Connect with us

ක්‍රීඩා

වනිඳු යළිත් අංක 1ට

Published

on

පසුගිය 19 වැනි දා යාවත්කාලීන කරන ලද ICC විස්සයි 20 පන්දු යවන්නන්ගේ නවතම ශ්‍රේණිගත කිරීම්වල පළමු ස්ථානයට පැමිණීමට ශ්‍රී ලංකා සුපිරි දඟපන්දු යවන ක්‍රීඩක වනිඳු හසරංග සමත්ව තිබේ.

ප්‍රසාද ලකුණු 695ක් ලබා ගනිමින් ප්‍රථම ස්ථානයට පැමිණ ඇති වනිඳු හසරංගට දෙවැනි වී සිටින්නේ ඇෆ්ගනිස්ථාන ක්‍රීඩක රශීඩ් ඛාන් වන අතර තෙවැනි ස්ථානයේ රැඳී සිටින්නේ එංගලන්ත කණ්ඩායමේ දඟ පන්දු යවන ක්‍රීඩක ආදිල් රෂීඩ්.

මේ අතර විස්සයි 20 තුන් ඉරියව් ක්‍රීඩක ශ්‍රේණිගත කිරීම්වල ද වනිඳු හසරංග 4 වැනි ස්ථානයේ රැඳී සිටින අතර ඔහු එක්දින තුන් ඉරියව් ක්‍රීඩක ශ්‍රේණිගත කිරීම්වල 7 වැනි ස්ථානයේ රැඳී සිටියි.

මීට අමතරව අයි සී සී ශ්‍රේණිගත කිරීම්වල පළමු දස දෙනා අතර රැඳුණු එක ම ශ්‍රී ලාංකික ක්‍රීඩකයා වන්නේ ධනංජය සිල්වාය. ඔහු එක්දින තුන් ඉරියව් ශ්‍රේණිගත කිරීමේ සටහනේ, 10 වැනි ස්ථානයේ රැඳී සිටියි.

ක්‍රීඩා

48 වැනි මස්ටැංග්ස් කුසලානය රාජකීයන්ට

Published

on

By

කොළඹ රාජකීය සහ ගල්කිස්ස ශාන්ත තෝමස් විද්‍යාල අතර පැවැති 48 වැනි මස්ටැංග්ස් කුසලාන වාර්ෂික එක්දින තරගයෙන් කඩුලු 04ක ජයක් වාර්තා කිරීමට කොළඹ රාජකීය විද්‍යාලය අද (15) සමත් විය.

පළමුවෙන් පන්දුවට පහරදුන් ගල්කිස්ස ශාන්ත තෝමස් විද්‍යාලය පන්දුවාර 49යි එක් පන්දුවක් අවසානයේ සියලුදෙනා දැවී රැස් කළ ලකුණු 220ක් පමණි.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ කොළඹ රාජකීය විද්‍යාලය පන්දුවාර 46යි පන්දු 4ක් අවසානයේ කඩුලු 6ක් දැවී ලකුණු 223ක් වාර්තා කරමින් සිය ජයග්‍රහණය හිමිකර ගත්තේය.

එහිදී කොළඹ රාජකීය විද්‍යාලය වෙනුවෙන් හිරුන් ලියනාරච්චි ලකුණු 105ක් රැස්කිරීමට සමත්විය.

Continue Reading

ක්‍රීඩා

චමරිගේ සුපිරි ඉනිම සමඟ ශ්‍රී ලංකාවට විශිෂ්ට ජයක්

Published

on

By

නවසීලන්ත කාන්තා ක්‍රිකට් කණ්ඩායම සමඟ පැවති පළමු විස්සයි විස්ස තරගය ජය ගැනීමට සංචාරක ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමට අද (14) හැකිවිය..

ක්‍රයිස්චර්ච් හිදී පැවති මෙම තරගය නවසීලන්තය පරදා ශ්‍රී ලංකාව ජය ගත්තේ කඩුලු 07කිනි.

තරඟයේ පළමුව පන්දුවට පහර දුන් නවසීලන්ත කණ්ඩායමට පන්දුවාර 18යි පන්දු 05ක් තුළ සියලු දෙනා දැවී රැස්කර ගත හැකි වූයේ ලකුණු 101ක් පමණි.

දක්ෂ පන්දු යැවීමක නිරත වූ මල්කි මදාරා පන්දුවාර 03යි පන්දු 05ක් තුළ ලකුණු 14ක් පමණක් ලබාදෙමින් නවසීලන්ත කඩුලු 03ක් බිඳ දැමීමට සමත් වූවාය.

කවිෂා දිල්හාරි සහ ඉනෝෂි ප්‍රියදර්ශනී කඩුලු 02 බැඟින් බිඳ දැමූහ.

නවසීලන්ත ඉනිමේ වැඩිම ලකුණු ලාභිය බවට එමා මැක්ලියෝඩ් පත් වුණේ ලකුණු 44ක් රැස් කරමිනි.

 ලකුණු 102ක ජයග්‍රාහී ඉලක්කය හඹා යමින් ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් පන්දුවට පහරදීම ආරම්හ කලේය.

කණ්ඩායම් නායිකා චමරි අතපත්තු නොදැවී ලකණු 64ක් රැස්කරමින් ශ්‍රී ලංකාව ජයග්‍රහණය කරාගෙන ගිය අතර; නිලක්ෂිකා සිල්වා සහ කවීෂා දිල්හාරි ලකුණු 12 බැගින් රැස් කලහ.

ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 14යි එක් පන්දුවක් තුළ කඩුලු 03ක් පමණක් දැවී අදාළ ඉලක්කය පසුකර යමින් මෙම තරගය ජයගැනීමට සමත්විය.

Continue Reading

ක්‍රීඩා

මාතර ජාත්‍යන්තර ක්‍රිකට් පුහුණු පාසල හා ක්‍රීඩාංගණය ඉදිකිරීම් කඩිනම් කෙරේ

Published

on

By

මාතර පොල්හේන ජාත්‍යන්තර ක්‍රිකට් පුහුණු පාසල හා ක්‍රීඩාංගණය ඉදිකිරීම ආරම්භ කිරීමට අවශ්‍ය මූලික කටයුතු මාසයක් ඇතුළත නිම කිරීමට පියවර ගෙන තිබෙනවා.

ව්‍යාපෘතිය ආරම්භ කිරීම සම්බන්ධයෙන් සාකච්ඡාවක් ඊයේ (13) මාතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලධාරීන් සමඟ පැවැත්වුණි.

මෙම අවස්ථාවට යෝජිත ඉඩමෙහි භාරකාරත්වය හිමිව ඇති අමරපුර ධර්‍මරක්ෂිත නිකායේ අතිගරු මහානායක ධූර තැන්පත් අති පූජ්‍ය  ත්‍රිකුණාමලයේ ආනන්ද මාහිමියන්ද,ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වෙනුවෙන් ශම්මි ද සිල්වා මහතා, සනත් ජයසූරිය මහතා සහ සුජීව ගොඩලියද්ද මහතාද,මාතර ක්‍රීඩා සමාජයේ සභාපති ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ මහතා සහ මාතර දිස්ත්‍රික් ලේකම් චන්දන තිලකරත්න මහතා ඇතුළු රාජ්‍ය නිලධාරීන් රැසක් සහභාගී විය.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මුදල් වෙන්කර තිබියදීත් මෙතෙක් අළුත්වැඩියා නොකළ සනත් ජයසූරිය ක්‍රීඩාංගණයේ ක්‍රීඩාගාරය ඉක්මනින් අළුත්වැඩියාව ආරම්භ කිරීමටත් මෙහිදී තීරණය කර තිබේ.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved