ක්‍රීඩා

“දුනු විදීමේ ලෝක වාර්තා ඉසව්වට ඉන්දියාවත් එක්වෙලා!” (Update)

Published

on

පසුගිය 16දා ශ්‍රී ලංකාවේදී පිහිටුවා තිබුණු දුනු විදීමේ ලෝක වාර්තා ඉසව්ව පිහිටුවා ඇත්තේ ඉන්දියාවේ සහයෝගීතාවය සහිතවද බව සංවිධායකයෝ පවසති.

‘ශ්‍රී ලංකා මිරර්’ වෙත අදහස් දක්වමින් සංවිධායක කමිටු සභාපති – කපිතාන් (විශ්‍රාමික) ඉන්ද්‍රනාත් පෙරේරා මහතා පැවසුවේ මෙම අවස්ථාවට එක්වූ දුනුවායන් 128 දෙනාගෙන් 24 දෙනෙකු ඉන්දීය ජාතිකයින් බවයි.

දුනුවායන් 128ක් යොදා ගනිමින් පැයකුත් මිනිත්තු 40ක් තුළ ඊතල 30,000ක් විදිමින් මෙම වාර්තාව ශ්‍රී ලංකාවේදී පිහිටුවා තිබුණු අතර, මෙම වාර්තාව මීට පෙර පිහිටුවා තිබුණේ ඉන්දියාව විසිනි.

——————————

(මුල් පුවත : 2023/07/17 පෙ.ව. 11:43)

ලංකාවේ දුනු වායෝ ඉන්දියාව සතු ලෝක වාර්තාව සියතට ගනියි!

දුනුවායන් 128 දෙනකු යොදාගෙන පැයයි විනාඩි හතලිහක් තුලදී ඊතල 30,000 විදිමින් දුනු විදීමේ නව ලෝක වාර්තාවක් තැබීමට ශ්‍රි ලාංකාව ඊයේ (16) සමත් විය.

හෝමාගම දියගම මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේ දී මෙම ලෝක වාර්තාව තැබීමට සමත් වූ අතර සැජිටේරියන් දුනු විදීමේ ක්‍රීඩා සමාජය සහ රේස් කෝස් දුනු විදීමේ සමාජය මගින් මෙය සංවිධානය කර තිබුණි.

මෙයට පෙර මෙම ලෝක වාර්තාවට ඉන්දියාව හිමිකම් කියූ අතර ඔවුන් දුනුවායන් 100 දෙනකුගේ සහභාගිත්වයෙන් පැයයි විනාඩි තිහක් ඇතුලත ඊතල 17,000 විදිමින් එම වාර්තාව තබා තිබුණි.

මෙම ලෝක වාර්තාව තැබීමේ අවස්ථාවට ආරක්ෂක ලේකම් ජෙනරාල් කමල් ගුණරත්න මහතා සහභාගී විය.

ඉන්දියාවේ වොලන් බුක් ඔෆ් වර්ල්ඩ් රෙකෝඩ් ආයතනය විසින් නිකුත් කරන ලද ලෝක වාර්තාව බිහි කළ බවට සහතිකය ආරක්ෂක ලේකම් ජනරාල් කමල් ගුණරත්න මහතා වෙත ප්‍රදානය කරන ලදී.

Trending

Exit mobile version