2023 ලෝක කුසලාන සුදුසුකම් ලබා ගැනීමේ ක්රිකට් තරගාවලියේ ශ්රී ලංකාව සහභාගි වූ තෙවැනි තරගයෙන් අයර්ලන්තය ලකුණු 133 කින් පරාජයට පත් කිරීමට සමත් විය.
ඒ අනුව ලංකාව බී කාණ්ඩයේ තව දුරටත් ඉදිරියෙන් සිටීමට සමත් විය.
බුලවායෝහිදී පැවැති මේ තරගයේ පළමුව පන්දුවට පහර දුන් ශ්රී ලංකා පිල පනදුවාර 49.5 කදී සියලු දෙනා දැවී ලකුණු 325 ක් රැස්කිරීමට සමත් විය.
පිළිතුරු ඉනිම ක්රීඩා කළ අයර්ලන්ත පිල පන්දුවාර 31 කදී සියලුදෙනා දැවී රැස්කළ හැකිවූයේ ලකුණු 195ක් පමණි.
වනිදු හසරංග ලකුණු 79කට කඩුලු 5ක් දවා ගැනීමට සමත් විය.
දිමුත් කරුණාරත්න සිය ඒක්දින දිවියේ පළමු ශතකය රැස්කරමින් පන්දු 103 කදී හතරේ පහර 8 ක් සමග ලකුණු 103 ක් රැස්කිරීමට සමත් වූ අතර එය ඔහුට තරගයේ වීරයා සම්මානය දිනාදීමට ඉවහල් විය.
ශ්රී ලකා පිල (පන්දුවාර 49.5 කදී) 325
(පැතුම් නිස්සංක 20, දිමුත් කරුණාරත්න 103, සදීර 19සමරවික්රම 82, චරිත් අසලංක 38, ධනංජය ද සිල්වා නොදැවී 42, බර්නි මැකර්ති 56/3, මාර්ක් අදයිර් 46/4, ගැරත් ඩෙලනි 52/2)
අයර්ලන්ත පිල (පන්දුවාර 31කදී) 195
(වනිදු හසරංග 79/5)