Connect with us

ක්‍රීඩා

යොවුන් පිල සිම්බාබ්වේ පරදවයි!

Published

on

දකුණු අප්‍රිකාවේදී පැවැත්වෙන ‘යොවුන් ලෝක කුසලාන’ ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා යොවුන් පිල සහභාගි වූ පළමු තරගයේදී ලකුණු 39 කින් (ඩක්වත් ලුවිස් න්‍යායට) සිම්බාබ්වේ යොවුන් පිල පරාජය කිරීමට අද (21) සමත් විය.

තරගයට වර්ෂාවෙන් බාධා ඇතිවීම නිසා සිම්බාබ්වේ පිලට පන්දුවාර 22 කදී ලකුණු 129 ක ඉලක්කයක් සම්පූර්ණ කිරීමට සිදුවූ අතර සිම්බාබ්වේ පිල  පන්දුවාර 21.1 කදී ලකුණු 89 කට සීමා විය.

ශ්‍රී ලංකා වයස 19 න් පහළ පිල පන්දුවාර 48.3 කදී සියලු දෙනා දැවී 204 (රවීෂාන් ද සිල්වා 31, රුසඳ ගමගේ 31, දිනුර කළුපහන 60, ශරුජාන් ශම්මුගනාදන් නොදැවී 41, කොහල් එක්ස්ටීන් 40/3) සිම්බාබ්වේ වයස 119 න් පහළ පිල ඕවර 21.1 කදී සියලු දෙනා දැවී 89 (මැතිව් ස්චොස්කින් 27, විශ්ව ළහිරු 12/2, මල්ෂ තරුපති 17/4, රුවිෂාන් පෙරේරා 2/2)

ක්‍රීඩා

2024 LPL ක්‍රීඩක වෙන්දේසිය (සජීව විකාශය)

Published

on

By

2024 ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ ක්‍රීඩක වෙන්දේසිය මේ වනවිට ආරම්භ කර තිබේ.

එහි සජීවී විකාශය :- 

Continue Reading

ක්‍රීඩා

කුසල්ට වීසා ලැබෙයි

Published

on

By

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ පිතිකරු කුසල් මෙන්ඩිස් හට අමෙරිකානු වීසා ලැබී තිබේ.

ඒ, ආරම්භ වීමට නියමිත විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සහභාගී වීම සඳහාය.

ඒ අනුව ඔහු ඉදිරි‌යේ දී අමෙරිකාව බලා පිටත්ව යනු ඇත.

ශ්‍රී ලංකා ජාතික කණ්ඩායම පසුගිය සතියේ අමෙරිකාව බලා පිටත්ව ගිය නමුත් කුසල් මෙන්ඩිස්ට වීසා ලබා ගැනීම ප්‍රමාද වීම හේතුවෙන් ඔහුට එක්වීමට නොහැකි විය.

එක්සත් ජනපද තානාපති කාර්යාලයට අවශ්‍ය අමතර තොරතුරු මත වීසා බලපත්‍රය ප්‍රමාද වූ බව සඳහන් වේ.

Continue Reading

ක්‍රීඩා

LPL ක්‍රීඩක වෙන්දේසිය අද පස්වරුවේ

Published

on

By

2024 ලංකා ප්‍රිමියර් ලීග්, LPL ක්‍රිකට් තරඟාවලියේ ක්‍රීඩක වෙන්දේසිය අද (21) පැවැත්වේ.

කොළඹදී පැවැත්වෙන මෙම ක්‍රීඩක වෙන්දේසියට ඉදිරිපත් කෙරෙන දේශීය හා විදේශීය ක්‍රිඩකයින් ගණන 420කි.

ඒ අතරට ශ්‍රී ලාංකික ක්‍රීඩකයින් 154 දෙනෙකු ඇතුළත්ය.  

ප්‍රකට ඉන්දීය වෙන්දේසිකරුවෙකු වන චාරු ශර්මා විසින් මෙම වෙන්දේසිය මෙහෙයවනු ලැබේ.

මෙවර ලංකා ප්‍රිමියර් ලීග්, LPL  ක්‍රිකට් තරඟාවලිය ජූලි 01වනදා ආරම්භ වීමට නියමිත අතර තරඟාවලිය සඳහා කණ්ඩායම් 05ක් එක්වීමට නියමිතය.

පල්ලේකැලේ, දඹුල්ල සහ ආර් ප්‍රේමදාස යන ක්‍රීඩාංගණවල තරඟ පැවැත්වීමට සැලසුම් කර ඇත

තරඟාවලිය ජූලි 21වනදා තෙක් පැවැත්වීමට නියමිතය.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved