Connect with us

ක්‍රීඩා

ලංකාව සිම්බාබ්වේට පරදියි!

Published

on

සංචාරක සිම්බාබ්වේ කණ්ඩායම දෙවැනි විස්සයි විස්ස ක්‍රිකට් තරගය ශ්‍රී ලංකාව පරදා කඩුලු 04කින් ජය ගැනීමට අද (16) ආර්.ප්‍රේමදාස ක්‍රීඩාංගනයේදී සමත්විය.

එහිදී පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 06ක් දැවී ලකුණු 173ක් රැස් කළේය.

චරිත් අසලංක වේගවත් ඉනිමක් ක්‍රීඩා කරමින් ලකුණු 69 ක් ලබාගත් අතර ඇන්ජලෝ මැතිව්ස් නොදැවී ලකුණු 66ක් රැස් කළේය.

ඒ අනුව තරගය ජයගැනීමට සිම්බාබ්වේ කණ්ඩායමට හිමිවූ ඉලක්කය ලකුණු 174කි.

සිම්බාබ්වේ පිතිකරුවන් පන්දුවාර 19යි පන්දු 05ක් තුළ කඩුලු 06ක් දැවී තිබියදී ලකුණු 178ක් ලබා සිය ජයග්‍රහණය වාර්තා කළේය.

තරගයේ කාසියේ වාසිය දිනූ සිම්බාබ්වේ නායකයා ප්‍රථමයෙන් පන්දු යැවීමට තීරණය කර තිබුණි.

තරගය පැවැත්වුණේ කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී ය.

තරග 03කින් සමන්විත විස්සයි විස්ස තරගාවලියේ පළමු තරගය ශ්‍රී ලංකාව ජය ගත්තේය.

දෙරට අතර තුන්වන සහ අවසන් විස්සයි විස්ස තරගය අනිද්දා (18) පැවැත් වීමට නියමිතය.

ක්‍රීඩා

IPL අත්හිටුවයි

Published

on

By

ඉන්දීය ප්‍රිමියර් ලීග් (IPL) ක්‍රිකට් තරගාවලිය අත්හිටුවීමට එහි තරග සංවිධායකයින් තීරණය කර තිබේ.

ඉන්දියාව සහ පාකිස්තාන දේශසීමා ආසන්නයේ ඇතිවී තිබෙන යුද උණුසුම මධ්‍යයේ මෙම තීරණය ගෙන ඇති බව ක්‍රික් ඉන්ෆෝ වෙබ් අඩවිය වාර්තා කළේය. 

Continue Reading

ක්‍රීඩා

රෝහිත් ශර්මා ටෙස්ට් පිටියට සමුදෙයි

Published

on

By

ඉන්දීය ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායමේ නිත්‍ය නායක රෝහිත් ෂර්මා ජාත්‍යන්තර ටෙස්ට් ක්‍රිකට් පිටියට සමුදීමට තීරණය කර ඇත.

සිය තීන්දුව සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රකාශයට පත් කළ ශර්මා පවසා ඇත්තේ ටෙස්ට් සුදු ඇඳුමින් සැරසී සිය රට නියෝජනය කිරීමට ලැබීම ගෞරවයක් බවයි.

කෙසේවෙතත්, තමා තවදුරටත් එක්දින ජාත්‍යන්තර තරග වල ක්‍රීඩා කරන බවද ඔහු පවසා ඇත.

2024 වසරේ පැවති විස්සයි20 ලෝක කුසලානයෙන් අනතුරුව ඔහු T20 ජාත්‍යන්තර තරග බිමෙන්ද විශ්‍රාම ගියේය. 

මේ වනවිට 38වන වියේ පසුවන රෝහිත් ටෙස්ට් තරග 67ක ඉනිම් 116කදී ඉන්දියාව වෙනුවෙන් ක්‍රීඩාකර ඇත. එහිදී ලකුණු 4301ක් රැස්කර ඇති රෝහිත්, ශතක 12ක් හා අර්ධ ශතක 18ක් වාර්තාකර තිබේ.

Continue Reading

ක්‍රීඩා

එක්දින ශ්‍රේණිගත කිරීම්වල ශ්‍රී ලංකාව ඉදිරියට

Published

on

By

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය (ICC) ප්‍රකාශයට පත්කළ නවතම එක්දින කණ්ඩායම් ශ්‍රේණිගත කිරීම්වල ශ්‍රී ලංකාව 4 වන ස්ථානය දක්වා ඉහළට පැමිණ තිබේ.

අවසන් වරට ඉකුත් පෙබරවාරි මස සිදුකල ශ්‍රේණිගත කිරීම අනුව ශ්‍රී ලංකාව රැදී සිටියේ 5වන ස්ථානයේය.

මෙහි පෙරමුණ ඉන්දියාවට හිමිව ඇත.

ඊට අමතරව දෙවැනි ස්ථානය නවසීලන්තයටත්, තෙවන ස්ථානය  ඔස්ට්‍රේලියාවටත් හිමිව තිබේ.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved