Connect with us

ක්‍රීඩා

ලංකාව සුපිරි පන්දුවාරයෙන් තරගය ජය ගනියි; තරගයේ වීරයා චරිත් 

Published

on

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ නවසීලන්ත කණ්ඩායම අතර පැවති පළමු පන්දුවාර විස්සයි විස්ස ක්‍රිකට් තරගයේ ජය ශ්‍රී ලංකාව සතුවිය.

එහි ජය සුපිර පන්දුවාරයෙන් තීන්දු වූ අතර තරග 03කින් සමන්විත පන්දුවාර විස්සයි 20 ක්‍රිකට් තරගාවලියේ පළමු තරගය අද (02) මෙරට වේලාවෙන් පෙරවරු 6.30ට නවසීලන්තයේ ඔක්ලන්ඩ් හිදී ආරම්භ විය.

කාසියේ වාසිය දිනාගත් නවසීලන්ත කණ්ඩායමේ නායක ටොම් ලේතම් (Tom Latham) ඇරයුම අනුව පළමුව පන්දුවට පහරදීමේ අවස්ථාව හිමිවූයේ ශ්‍රී ලංකා කණ්ඩායමට යි.

ඒ අනුව නියමිත පන්දුවාර 20 අවසානයේ ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 05ක් දැවී ලකුණු 196ක් රැස් කළේය.

කුසල් ජනිත් පෙරේරා ශ්‍රී ලංකා ඉනිම වෙනුවෙන් නොදැවී ලකුණු 53ක් චරිත් අසලංක පන්දු 41කට මුහුණ දෙමින් ලකුණු 67ක් රැස් කළ අතර කුසල් මෙන්ඩිස් ලකුණු 25ක් රැස්කළේය.

තරගය ජය ගැනීම සඳහා නවසීලන්ත කණ්ඩායමට හිමිවී ඇති ඉලක්කය ලකුණු 197කි. 

ඒ අනුව පිටියට පිවිසි නවසීලන්ත කණ්ඩායම පන්දුවාර 20 අවසානයේ දී කඩුලු 08ක් දැවී ලකුණු 196ක් ලබා ගත්තා. 

ලකුණු සම වීමක් හේතුවෙන් සුපිරි පන්දුවාරයක් තීරණය විය.

ඒ අනුව නවසීලන්ත කණ්ඩායමෙන් පිටියට පිවිසියේ ටොම් ලේතම් (Tom Latham) සමගින් ඩැරිල් මිචෙල් (Daryl Mitchell) යි.

ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් සුපර් ඕවරයේ පන්දු යැවීමේ වගකීම හිමිවූයේ දඟ පන්දු ක්‍රීඩක මහීෂ් තීක්ෂණ හටයි.

මහීෂ් තීක්ෂණ ගේ දඟ පන්දු හමුවේ ටොම් ලැතම් ලකුණු 02ක් ද ඉන් පසුව පිටියට පිවිසි චැප්මන් සමග එක් වූ මිචෙල්  ගේ ලකුණු 06 ත් සමග ශ්‍රී ලංකාවට හිමි වූ ඉලක්කය පන්දු 06කට ලකුණු 09ක ඉලක්කයකුයි.

පන්දු 06කට ලකුණු 09ක් රැස් කිරීමේ භාරදූර වගකීම ශ්‍රී ලංකා කණ්ඩායමෙන් හිමිවූයේ කුසල් මෙන්ඩිස් සහ චරිත් අසලංක වෙතයි.පන්දු යැවීම් හිමි වූයේ ඇඩම් මිල්න් (Adam Milne) වෙතයි.

ඒ අනුව සුපිරි පන්දු වාරයේ දෙවැනි පන්දුවේ දී අකලංකගෙන් නවසීලන්තයට එදිරිව එල්ල වුයේ දැවැන්ත හයේ පහරත් සමග ශ්‍රී ලංකා කණ්ඩායම පළමු පන්දුවාර විස්සයි විස්ස ක්‍රිකට් තරගයේ ජය තමන් සතු කර ගන්නා ලදී. 

තරගයේ වීරයා වූයේ චරිත් අසලංක යි.

නවසීලන්ත කණ්ඩායම ටොම් ලේතම් (Tom Latham) ගේ නායකත්වය යටතේ පිළිවෙළින් චැඩ් බෝව්ස් (Chad Bowes),ටිම් සෙයිෆර්ට්(Tim Seifert), ඩැරල් මිචෙල්(Daryl Mitchell), මාර්ක් චැප්මන්(Mark Chapan),ජේම්ස් නීෂම්(James Neesham),රචින් රවීන්ද්‍ (Rachin Ravindra),ඇඩම් මිල්න්(Adam Milne),හෙන්රි ෂිප්ලි(Henry Shipley),ඉෂ් සෝදි(Ish Sodhi),බෙන් ලිස්ටර්(Ben Lister) තරගය නියෝජනය කරයි.

ශ්‍රී ලංකා කණ්ඩායම නායක දසුන්ගේ නායකත්වය යටතේ කුසල් මෙන්ඩිස්, කුසල් පෙරේරා, ධනංජය ද සිල්වා, පැතුම් නිස්සංක, චරිත් අසලංක, වනිඳු හසරංග, චාමික කරුණාරත්න, මහීෂ් තීක්ෂණ, දිල්ෂාන් මධුෂංක, ප්‍රමෝද් මධුෂාන් තරගය නියෝජනය කරයි.දීර්ඝ් කාලයක් ආබායකට ලක්ව සිටි කුසල් ජනිත් පෙරේරා සැත්කමෙන් පසුව එක්වන පළමු T20 තරගය ද අදයි.

ක්‍රීඩා

T10 තරග පාවා දීමේ සිදුවීමට ගෝල් මාර්වල්ස් හිමිකරු ප්‍රේම් තක්කාර්ට අත්හිටවූ සිර දඬුවම්

Published

on

By

ක්‍රීඩා සම්බන්ධ වැරදි වැළැක්වීමේ පනත යටතේ තරඟ පාවාදීමේ චෝදනාවකට වරද පිළිගත්, ලංකා T10 ලීගයේ ගෝල් මාර්වල්ස් කණ්ඩායමේ හිමිකරු වූ ඉන්දියානු ජාතික ප්‍රේම් තක්කාර්ට වසර 10කට අත්හිටවූ වසර දෙකක සිර දඬුවමක් නියම කර තිබේ.

මේ අතර තක්කාර්ට රුපියල් මිලියන 6ක දඩයක් ද නියම කර ඇති අතර, රුපියල් මිලියන 1ක වන්දියක් ගෙවීමට ද මහනුවර මහාධිකරණය නියෝග කර ඇත.

ඊට අමතරව, අඛණ්ඩ විමර්ශනවල කොටසක් ලෙස තක්කාර්ගේ ජංගම දුරකථනයෙන් දත්ත බාගත කර පරීක්ෂා කරන ලෙස ICC දූෂණ විරෝධී ඒකකය කළ ඉල්ලීමක් මහනුවර මහාධිකරණය විසින් අනුමත කරන ලදී.

ඉකුත් 2024 වසරේ දෙසැම්බර් මාසයේ දී ලංකා T10 ලීගය අතරතුර ගාලු මාර්වල්ස් සම්බන්ධ වූ තරඟයක ප්‍රතිඵලයට බලපෑම් කිරීම සඳහා බටහිර ඉන්දීය කොදෙව් ක්‍රිකට් ක්‍රීඩක අන්ඩ්‍රෙ ෆ්ලෙචර්ට උපදෙස් ලබා දීමෙන්, තක්කාර් තරග පාවා දීමට උත්සාහ කළ බවට නීතිපතිවරයා මෙම වසර මුලදී අධිචෝදනා ගොනු කලේය.

සබැඳි පුවත්

Continue Reading

ක්‍රීඩා

IPL තරගයේ පළමු සුදුසුකම් ලැබීමේ තරගය අද

Published

on

By

2025 ඉන්දීය ප්‍රිමියර් ලීග් පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගාවලියේ පළමු සුදුසුකම් ලැබීමේ තරගය අද(29) පැවැත්වේ.

ඒ පංජාබ් කිංග්ස් සහ රෝයල් චැලේන්ජර්ස් බැංග්ලෝර් කණ්ඩායම් අතරයි.

අද තරගය ජය ගන්නා කණ්ඩායම තරගාවලියේ අවසන් මහා තරගයේ සිය ස්ථානය තහවුරු කර ගන්නා පළමු කණ්ඩායම බවට පත්වනු ඇත.

ඉන්දියාවේ මුල්ලාන්පූර්හිදි පැවැත්වෙන අද තරගය මෙරට වෙලාවෙන් රාත්‍රී 07.30ට ආරම්භ කිරීමට සැලසුම් කර තිබේ.

Continue Reading

ක්‍රීඩා

කොරියාවේදී ලංකාවේ නම බැබලවූ කාලිංග

Published

on

By

දකුණු කොරියාවේ පැවැත්වෙන 26වන ආසියානු මලල ක්‍රීඩා ශූරතාවලියේදී අද (28) පැවති මීටර් 400 ඉසව්වේ ලෝකඩ පදක්කම ශ්‍රී ලංකාවේ කාලිංග කුමාරගේට හිමිවී තිබේ .
තරගය අවසන්කිරීම සඳහා ඔහු තත්. 45.55ක දක්ෂතාවක් දැක්වූ බව සඳහන් වේ .

තත්. 45.33කින් මෙම ඉසව්ව අවසන්කළ කටාර් රාජ්‍යයේ අමර් ඊබ්‍රහිම් විසින් මෙහි රන් පදක්කම දිනාගෙන තිබේ .

එමෙන්ම රිදී පදක්කම ජපානයේ කෙන්ටාරෝ සාටෝ දිනාගත් අතර, ඔහු තත් 45.50කින් තරගය අවසන් කර ඇත .

ඊයේ (27) ආරම්භ වූ මෙම ශූරතාවලිය එළැඹෙන 31වනදා දක්වා දකුණු කොරියාවේ ගුමි හිදී පැවැත්වේ .

1973 වසරේදී ආරම්භ වූ මෙයට දකුණු කොරියාව සත්කාරකත්වය දක්වන තෙවන අවස්ථාව මෙයයි. මීට පෙර 1975 සහ 2005 වර්ෂන්හිදී ඔවුන් සත්කාරකත්වය ලබාදී තිබේ.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved