Connect with us

ක්‍රීඩා

රොෂාන්ට හොරා බලන්න කණ්ණාඩිය ඉස්සරහට යන්නයි ශම්මි කියයි

Published

on

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් ශ්‍රී ලංකා ක්‍රිකට් සඳහා පනවා ඇති තහනම නිසා ශ්‍රී ලංකා ක්‍රිකට් සඳහා විශාල මූල්‍ය පාඩුවක් සිදුවිය හැකි බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ශම්මි සිල්වා මහතා පවසයි.

“පොලීසියෙන් කිව්වා මට ගෙදර ඉන්න එපා කියලා. තරග පැරදෙන එක නෙමෙයි ප්‍රශ්නය. අපිට හොරු කියන එක. කණ්ණාඩිය ඉස්සරහට ගියානම් පෙනෙයි ඇමතිට කවුද හොරා කියලා.”

“උසාවිය යන්න. ඇමති ජපානයට යයි. අපි යන්නේ නැහැ මේ රට දාලා. අපි මේක අතහරින්නේ නැහැ. අපි එයාට දුන්නා ලක්ෂ 2900ක්. ක්‍රීඩාවලට වියදම් කරන්න. මෙයාගේ හිතවතුන්ට තමයි මේ සල්ලි වියදම් කළේ. මේකේ විගණනය දෙන්න කියන්න.” 

“අපේ ආදායමෙන් 20%ක් එයාගේ අමාත්‍යාංශයට එවන්න කියලා ලියුමක් එව්වා. අපි බැහැ කිව්වා. අපිත් එක්ක තරහව පටන්න ගන්න පළවෙනි හේතුව මේක.”

“ICC වැඩේට මම 21 යනවා. ජනාධිපතිතුමාටත් මම කතා කරනවා.” 

“ඇමතිව අපි ගෙනියන්නම් වෙන තැනකට. මෙයා හිතන් ඉන්නේ ගිනස් එකට යන්න පුළුවන් හොඳම ඇමති එයා කියලා.”

“දේශපාලකයෙක් නිසා නැති වෙන්නේ රටේ ක්‍රිකට්. තනි මිනියෙක් බොරු කියනවා. අනික් අය හොයන්නේ නැතුව ඔව් ඔව් කියනවා.”

“ICC මේක අයින් කළේ නැත්නම් ඩොලර් මිලියන 50ක අලාභයක් අවම වශයෙන් වෙනවා ලබන අවුරුද්දට. මං දන්නේ නැහැ මොනවා වෙයිද කියලා.”

“ඇමතිගේ බලය අඩු කරන්න ඕනේ. මේ බලයත් එක්ක ක්‍රීඩාව දියුණු කරන්න බැහැ.. මේ වගේ ඇමති කෙනෙක් ආවොත්.”

“ලෝක කුසලානයක් යනකොට ඒ මිනිස්සුන්ගේ වැටුප ගැන කියනවා. ඒ මිනිස්සු මානසිකව වැටෙනවා. මොන රටේද මෙහෙම කරන්නේ. ඒ මිනිස්සු බය වෙනවා රැකියා ආරක්ෂාව නෑ කියලා.”

“දුෂ්මන්ත චමීරවයි වනිඳුවයි 15 දාලා අපි යැව්වේ. එයා අපෙන් ෆිට්නස් ටෙස්ට් ඉල්ලුවා. ඒ නම් දෙක කපලා එවන්න කිව්වා.”

“මම ඉන්දියාවට ගියේ නැහැ. ඔය කියන කොළඹ හෝටලයේ CCTV දාලා බලන්න. මොළයක් නැද්ද. මේවා රෑට තියෙන නාට්‍ය.”

“මිනිස්සුන්ට කන්න නැහැ… ඒත් ලංකාවේ තියෙන එකම ප්‍රශ්නය ක්‍රිකට්.” 

“ICC කියලා පැය ගාණක් ඇතුළත මට මෙහෙම කරන්න පුළුවන් නම් මං මාර පොරක්නේ.” 

“මම ජයපැන් බිව්වේ නැහැ. ඊයේ මම බිව්වේ ෆෘට් ජූස්.”

“මට ජනාධිපති සහතිකයක් දුන්නොත් මම ගිහින් කතා කරනවා.”

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ශම්මි සිල්වා මහතා මේ බව සඳහන් කළේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේදී අද (11) කැඳවා තිබූ විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවේදීය.

ක්‍රීඩා

බංග්ලාදේශයට එරෙහි පළමු එක්දින තරගයෙන් ශ්‍රී ලංකාවට ජය

Published

on

By

බංග්ලාදේශයට එරෙහි පළමු එක්දින තරගයෙන් ශ්‍රී ලංකාව ඊයේ (02) ලකුණු 77 කින් ජය ගත්තේ ය.

වනිදු හසරංග ලකුණු 10කට කඩුලු 4ක් දවා ගත්තේ ය.

කමිඳු මෙන්ඩිස් ලකුණු 19ට කඩුලු 3යි.

ලකුණු 245ක ඉලක්කයක් හඹා ගිය බංග්ලාදේශයේ සියලු දෙනා ලකුණු 167කට දැවී ගියේ ය. 

Continue Reading

ක්‍රීඩා

ශ්‍රී ලංකා ඉනිම ලකුණු 244කට සීමා වෙද්දී චරිත්ගෙන් ශතකයක්

Published

on

By

බංග්ලාදේශයට එරෙහිව අද (02) පැවැත්වෙන පළමු එක්දින තරගයේ පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායමට පන්දුවාර 49.2කදී සියලු දෙනා දැවී රැස්කළ හැකිවූයේ ලකුණු 244ක් පමණි.

ජාත්‍යන්තර එක්දින පිටියේ සිය 5වන ශතකය රැස්කිරීමට ශ්‍රී ලංකා නායක චරිත් අසලංක සමත් විය.

ඊට අමතරව කුසල් මෙන්ඩිස් (45), ජනිත් ලියනගේ (29), මිලාන් රත්නායක (22) හා වනිඳු හසරංග (22) පිත්තෙන් දක්ෂතා දැක්වූහ.

බංග්ලාදේශය වෙනුවෙන් ටස්කින් අහ්මඩ් (4/47) හා තන්සිම් හසන් (3/46) පන්දු යැවීමෙන් දක්ෂතා දැක්වීමට සමත් විය.

Continue Reading

ක්‍රීඩා

ශ්‍රී ලංකා – බංග්ලාදේශ පළමු එක්දින ක්‍රිකට් තරගය අද

Published

on

By

සත්කාරක ශ්‍රී ලංකා – බංග්ලාදේශ කණ්ඩායම් අතර පළමු එක්දින ක්‍රිකට් තරගය අද (02)  පැවැත්වීමට නියමිතය.

තරගාවලියේදි චරිත් අසලංක ශ්‍රී ලංකා කණ්ඩායමට නායකත්වය ලබා දෙන අතර බංග්ලාදේශ කණ්ඩායම මෙහෙයවන්නේ මෙහෙදි හසන් මිරාස් ය.

දෙරට අතර ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය තරග 1ට 0ක් ලෙස ජයගත් ශ්‍රී ලංකා කණ්ඩායම අද(02) තරගයට පිවිසෙන්නේ ජයග්‍රාහී මානසිකත්වයෙන් ය.

අද තරගයට මිලාන් රත්නායක ශ්‍රී ලංකා කණ්ඩායමට කැඳවීමට වැඩි ඉඩකඩක් පවතින බව ශ්‍රී ලංකා එක්දින ක්‍රිකට් නායක චරිත් අසලංක ඊයේ පැවති මාධ්‍ය හමුවේදී ප්‍රකාශ කළේ ය.

කොළඹ ආර්.ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේ පැවැත්වෙන අද තරගය පස්වරු 02.30ට ආරම්භ කිරීමට නියමිතය.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved