Connect with us

ක්‍රීඩා

ලංකාව සිම්බාබ්වේට පරදියි!

Published

on

සංචාරක සිම්බාබ්වේ කණ්ඩායම දෙවැනි විස්සයි විස්ස ක්‍රිකට් තරගය ශ්‍රී ලංකාව පරදා කඩුලු 04කින් ජය ගැනීමට අද (16) ආර්.ප්‍රේමදාස ක්‍රීඩාංගනයේදී සමත්විය.

එහිදී පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 06ක් දැවී ලකුණු 173ක් රැස් කළේය.

චරිත් අසලංක වේගවත් ඉනිමක් ක්‍රීඩා කරමින් ලකුණු 69 ක් ලබාගත් අතර ඇන්ජලෝ මැතිව්ස් නොදැවී ලකුණු 66ක් රැස් කළේය.

ඒ අනුව තරගය ජයගැනීමට සිම්බාබ්වේ කණ්ඩායමට හිමිවූ ඉලක්කය ලකුණු 174කි.

සිම්බාබ්වේ පිතිකරුවන් පන්දුවාර 19යි පන්දු 05ක් තුළ කඩුලු 06ක් දැවී තිබියදී ලකුණු 178ක් ලබා සිය ජයග්‍රහණය වාර්තා කළේය.

තරගයේ කාසියේ වාසිය දිනූ සිම්බාබ්වේ නායකයා ප්‍රථමයෙන් පන්දු යැවීමට තීරණය කර තිබුණි.

තරගය පැවැත්වුණේ කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී ය.

තරග 03කින් සමන්විත විස්සයි විස්ස තරගාවලියේ පළමු තරගය ශ්‍රී ලංකාව ජය ගත්තේය.

දෙරට අතර තුන්වන සහ අවසන් විස්සයි විස්ස තරගය අනිද්දා (18) පැවැත් වීමට නියමිතය.

ක්‍රීඩා

පළමු පුහුණු තරගයේ ජය නෙදර්ලන්තයට

Published

on

By

20යි 20 ලෝක කුසලානය වෙනුවෙන් පැවැත්වුණු පළමු පුහුණු තරගයෙන් ලකුණු 20ක පරාජයක් ලැබීමට ශ්‍රී ලංකා කණ්ඩායමට සිදුවුණි.

ඒ නෙදර්ලන්ත කණ්ඩායම හමුවේය.

අමෙරිකාවේ ෆ්ලෝරිඩා හිදි පැවති තරගයේ කාසියේ වාසිය දිනු ශ්‍රී ලංකා කණ්ඩායම පළමුව පන්දුවට පහර දීමට නෙදර්ලන්ත කණ්ඩායමට ආරාධනා කළේය.

ඒ අනුව පිටියට පිවිසි නෙදර්ලන්ත කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේදී කඩුලු 5ක් දැවි ලකුණු 181ක් රැස්කර ගත්තේය.

ඩිල්ෂාන් මධුෂංක ලකුණු 39ට කඩුලු දෙකක් දවා ගැනීමට සමත් විය.

ශ්‍රී ලංකාවට ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ පළමු වටයේදී ද නෙදර්ලන්තය සමඟ තරගයක් පැවැත්වෙන බැවින් ශ්‍රී ලංකා කණ්ඩායමේ  ප්‍රධාන පන්දු යවන්නන් වන වනිඳු හසරංග, මතීෂ පතිරණ සහ මහීෂ් තීක්ෂණ පන්දු යැවීම් සිදු වූයේ නැත.

ලකුණු 182ක ජයග්‍රාහි ඉලක්කයක් හඹා යෑමට පිටියට පිවිසි ශ්‍රී ලංකා කණ්ඩායමට පන්දුවාර 18යි පන්දු 5කදී සියලුදෙනා දැවි රැස්කරගත හැකි වූයේ ලකුණු 161ක් පමණි.

ශ්‍රී ලංකා මුල් පෙළ පිිතිකරුවන් අසාර්ථක වෙද්දි වනිඳු හසරංග පන්දු 15කින් ලකුණු 43ක් රැස්කිරීමට සමත්වුණි.

දසුන් ශානක ලකුණු පන්දු 20කදී නොදැවි ලකුණු 35ක් රැස්කළ අතර ධනංජය ද සිල්වා ලකුණු 31යි.

ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගි වන දෙවන පුහුණු තරගය මැයි 31 වැනිදා අයර්ලන්තයට එරෙහිව පැවැත්වීමට නියමිතව තිබේ.

Continue Reading

ක්‍රීඩා

චීනයේ දී රන් දිනූ අරුණ

Published

on

By

“Belt and Road” ආරාධිත මලල ක්‍රීඩා ශූරතාවලියේ පිරිමි මීටර් 400 ඉසව්වේ ප්‍රථම ස්ථානය ශ්‍රී ලාංකික ක්‍රීඩක අරුණ දර්ශන විසින් හිමිකරගත්තේය.

එහිදී ඔහු මීටර් 400 ඉසව්ව නිමකිරීමට ගතකළ කාලය තත්පර 45.48කි.

“Belt and Road” ආරාධිත මලල ක්‍රීඩා ශූරතාවලිය චීනයේදී පැවැත්වෙයි.

Continue Reading

ක්‍රීඩා

T20 ලෝක කුසලානයේ ශ්‍රී ලංකාවේ පළමු තරඟය අද

Published

on

By

පන්දුවාර 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සහභාගී වන පළමු පුහුණු තරගය අද (28) පැවැත්වේ.

ඒ, නෙදර්ලන්තයට එරෙහිවයි.

2024 පන්දුවාර 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය අමෙරිකාවේ සහ බටහිර ඉන්දීය කොදෙව් දූපත්වල සත්කාරකත්වයෙන් පැවැත්වේ.

ශ්‍රී ලංකාව එහි මූලික වටයේදී තරග කරන්නේ ඩී. කාණ්ඩයෙනි.

ශ්‍රී ලංකා කණ්ඩායම සහ නෙදර්ලන්තය අතර පුහුණු තරගය අමෙරිකාවේ ලවුඩර්හිල්හිදී පැවැත්වීමට නියමිතය.

අද තරගය මෙරට වේලාවෙන් රාත්‍රී 8.00 ට ආරම්භ වීමට නියමිතව ඇත.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved