Connect with us

ක්‍රීඩා

ලංකාව ලෝක කුසලානයේ පළමු ජය ලබයි

Published

on

ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ පළමු වටයේ 19 වැනි තරඟය ලෙස ලක්නව් එකානා ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී අද (21) පැවැති තරගයේදී ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ කඩුලු 5 කින් නෙදර්ලන්තය පරාජය කිරීමට සමත් වූහ.

මෙම ජයග්‍රහණය ශ්‍රී ලංකාව මෙවර ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සහභාගිවූ තරග හතරකදී ලැබූ පළමු ජයග්‍රහණය වන අතර මෙම ජයග්‍රහණයත් සමග ශ්‍රී ලංකා පිල ප්‍රසාද ලකුණු සටහනේ 9 වැනි ස්ථානයට පත්විය.

ශ්‍රී ලංකා පිල ලකුණු 263 ක ඉලක්කය ඕවර 49.2 කදී කඩුලු 5 ක් පමණක් දැවී සම්පූර්ණ කළේය. 

සදීර සමරවික්‍රම ජයග්‍රහණයේ නියමුවා බවට පත්වෙමින් පන්දු 107 කින් හතරේ පහර 7 ක් සමගින් නොදැවී ලකුණු 91 ක් රැස්කිරීමට සමත්විය. 

සදීර සමරවික්‍රම (නොදැවී 91) සහ චරිත් අසලංක (44) සිව්වැනි කඩුල්ලට ලකුණු 76 ක සම්බන්ධතාවයක් පවත්වමින් ජයග්‍රහණය පහසු කළහ.

නෙදර්ලන්ත පිල පන්දුවාර 49.4 කදී සියලු දෙනාදැවී 262 (මැක්ස් ඔඩවුඩ් 16, කොලින් ඇකර්මන් 29, ස්කොට් එඩ්වඩ්ස් 16, සිබ්‍රැන්ඩ් එන්ගල්බ්‍රෙච් 70, ලොගන් වෑන් බීක් 59 කසුන් රාජිත 50/4, ඩිල්ෂාන් මධුසංඛ 49/4) 

ශ්‍රී ලංකා පිල පන්දුවාර 49.2 කදී කඩුලු 5 ට 263 (පැතුම් නිස්සංක 54, සදීර සමරවික්‍රම නොදැවී 91, චරිත් අසලංක 44, ධනංජය ද සිල්වා 30, ආරයන් ඩට් 44/3)

ක්‍රීඩා

ICC මාසයේ ක්‍රීඩකයා සඳහා කමිදු – ප්‍රභාත් යෝජනා වෙයි

Published

on

By

ICC 2024 සැප්තැම්බර් මස ක්‍රීඩකයා තෝරා ගැනීමට යෝජිත නම් ත්‍රිත්වය අතරට ශ්‍රී ලංකාවේ ප්‍රභාත් ජයසූරිය සහ කමිදු මෙන්ඩිස් ඇතුලත් වී තිබේ.

පසුගිය මස අවසන් වූ නවසීලන්ත-ශ්‍රී ලංකා සහ එංගලන්ත-ශ්‍රී ලංකා ටෙස්ට් තරගාවලි වලදී දැක්වූ දස්කම් හේතුවෙන් ඔවුන් දෙදෙනා මෙලෙස ICC සැප්තැම්බර් මස ක්‍රීඩකයා සඳහා සුදුසුකම් ලබා තිබෙනවා.

ඔවුන් සමග යෝජිත අනෙක් ක්‍රීඩකයා වන්නේ ඕස්ට්‍රේලියානු ක්‍රීඩක Travis Head.

Continue Reading

ක්‍රීඩා

සනත් ප්‍රධාන පුහුණුකරු තනතුරට

Published

on

By

ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස සනත් ජයසූරිය පත් කළ බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කළ ක්‍රිස් සිල්වර්වුඩ් ගේ කොන්ත්‍රාත් කාලය පසුගිය 20යි 20 ලෝක කුසලාන තරගාවලියෙන් පසු නිමාවීමත් සමග සනත් ජයසූරිය මහතා ප්‍රධාන පුහුණුකරු ලෙස තාවකාලිකව පත්කෙරුණි.

ඔහු අතුරු ප්‍රධාන පුහුණුකරුවෙකු ලෙස කටයුතු කළ ඉන්දියාව, එංගලන්තය සහ නවසීලන්තයට එරෙහිව පසුගියදා පැවැති සංචාරවලදී කණ්ඩායම දැක්වූ දස්කම් සැලකිල්ලට ගෙන මෙම තීරණය ගත් බව ශ්‍රී ලංකා ක්‍රිකට් විධායක කමිටුව පවසයි.

2024 ඔක්තෝබර් 1 දින සිට බලාත්මක වූ අතර, 2026 මාර්තු 31 දක්වා මෙම පත්වීම වලංගු වන බව සඳහන් වේ.

Continue Reading

ක්‍රීඩා

20යි 20 කාන්තා ක්‍රිකට් ලෝක කුසලානය අදින් ඇරඹෙයි

Published

on

By

20/20 කාන්තා ලෝක කුසලාන තරගාවලිය අදින් (03) ආරම්භ වේ.

ඩුබායිහි දී පැවැත්වෙන මෙම තරගාවලිය ලබන 20 වන දින දක්වා පැවැත්විමට නියමිතය.

මෙවර තරගාවලියේදී ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම “ඒ” කාණ්ඩය යටතේ තරග වැඳීමට නියමිත අතර පාකිස්ථානය, ඔස්ට්‍රේලියාව, ඉන්දියාව සහ නවසීලන්තය එම කාණ්ඩයේ සෙසු කණ්ඩායම් වේ.

ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගී වන පළමු තරගය අද පාකිස්ථාන කණ්ඩායම සමග ශ්‍රී ලංකා වේලාවෙන් පස්වරු 7.30ට ආරම්භ වීමට නියමිතය.

Continue Reading

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved