Connect with us

ක්‍රීඩා

වනිඳු – ඉනෝකා ICC විස්සයි20 කණ්ඩායම්වලට නම්වෙයි

Published

on

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ වාර්ෂිකව ප්‍රකාශයට  පත්කරන (ICC) වසරේ පිරිමි සහ කාන්තා විස්සයි20 කණ්ඩායම් වලට ශ්‍රී ලංකා ක්‍රිකට් තුන් ඉරියව් ක්‍රිඩක වනිඳු හසරංග හා වමතින් දඟ පන්දු යවන ඉනෝකා රණවීර නම්කර  තිබේ.

මෙවර ලෝක කුසලානය ජයග්‍රහණය කළ එංගලනත් කණ්ඩායමේ නායක ජෝස් බට්ලර් අයි.සී.සි. විස්සයි20 කණ්ඩායමේ නායකත්වයට නම්කර තිබේ. තරගාවලියේ වීරයා වූ සෑම් කරන්ද කණ්ඩායමට නම්ව තිබේ.

අවසන් මහ තරගයට ක්‍රීඩා කළ පාකිස්තාන කණ්ඩායමේ ආරම්භක පිතිකරු මොහොමඩ් රිස්වාන් සහ හරිස් රවුෆ් යන ක්‍රීඩකයින්ද ඉන්දීය කණ්ඩායමේ විරාත් කෝලි, සූර්යකුමාර් යාදව් සහ හර්දික් පාණ්ඩ්‍යා , නවසීලන්ත ක්‍රීඩක ග්ලෙන් ෆිල්ප්ස්, සිම්බාබ්වේ ක්‍රීඩක සිකන්දර් රාසා සහ අයර්ලන්තයේ ජොෂ් ලිට්ල් කණ්ඩායමට නම්ව තිබේ.

වසරේ කාන්තා කණ්ඩායමට ඔස්ට්‍රේලියාවේ බෙත් මූනි, ඈෂ් ගාඩ්නර්, තහිලා මැග්‍රාත් නම්ව ඇති අතර කාන්තා කණ්ඩායම් නායකත්වයට නවසීලන්තයේ සොෆී ඩිවයින් නම්ව තිබේ. මීට අමතරව ඉන්දියාවේ ස්මිත්‍රි මන්දනා, දීප්ති ශර්මා, රිචා ගෝෂ්, රේණුකා සිං, පාකිස්තානයේ නිඩා ඩාර් හා එංගලන්ත ක්‍රීඩකා සොෆී එක්ලෙස්ටන් නම්ව තිබේ.

(අද)

ක්‍රීඩා

IPL අත්හිටුවයි

Published

on

By

ඉන්දීය ප්‍රිමියර් ලීග් (IPL) ක්‍රිකට් තරගාවලිය අත්හිටුවීමට එහි තරග සංවිධායකයින් තීරණය කර තිබේ.

ඉන්දියාව සහ පාකිස්තාන දේශසීමා ආසන්නයේ ඇතිවී තිබෙන යුද උණුසුම මධ්‍යයේ මෙම තීරණය ගෙන ඇති බව ක්‍රික් ඉන්ෆෝ වෙබ් අඩවිය වාර්තා කළේය. 

Continue Reading

ක්‍රීඩා

රෝහිත් ශර්මා ටෙස්ට් පිටියට සමුදෙයි

Published

on

By

ඉන්දීය ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායමේ නිත්‍ය නායක රෝහිත් ෂර්මා ජාත්‍යන්තර ටෙස්ට් ක්‍රිකට් පිටියට සමුදීමට තීරණය කර ඇත.

සිය තීන්දුව සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රකාශයට පත් කළ ශර්මා පවසා ඇත්තේ ටෙස්ට් සුදු ඇඳුමින් සැරසී සිය රට නියෝජනය කිරීමට ලැබීම ගෞරවයක් බවයි.

කෙසේවෙතත්, තමා තවදුරටත් එක්දින ජාත්‍යන්තර තරග වල ක්‍රීඩා කරන බවද ඔහු පවසා ඇත.

2024 වසරේ පැවති විස්සයි20 ලෝක කුසලානයෙන් අනතුරුව ඔහු T20 ජාත්‍යන්තර තරග බිමෙන්ද විශ්‍රාම ගියේය. 

මේ වනවිට 38වන වියේ පසුවන රෝහිත් ටෙස්ට් තරග 67ක ඉනිම් 116කදී ඉන්දියාව වෙනුවෙන් ක්‍රීඩාකර ඇත. එහිදී ලකුණු 4301ක් රැස්කර ඇති රෝහිත්, ශතක 12ක් හා අර්ධ ශතක 18ක් වාර්තාකර තිබේ.

Continue Reading

ක්‍රීඩා

එක්දින ශ්‍රේණිගත කිරීම්වල ශ්‍රී ලංකාව ඉදිරියට

Published

on

By

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය (ICC) ප්‍රකාශයට පත්කළ නවතම එක්දින කණ්ඩායම් ශ්‍රේණිගත කිරීම්වල ශ්‍රී ලංකාව 4 වන ස්ථානය දක්වා ඉහළට පැමිණ තිබේ.

අවසන් වරට ඉකුත් පෙබරවාරි මස සිදුකල ශ්‍රේණිගත කිරීම අනුව ශ්‍රී ලංකාව රැදී සිටියේ 5වන ස්ථානයේය.

මෙහි පෙරමුණ ඉන්දියාවට හිමිව ඇත.

ඊට අමතරව දෙවැනි ස්ථානය නවසීලන්තයටත්, තෙවන ස්ථානය  ඔස්ට්‍රේලියාවටත් හිමිව තිබේ.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved