Connect with us

ක්‍රීඩා

ලෝක කුසලාන අවසන් තරගය අද

Published

on

2023 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ තීරණාත්මක අවසන් මහා තරගය අද (19) සත්කාරක ඉන්දියාව සහ ප්‍රභල ඔස්ට්‍රේලියාව පැවැත් වේ.

කණ්ඩායම් 10ක සහභාගීත්වයෙන් මෙවර ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය පසුගිය ඔක්තෝබර් 5වැනිදා ඉන්දියාවේ අහමදාබාද්හි නරේන්ද්‍ර මෝදි ක්‍රීඩාංගණයේදී ආරම්භ විය.

මූලික වටයේ තරග 43ක් අවසානයේ, අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගත් පළමු කණ්ඩායම ලෙස  නවසීලන්තය සමග පැවැති පළමු අවසන් පූර්ව තරගය ජය ගත් රෝහිත් ශර්මාගේ නායකත්වයෙන් යුත් අපරාජිත ඉන්දීය කණ්ඩායම සිය ස්ථානය වෙන්කර ගැනීමට සමත් විය.

මෙවර තරගාවලියේ සිටින එකම අපරාජිත කණ්ඩායම වන ඉන්දියාව අද මුහුණ දෙන්නේ  සිය සිව්වැනි ලෝක කුසලාන එක්දින අවසන් මහා තරගයටයි.

ලෝක කුසලාන ඉතිහාසයේ අවස්ථා 5කදී,  කුසලානය දිනා ගැනීමේ ගෞරවය තමන් සතුකරගෙන සිටින ඔස්ට්‍රේලියාව මෙවර අවසන් මහා තරගයට සුදුසුකම් ලැබුවේ අවසන් පූර්ව තරගයේදී දකුණු අප්‍රිකාව පරාජය කරමිනි.

පැට් කමින්ස්ගේ නායකත්වයෙන් යුත් ඔස්ට්‍රේලියාව මෙවර තරගාවලියේ ක්‍රීඩා කළ පළමු තරග 2ම පරාජය විය.

ඉතිරි තරග සියල්ල ජය ගත් ඔවුන් මෙවර එක්වන්නේ ඔවුන් ක්‍රීඩා කරන 8වැනි ලෝක කුසලාන අවසන් මහා තරගයටයි.

අහමදාබාද්හි, නරේන්ද්‍ර මෝදි ක්‍රීඩාංගණයේ අද පැවැත්වෙන තරගය නැරඹීම සඳහා ඊයේ සිටම ක්‍රීඩාපිටිය අවට ප්‍රේක්ෂකයින් පැමිණ සිටින ආකාරය විදෙස් මාධ්‍ය වාර්තා කළේ ය.

තරගය වෙනුවෙන් ක්‍රීඩා පිටිය අවට විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක්ද ක්‍රියාත්මකයි.

ලෝක ශූරයින් තීරණය වන තීරණාත්මක අවසන් මහා තරගය ශ්‍රී ලංකා වේලාවෙන් අද  පස්වරු 2ට ආරම්භ වීමට නියමිතයි.

ක්‍රීඩා

IPL අත්හිටුවයි

Published

on

By

ඉන්දීය ප්‍රිමියර් ලීග් (IPL) ක්‍රිකට් තරගාවලිය අත්හිටුවීමට එහි තරග සංවිධායකයින් තීරණය කර තිබේ.

ඉන්දියාව සහ පාකිස්තාන දේශසීමා ආසන්නයේ ඇතිවී තිබෙන යුද උණුසුම මධ්‍යයේ මෙම තීරණය ගෙන ඇති බව ක්‍රික් ඉන්ෆෝ වෙබ් අඩවිය වාර්තා කළේය. 

Continue Reading

ක්‍රීඩා

රෝහිත් ශර්මා ටෙස්ට් පිටියට සමුදෙයි

Published

on

By

ඉන්දීය ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායමේ නිත්‍ය නායක රෝහිත් ෂර්මා ජාත්‍යන්තර ටෙස්ට් ක්‍රිකට් පිටියට සමුදීමට තීරණය කර ඇත.

සිය තීන්දුව සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රකාශයට පත් කළ ශර්මා පවසා ඇත්තේ ටෙස්ට් සුදු ඇඳුමින් සැරසී සිය රට නියෝජනය කිරීමට ලැබීම ගෞරවයක් බවයි.

කෙසේවෙතත්, තමා තවදුරටත් එක්දින ජාත්‍යන්තර තරග වල ක්‍රීඩා කරන බවද ඔහු පවසා ඇත.

2024 වසරේ පැවති විස්සයි20 ලෝක කුසලානයෙන් අනතුරුව ඔහු T20 ජාත්‍යන්තර තරග බිමෙන්ද විශ්‍රාම ගියේය. 

මේ වනවිට 38වන වියේ පසුවන රෝහිත් ටෙස්ට් තරග 67ක ඉනිම් 116කදී ඉන්දියාව වෙනුවෙන් ක්‍රීඩාකර ඇත. එහිදී ලකුණු 4301ක් රැස්කර ඇති රෝහිත්, ශතක 12ක් හා අර්ධ ශතක 18ක් වාර්තාකර තිබේ.

Continue Reading

ක්‍රීඩා

එක්දින ශ්‍රේණිගත කිරීම්වල ශ්‍රී ලංකාව ඉදිරියට

Published

on

By

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය (ICC) ප්‍රකාශයට පත්කළ නවතම එක්දින කණ්ඩායම් ශ්‍රේණිගත කිරීම්වල ශ්‍රී ලංකාව 4 වන ස්ථානය දක්වා ඉහළට පැමිණ තිබේ.

අවසන් වරට ඉකුත් පෙබරවාරි මස සිදුකල ශ්‍රේණිගත කිරීම අනුව ශ්‍රී ලංකාව රැදී සිටියේ 5වන ස්ථානයේය.

මෙහි පෙරමුණ ඉන්දියාවට හිමිව ඇත.

ඊට අමතරව දෙවැනි ස්ථානය නවසීලන්තයටත්, තෙවන ස්ථානය  ඔස්ට්‍රේලියාවටත් හිමිව තිබේ.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved