Connect with us

ක්‍රීඩා

වනිඳු කැරිබියන් ප්‍රිමියර් ලීග් තරගාවලියට

Published

on

2024 කැරිබියන් ප්‍රිමියර් ලීග් තරගාවලියේ සෙන්ට් කිට්ස් සහ නෙවිස් පෙට්‍රියට්ස් කණ්ඩායමේ වෙනස්කම් කිහිපයක් සිදුව තිබේ.

එම කණ්ඩායමෙන් ලද කැඳවීමක් අනුව ශ්‍රී ලංකා කණ්ඩායමේ දඟ පන්දුයවන ක්‍රීඩක වනිඳු හසරංගට 2024 කැරිබියන් ප්‍රිමියර් ලීග් තරගාවලිය සඳහා සහභාගී වීමේ අවස්ථාව හිමිව ඇති බව සඳහන්ය.

ඒ එම කණ්ඩායමේ ආබාධයකට ලක්ව සිටින සිකන්දර් රාසා ගේ අඩුව පිරවීම සඳහාය.

ක්‍රීඩා

විශේෂ පුහුණු සැසියක් වෙනුවෙන්  භාරත් අරුන් ශ්‍රී ලංකාවට

Published

on

By

ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේ හිටපු වේගපන්දු පුහුණුකරුවෙකු වන භාරත් අරුන් දින 14ක විශේෂ පුහුණු සැසියක් සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් සමග එක් වී තිබේ.

මෙම පුහුණු සැසිය අද (02) සිට එළඹෙන 16 වැනිදා පැවැත්වීමට නියමිත ය.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ විශේෂ ආරාධනයක් මත ඔහු මෙම පුහුණු සැසිය සඳහා එක්ව ඇති අතර එහිදී ශ්‍රී ලංකා ක්‍රිකට් ඉහළ කාර්ය සාධන මධ්‍යස්ථානයේ කනිෂ්ඨ සහ ජ්‍යෙෂ්ඨ සංචිතවල ශ්‍රී ලංකා වේග පන්දු යවන්නන්ගේ ප්‍රමිතීන් තවදුරටත් ඉහළ නැංවීම අපේක්ෂා කරනු ලබයි.

ඔහු මෙහි රැඳී සිටින කාලයේදී ශ්‍රී ලංකා ජාතික පිරිමි සහ කාන්තා කණ්ඩායම්, කාන්තා ‘ඒ’ කණ්ඩායම, වයස අවුරුදු 19 න් පහළ පිරිමි කණ්ඩායම, ඉහළ කාර්ය සාධන මධ්‍යස්ථානයේ පුහුණුකරුවන්, ක්‍රීඩා සමාජ සහ පළාත් පුහුණුකරුවන් මෙන්ම විශේෂඥ පුහුණුකරුවන් සමග ද කටයුතු කරනු ඇත.

Continue Reading

ක්‍රීඩා

T10 තරග පාවා දීමේ සිදුවීමට ගෝල් මාර්වල්ස් හිමිකරු ප්‍රේම් තක්කාර්ට අත්හිටවූ සිර දඬුවම්

Published

on

By

ක්‍රීඩා සම්බන්ධ වැරදි වැළැක්වීමේ පනත යටතේ තරඟ පාවාදීමේ චෝදනාවකට වරද පිළිගත්, ලංකා T10 ලීගයේ ගෝල් මාර්වල්ස් කණ්ඩායමේ හිමිකරු වූ ඉන්දියානු ජාතික ප්‍රේම් තක්කාර්ට වසර 10කට අත්හිටවූ වසර දෙකක සිර දඬුවමක් නියම කර තිබේ.

මේ අතර තක්කාර්ට රුපියල් මිලියන 6ක දඩයක් ද නියම කර ඇති අතර, රුපියල් මිලියන 1ක වන්දියක් ගෙවීමට ද මහනුවර මහාධිකරණය නියෝග කර ඇත.

ඊට අමතරව, අඛණ්ඩ විමර්ශනවල කොටසක් ලෙස තක්කාර්ගේ ජංගම දුරකථනයෙන් දත්ත බාගත කර පරීක්ෂා කරන ලෙස ICC දූෂණ විරෝධී ඒකකය කළ ඉල්ලීමක් මහනුවර මහාධිකරණය විසින් අනුමත කරන ලදී.

ඉකුත් 2024 වසරේ දෙසැම්බර් මාසයේ දී ලංකා T10 ලීගය අතරතුර ගාලු මාර්වල්ස් සම්බන්ධ වූ තරඟයක ප්‍රතිඵලයට බලපෑම් කිරීම සඳහා බටහිර ඉන්දීය කොදෙව් ක්‍රිකට් ක්‍රීඩක අන්ඩ්‍රෙ ෆ්ලෙචර්ට උපදෙස් ලබා දීමෙන්, තක්කාර් තරග පාවා දීමට උත්සාහ කළ බවට නීතිපතිවරයා මෙම වසර මුලදී අධිචෝදනා ගොනු කලේය.

සබැඳි පුවත්

Continue Reading

ක්‍රීඩා

IPL තරගයේ පළමු සුදුසුකම් ලැබීමේ තරගය අද

Published

on

By

2025 ඉන්දීය ප්‍රිමියර් ලීග් පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගාවලියේ පළමු සුදුසුකම් ලැබීමේ තරගය අද(29) පැවැත්වේ.

ඒ පංජාබ් කිංග්ස් සහ රෝයල් චැලේන්ජර්ස් බැංග්ලෝර් කණ්ඩායම් අතරයි.

අද තරගය ජය ගන්නා කණ්ඩායම තරගාවලියේ අවසන් මහා තරගයේ සිය ස්ථානය තහවුරු කර ගන්නා පළමු කණ්ඩායම බවට පත්වනු ඇත.

ඉන්දියාවේ මුල්ලාන්පූර්හිදි පැවැත්වෙන අද තරගය මෙරට වෙලාවෙන් රාත්‍රී 07.30ට ආරම්භ කිරීමට සැලසුම් කර තිබේ.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved