Connect with us

ක්‍රීඩා

මහේල ගැන ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් නිවේදනයක්

Published

on

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වෙනුවෙන් “උපදේශක පුහුණුකරුවෙක්” ලෙස සිය සේවය ලබාදෙන ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් නායක මහේල ජයවර්ධනගේ වගකීම් සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනයක් නිකුත්කර තිබේ.

එහි සඳහන් වන්නේ ශ්‍රී ලංකා ජාතික කණ්ඩායම යෙදෙන තරඟ සංචාර සඳහා ඔහු එක්විය යුතු බව සඳහන් නොවන බවය.

උපදේශක පුහුණුකරු ලෙස ඔහුගේ ප්‍රධාන වගකීම වන්නේ ජාතික ක්‍රිකට් කණ්ඩායම් සඳහා සිය දායකත්වය උපාය මාර්ගික වශයෙන් සහ ක්‍රීඩකයින්ගේ දියුණුව සඳහා ලබාදීමත් පුහුණුකරුවන් සහ ක්‍රීඩකයින්ගේ වර්ධනය සම්බන්ධයෙන් කටයුතු කිරීමත්, දේශීය ක්‍රිකට් ව්‍යුහය දියුණු කිරීමත් බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පැවසීය.

ඔහු ක්‍රීඩකයින් සමග එකතුවන්නේ එය සිදුවිය යුතු බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කළහොත් පමණක් බව ද අදාළ නිවේදනයේ දැක්වෙයි.

එසේම ශ්‍රී ලංකා ක්‍රිකට් වල දියුණුව වෙනුවෙන් කැපවීම සඳහා ටෙස්ට් ක්‍රීඩා කරන වෙනත් රටකින් “පුහුණුකාර තනතුර භාරගන්නා” ලෙස ඔහුට ලැබුණු ආරාධනයක්ද ඔහු ප්‍රතික්ෂේප කළ බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පැවසීය.

ක්‍රීඩා

ශ්‍රී ලංකා යෞවනයන්ගේ ජයග්‍රාහී ආරම්භය

Published

on

By

ආසියානු වයස 19න් පහළ එක්දින ක්‍රිකට් තරගාවලිය යටතේ ශ්‍රී ලංකා කණ්ඩායම ක්‍රීඩාකළ පළමු තරගයෙන් නේපාලයට එරෙහිව ලකුණු 55ක ජයක් ලැබීමට සමත් විය.

මෙම තරගාවලිය එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පැවැත්වෙන අතර, ශ්‍රී ලංකා කණ්ඩායම ක්‍රීඩාකළ තරගය ඊයේ (29) සාජාහිදී පැවැත්විණි.

පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකාව පන්දුවාර 50 තුළදී සියලු දෙනා දැවී ලකුණු 233ක් රැස්කිරීමට සමත් විය.

එහිදී ශාරුජන් ෂම්මුගනාදන් (62) හා ලක්වින් අබේසිංහ (50) අර්ධ ශතක රැස්කළහ.

කෙසේ නමුත් පිළිතුරු ඉනිම ක්‍රීඩාකළ නේපාලයට පන්දුවාර 46.2කදී සියලු දෙනා දැවී රැස්කළ හැකිවූයේ ලකුණු 178ක් පමණි.

ආරම්භක පිතිකරු මායන් යාදව් ලකුණු 62ක් රැස්කළත් එය ජයග්‍රහණයට ප්‍රමාණවත් නොවීය.

ප්‍රවීන් මනීෂ ලකුණු 30කට කඩුලු 3ක් දවාගනිමින් ශ්‍රී ලංකාව වෙනුවෙන් දක්ෂ පන්දු යැවීමක නිරත විය.

ඊට අමතරම නිව්ටන් රංජිත්කුමාර් (2/17), කුගදාස් මාතුලන් (2/21) හා නායක විහස් තෙව්මික (2/51) කඩුලු 2 බැගින් දවාගත්තේය.

තරගයේ වීරයාට හිමි සම්මානය ශාරුජන් ෂම්මුගනාදන්ට හිමිවිය.

මේ අතර මෙම තරගාවලිය ආරම්භ කරමින් ඊයේ පැවති පළමු තරගයෙන් ඇෆ්ගනිස්තානය පරාජය කර ලකුණු 45ක ජයක් ලැබීමට බංග්ලාදේශය සමත් විය.

කණ්ඩායම් 8ක සහභාගිත්වයෙන් පැවැත්වෙන මෙම තරගාවලියේ තරග ‘A’හා ‘B’ ලෙස කොටස් දෙකක් යටතේ පැවැත්වෙන අතර, ශ්‍රී ලංකාව හා බංග්ලාදේශය එහි ‘B’කාණ්ඩයෙන් ක්‍රීඩාකරයි.

මේ යටතේ ශ්‍රී ලංකාව ක්‍රීඩාකරන මීළඟ තරගය හෙට (1) බංග්ලාදේශයට එරෙහිව පැවැත්වෙන අතර, එම තරගය මෙරට වේලාවෙන් පෙ.ව. 10.30ට ආරම්භවීමට නියමිතව ඇත.

Continue Reading

ක්‍රීඩා

ශ්‍රී ලංකා – දකුණු අප්‍රිකා තරගයටත් වැස්සෙන් බාධා

Published

on

By

ශ්‍රී ලංකාව හා දකුණු අප්‍රිකාව අතර ඩර්බන්හිදී අද (27) ආරම්භ වූ පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයට මේ වනවිට වර්ෂාවෙන් බාධා එල්ල විය.

එසේ වුවත්, දිවා ආහාරයට මදකට පෙර වර්ෂාව පතිත වීම හේතුවෙන් අද දිනයේ තරග කිරීමට හැකි වූයේ පන්දුවාර 20.4ක් පමණි.

තරගය නතර කරන විට පළමුව පන්දුව පහර දෙමින් සිටින දකුණු අප්‍රිකා කණ්ඩායම පන්දුවාර 20.4ක් ක්‍රීඩාකර කඩුලු 4ක් දැවී ලකුණු 80ක් රැස්කරගෙන සිටියේය.දකුණු අප්‍රිකානු ඉනිමේ පළමු කඩුලු දෙක ලකුණු 14ක තුළ දවාගැනීමට ශ්‍රී ලංකා වේග පන්දු යවන්නන්ට හැකිවිය.

Continue Reading

ක්‍රීඩා

IPL වෙන්දේසියේදී මහේෂ් හා වනිඳු කෝටි 16ට 21ට විකිණෙයි

Published

on

By

IPL ⁣ක්‍රිකට් වෙන්දේසියේදී මහීෂ් තීක්ෂණ ඉන්දීය රු. හාරකෝටි හතළිස් ලක්ෂයකට රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම මිලට ගෙන තිබේ.

එහි වටිනාකම ශ්‍රී ලංකා මුදලින් රු.කෝටි 16කට ආසන්නය.

මේ අතර, ඉන්දීය රුපියල් කෝටි  5.25ක මුදලක වනිඳු හසරංග ද රාජස්ථාන් රෝයල්ස් හිමිකරුවන් විසින් මිලදී.

එහි වටිනාකම ශ්‍රී ලංකා මුදලින් රු.කෝටි 21කට ආසන්නය.

2025 ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ ක්‍රීඩක වෙන්දේසිය ඊයේ (24) සවුදි අරාබියේදී ආරම්භ විය

Continue Reading

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved