Connect with us

ක්‍රීඩා

ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම අයර්ලන්තයට

Published

on

එක්දින තරග 03කින් හා විස්සයි20 තරග 02කින් යුත් ක්‍රිකට් තරගාවලියක් සඳහා ආසියානු ශූර ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම මේ මස 06 වනදා අයර්ලන්තයේ සංචාරක නිරත වීමට නියමිතව ඇත.

මෙය ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමක් අයර්ලන්තයේ සංචාරයක නිතර වන පළමු අවස්ථාවද වෙයි.

ශ්‍රී ලංකාව හා අයර්ලන්තය අතර මේ දක්වා (2007 – 2023) එක්දින ජාත්‍යන්තර තරග 05ක් පැවැත් වී ඇති අතර, එම සියලුම තරග ශ්‍රී ලංකාව ජයගෙන ඇත.

එමෙන්ම දෙරට අතර මේ දක්වා (2009 – 2022) විස්සයි20 තරග 03ක්ද පැවැත්වී ඇති අතර, ඒ සියල්ලම ජයගෙන ඇත්තේද ශ්‍රී ලංකාවයි.

දෙරට අතර පළමුව විස්සයි20 තරගාවලිය පැවැත්වෙන අතර, එය මේ මස 11 හා 13 දිනවලදී ඩබ්ලින් හා බෙල්ෆාස්ට්හිදී පැවැත්වීමට නියමිතව ඇත.

ඉන් අනතුරුව එක්දින තරගාවලිය ආරම්භ වන අතර, එම තරග මේ මස 16, 18 හා 20 දිනවලදී පැවැත්වේ. මෙහි සියලුම තරග බෙල්ෆාස්ට්හිදී පැවැත්වීමට සැලසුම් කර ඇත.

එක්දින තරගාවලිය කණ්ඩායම් 10ක සහභාගිත්වයෙන් පැවැත්වෙන 2022-2025 අයි.සී.සී. කාන්තා ශූරතාවලිය යටතේද පැවැත්වේ.

මෙම අයි.සී.සී. කාන්තා ක්‍රිකට් ශූරතාවේ මේ දක්වා පැවැති තරග අනුව ශ්‍රී ලංකාවට ප්‍රසාද ලකුණු සටහනේ 05වැනි ස්ථානය හිමිව ඇත.

ඔවුන් මේ දක්වා තරග 21කට ක්‍රීඩාකර ඉන් තරග 08ක් ජයගෙන ඇති අතර, තරග 09ක් පරාජය වී ඇත.

කෙසේ නමුත් අයර්ලන්ත කණ්ඩායම පසුවන්නේ මෙහි අවසන් ස්ථානයේය. මේ දක්වා තරග 12කට සහභාගි වී ඇති ඔවුන්, ඉන් තරග 10ක්ම පරාජය වී ඇත.

ක්‍රීඩා

ටෙස්ට් තරඟයේ ජය ශ්‍රී ලංකාවට

Published

on

By

සංචාරක බංග්ලාදේශ කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවති දෙවන ටෙස්ට් තරගයෙන් ශ්‍රී ලංකා පිල ජයග්‍රහණය කර තිබේ.

එහිදී ශ්‍රී ලංකා පිල ඉනිමක් සහ ලකුණු 78කින් එම තරගයේ ජය ගැනීමට සමත් විය.

ඒ අනුව තරග දෙකකින් සමන්විත වූ මෙම තරගය 1-0ක් ලෙස ශ්‍රී ලංකාවට ජය හිමි විය.

SSC ක්‍රීඩාංගණයේදී පැවැති මෙම තරගයේ සිව්වද දින වූ අද (28) දින උදෑසන බංග්ලාදේශය සිය දෙවැනි ඉනිම ආරම්භ කළ අතර එහිදී ඔවුන් කඩුලු 6ක් දැවී ලකුණු 115ක් රැස් කරගෙන සිටියේය. 

ඒ අනුව ඔවුන්ට සිය දෙවන ඉනිම සඳහා රැස්කරගත හැකි වූයේ සියලු දෙනා දැවී ලකුණු 133ක් පමණි.

මෙම තරගයේදී කිසිදු බංග්ලාදේශ පිතිකරුවෙකුට ලකුණු 30 සීමාව ඉක්මවා යාමට හැකියාවක් නොලැබුණු අතර වැඩිම ලකුණු ලාභියා වූයේ මුෂ්ෆිකර් රහීම් වන අතර ඔහු රැස් කරගත් ලකුණු සංඛ්‍යාව 26කි.

මෙහිදී ප්‍රභාත් ජයසූරිය ලකුණු 56කට කඩුලු 5ක් දවා ගැනීමට සමත්වූ අතර නායක ධනංජය ද සිල්වා සහ තරිඳු රත්නායක කඩුලු 2 බැගින් දවා ගත්තේය.

Continue Reading

ක්‍රීඩා

පැතුම් 150 පසුකරයි

Published

on

By

බංග්ලාදේශයට එරෙහිව විශිෂ්ට ඉනිමක් ක්‍රීඩාකරමින් සිටින පැතුම් නිස්සංක මීට සුළු වේලාවකට පෙර ලකුණු 150 සීමාව පසුකිරීමට සමත් විය.

ඒ අනුව ඔහු නොකඩවා ටෙස්ට් තරග දෙකකදී මේ වනවිට ලකුණු 150 සීමාව පසුකර ඇත.

පන්දු 242කට මුහුණදෙමින් ඔහු මෙම කඩඉම පසුකර ගිය අතර, ඔහුගේ ඉනිමේ හතරේ පහර 18ක්ද ඇතුළත් වෙයි.

ශ්‍රී ලංකා කණ්ඩායම මේ වනවිට කඩුලු 2කට ලකුණු 296ක් රැස්කරගෙන සිටින අතර, පැතුම් සමගින් අනෙක් අන්තයේ රැඳී සිටින ප්‍රබාත් ජයසූරිය පන්දු 23කට මුහුණදී ලකුණු 6ක් රැස්කරගෙන සිටියි.

දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ තෙවන දිනට අද තරගය ආරම්භ කරන විට ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 2ක් දැවී ලකුණු 290ක් රැස්කරගෙන සිටි අතර, ඒ වනවිට පැතුම් ලකුණු 146ක් ලබාගෙන තිබුණි.

Continue Reading

ක්‍රීඩා

කාසියේ වාසිය බංග්ලාදේශයට

Published

on

By

ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ කාසිය වාසිය දිනා ගැනීමට බංග්ලාදේශ කණ්ඩායම සමත් විය.

ඔවුන් පළමුවෙන් පන්දුවට පහරදීමට තීරණය කර තිබේ.

ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් සොනාල් දිනූෂ කණ්ඩායමට කැඳවා ඇත.

තරගය පැවැත්වෙන්නේ කොළඹ SSC ක්‍රිකට් ක්‍රීඩාංගණයේදීය.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved