Connect with us

ක්‍රීඩා

ලෝක කුසලාන තරාවලියේ පළමු අවස්න පූර්ව තරගය අද 

Published

on

එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ පළමු අවසන් පූර්ව තරගය අද (15) සත්කාරක ඉන්දීය කණ්ඩායම සහ ප්‍රබල නවසීලන්ත කණ්ඩායම අතර මුම්බායි හී වංකඩේ ක්‍රීඩා පිටියේදී පැවැත් වේ.

එම තරගය ශ්‍රී ලංකා වේලාවෙන් අද පස්වරු 2.00ට ආරම්ඊවීමට නියමිතය.

ඉන්දීය කණ්ඩායම මෙවර එක්දින ලෝක කුසලාන තරගාවලියේ එකදු තරගයක් හෝ පරාජයට පත්නොවී අපරාජිතව සිටින කණ්ඩායමයි.

ක්‍රීඩා

මැතිව්ස් ටෙස්ට් පිටියට සමුදෙයි

Published

on

By

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ජ්‍යේෂ්ඨම ක්‍රිකට් ක්‍රීඩකයා වන ඇන්ජලෝ මැතිව්ස් ජාත්‍යන්තර ටෙස්ට් ක්‍රිකට් පිටියට සමුදීමට තීරණය කර ඇත.

සිය සමාජ මධ්‍ය ගිණුම් සටහනක් තබමින් පවසා ඇත්තේ එළැඹෙන ජුනි මාසයේදී බංග්ලාදේශයට එරෙහිව පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයෙන් පසු තමන් මෙම තීරණය ක්‍රියාත්මක කරන බවය.

කෙසේ නමුත් එම දැනුම්දීම සිදුකරමින් ඔහු පවසා ඇත්තේ, සීමිත පන්දුවාර තරග සඳහා තම සහාය අවශ්‍ය ඕනෑම අවස්ථාවක ඒ සඳහා තමන් සූදනම් බවයි.

2009 වසරේදී පාකිස්තානයට එරෙහිව ටෙස්ට් වරම් හිමිකරගත් මැතිව්ස්, ශ්‍රී ලංකාව වෙනුවෙන් වැඩිම ටෙස්ට් ලකුණු ලබාගත් පිතිකරුවන් අතර තෙවන ස්ථානයේ රැඳී සිටියි.

කුමාර් සංගක්කාර (12,400) හා මහේල ජයවර්ධනට (11,814) පමණක් පසුපසින් සිටින ඔහු ටෙස්ට් ලකුණු 8,167ක් රැස්කර ඇත.

මේ වනවිට 37 වියේ පසුවන මැතිව්ස්, ශතක 16ක් හා අර්ධ ශතක 45කට හිමිකම් කියයි

Continue Reading

ක්‍රීඩා

මුම්බායි ඉන්දියන්ස් අවසන් පූර්ව වටයට

Published

on

By

ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගැනීමට මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම ඊයේ(21) සමත්විය.

ඒ දිල්ලි කැපිටල්ස් කණ්ඩායමට එරෙහිව පැවති තරගය ජය ගැනීමත් සමගිනි

තරගයේ ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම විසින් නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 5ක් දැවී ලකුණු 180ක් ලබා ගන්නා ලදී.

සූර්ය කුමාර් යාදෙව් පන්දු 43ක දී ලකුණු 73ක් රැස්කළේ 6 පහර 4ක් සහ 4 පහර 7ක් සමගිනි.

පිළිතුරු ඉණිම ක්‍රීඩා කළ දිල්ලි කැපිටල්ස් කණ්ඩායමට පන්දුවාර 18යි පන්දු දෙකකදී සියලුදෙනා දැවී රැස්කර ගත හැකිවුයේ ලකුණු 121ක් පමණි.

පන්දු යැවිමේදී මිචෙල් සැන්ට්නර් හා ජස්ප්‍රිට් බුම්රා කඩුලු 3 බැගින් බිද හෙලීය.

Continue Reading

ක්‍රීඩා

චරිත් අසලංක මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම සමඟ එක්වෙයි

Published

on

By

ශ්‍රී ලංකා එක්දින ක්‍රිකට් කණ්ඩායමේ නායක චරිත් අසලංක ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම සමග ගිවිසුම්ගත වී තිබේ.

ඒ තරගාවලි අතරතුර කණ්ඩායමෙන් ඉවත් වූ කෝබින් බෝශ් වෙනුවටය.

ඒ අනුව මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම හා එක්වන චරිත් අසලංකට ඉන්දියානු රුපියල් ලක්ෂ 75ක මිලක් මුම්බායි කලමණාකාරිත්වය විසින් නියමකර තිබේ.

එම මුදල ශ්‍රී ලංකා රුපියල්වලින් මිලියන 26.4ක් පමණ වේ.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved