ක්‍රීඩා

ලංකාවට ලකුණූ 5ක පරාජයක් 

Published

on

දඹුල්ලේ දී ඊයේ (10) අවසන් වූ දෙවැනි හා අවසන් විස්සයි20 ක්‍රිකට් තරගයෙන් නවසීලන්ත කණ්ඩායම හමුවේ ලකුණු 5ක පරාජයක් ලැබීමට ශ්‍රී ලංකා කණ්ඩායමට සිදුවිය.

ඒ අනුව තරගාවලි තරග 1-1ක් ලෙස ජය පරාජයෙන් තොරව අවසන් විය.

ඊයේ තරගය ශ්‍රී ලංකාව ජය ගත්තේ නම්, නවසීලන්තයට එරෙහිව වසර 11කට පසු විස්සයි20 තරගාවලියක් ජයගැනීමට හැකියාව තිබුණි.

ලංකාව අවසන්වර නවසීලන්තයට එරෙහිව විස්සයි20 තරගාවලියක් ජයගෙන ඇත්තේ 2013 වසරේදීය.

එයද ශ්‍රී ලංකාවේදීමය.

ඒ හැරෙන්න එම තරගාවලියෙන් අනතුරුව නවසීලන්තයේ මෙන්ම ශ්‍රී ලංකාවේ පැවැත් වූ සෑම තරගාවලියක්ම (තරගාවලි 4) ජයගැනීමට සමත් වූයේ නවසීලන්තය යි.

මෙම තරගයේ පළමුව පන්දුවට පහරදුන් නවසීලන්තය පන්දුවාර 19.3කදී සියලු දෙනා දැවී ලකුණු 108ක් රැස්කිරීමට සමත් විය.

කෙසේ නමුත් ඊට පිළිතුරු ලෙස ශ්‍රී ලංකාවට පන්දුවාර 19.5කදී සියලු දෙනා දැවී රැස්කළ හැකිවූයේ ලකුණු 103ක් පමණි.

Trending

Exit mobile version