකයක් බවත් වෛද්‍ය වාර්තාවේ දැක්වේ.

සබැඳි පුවත්:
හිටපු දැල්පන්දු නායිකාවකට තහනම් උත්තේජක චෝදනා! 

Continue Reading

ක්‍රීඩා

කාලිංග කුමාරගෙන් රන් පදක්කමක්

Published

on

By

11 වැනි කිනාමි මිචිටාකා අනුස්මරණ මළල ක්‍රීඩා උළෙල මේ දිනවලදී ජපානයේදී පැවැත්වෙයි.

එහිදී ශ්‍රී ලංකාවේ කාලිංග කුමාරගේ, පිරිමි මීටර් 400 ධාවන ඉසව්ව නියෝජනය කරමින් එම ඉසව්වේ රන් පදක්කම දිනා ගැනීමට ඊයේ (12) සමත් විය.

කාලිංගට තරගය අවසන් කිරීමට ගත වුයේ තත්පර 45.92ක කාලයකි.

මේ අතර කාන්තා මීටර 400 ඉසව්වට සහභාගී වු නදීෂා රාමනායක එහි සිව්වැනි ස්ථානය දිනා ගත්තාය.

ඇයට එම ඉසව්ව නිම කිරීමට ගත වු කාලය තත්පර 54.02කි.

කාන්තා මීටර 800 ධාවන ඉසව්වට සහභාගීවීමට සිටි තරුෂි කරුණාරත්න අසනීප තත්ත්වයක් හේතුවෙන් ඇය එම තරගයට සහභාගී නොවීය.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved