Connect with us

ක්‍රීඩා

විරේන් නෙත්තසිංහ 2024 පැරිස් ඔලිම්පික් උළෙලට සුදුසුකම් ලබයි

Published

on

බැඩ්මින්ටන් ක්‍රීඩක විරේන් නෙත්තසිංහ 2024 පැරිස් ඔලිම්පික් උළෙලට සුදුසුකම් ගැනීමට සමත් විය.

ඒ, එම ක්‍රීඩා උළෙලට සුදුසුකම් ලැබූ ලොව ලාබාලතම බැඩ්මින්ටන් ක්‍රීඩකයා ලෙසිනි.

2024 පැරිස් ඔලිම්පික් උළෙලට සුදුසුකම් ලබා ගැනීම සඳහා අවශ්‍ය පරිසාධන මට්ටම සපුරා ගැනීමට 20 හැවිරිදි විරේන් නෙත්තසිංහ පසුගිය මාස කිහිපයේදී ලොව පුරා විවිධ රටවල පැවැති තරගවලට සහභාගී විය.

ඒ අතරට පෝලන්තය, නෙදර්ලන්තය සහ තායිලන්තය ඇතුළු රටවල් ගණනාවකදී පැවැති බැඩ්මින්ටන් තරගාවලි ඇතුළත්.

මෙවර පැරිස් ඔලිම්පික් උළෙලේදී බැඩ්මින්ටන් ක්‍රීඩකයින් 38 දෙනෙකුට පරිසාධන මට්ටම පසුකර ඍජු ලෙස සුදුසුකම් ලබා ගැනීමේ අවස්ථාව හිමි වේ.

ඒ අනුව ශ්‍රී ලංකාවේ විරේන් නෙත්තසිංහ ඊට සුදුසුකම් ලබා ගත්තේ ඔවුන් අතරින් 32 වැනි ස්ථානයට පත් වෙමිනි.

මෙවර ඔලිම්පික් උළෙලට සුදුසුකම් ලැබූ පළමු ශ්‍රී ලංකා ක්‍රීඩකයා මෙන්ම, ලාබාලතම බැඩ්මින්ටන් ක්‍රීඩකයා ලෙසද, විරේන් වාර්තා අතරට එක් විය.

2012 වසරේදී නිලූක කරුණාරත්නගෙන් අනතුරුව පරිසාධන මට්ටම පසු කර ඍජු ලෙස ඔලිම්පික් වරම් දිනූ පළමු ශ්‍රී ලංකා බැඩ්මින්ටන් ක්‍රීඩකයා වන්නේද විරේන් නෙත්තසිංහ.

(News1st)

ක්‍රීඩා

යුපුන් ජර්මනියේදී දස්කම් පෙන්වයි

Published

on

By

ජර්ම­නියේ ඇන්හෝ­ල්ට්හිදි පැවති 27 වැනි අන්ත­ර්ජා­තික මලල ක්‍රීඩා තර­ගා­ව­ලි­යේදී පිරිමි මීටර් 100 ඉසව්වේ මූලික වටයේ තර­ග­ය­කදී යුපුන් අබේ­කෝන් තත්පර 10.18ක කාල­යක් වාර්තා කර­මින් ඔහුගේ හොඳම පෞද්ග­ලික දක්ෂ­තාව සට­හන් ක‍ළේය.

මේ වසරේ සැප්තැ­ම්බර් මාසයේ ටෝකියෝ හි පැවැ­ත්වෙන ලෝක මලල ක්‍රීඩා ශූර­තා­ව­ලි­යට සුදු­සු­කම් ලැබීමේ මීටර් 100 පරි­සා­ධන මට්ටම තත්පර 10ක් වේ.

Continue Reading

ක්‍රීඩා

මැතිව්ස්, ටෙස්ට් පිටියට සමු දෙයි

Published

on

By

ශ්‍රී ලංකාවේ හිටපු නායක ඇන්ජලෝ මැතිව්ස්, ක්‍රීඩා ලෝලීන්ට ආචාරය දක්වමින් සිය ටෙස්ට් දිවියට අද (21) සමුදුන්නේය.

ඒ, සංචාරක බංග්ලාදේශ කණ්ඩායම සමග පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ දෙවන දිනයේදී තයිජුල් ඉස්ලාම්ගේ පන්දුවක් හමුවේ මොමිනුල් හක් අතට උඩ පන්දුවක් ලබා දෙමිනි.

මෙම තරගය අද දිනයේදී ජය පරාජයෙන් තොරව අවසන් විය.

16 වසරක් පුරාවට ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රීඩකයෙකු ලෙස ක්‍රීඩා කළ මැතිව්ස්, ටෙස්ට් තරග 119කදී ඉනිම 211ක් ක්‍රීඩා කර තිබේ.

එහිදී ලකුණු 8,214ක් ලබා ගෙන ඇති ඔහු, ටෙස්ට් ශතක 16කට සහ අර්ධ ශතක 45ක් ලබාගැනීමටද සමත් වී තිබේ.

ඊට අමතරව ඔහු විසින් ටෙස්ට් කඩුලු 33ක්ද දවා ගෙන තිබේ.

Continue Reading

ක්‍රීඩා

පැතුම් 3වන ටෙස්ට් ශතකය රැස්කරයි

Published

on

By

සිය ටෙස්ට් ක්‍රිකට් දිවියේ තෙවන ශතකය රැස්කිරීමට පැතුම් නිස්සංක මීට සුළු වේලාවකට පෙර සමත් විය.

බංග්ලාදේශයට එරෙහිව ගාල්ලේ පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ දී ඔහු මෙම දක්ෂතාව දැක්වීය.

හයේ පහරක් හා හතරේ පහර 13කින් සිය ඉනිම හැඩකළ පැතුම්, මේ වනවිට පන්දු 138කට මුහුණ දී ලකුණු 101ක් රැස්කරගෙන සිටියි.

පැතුම් සමගින් කඩුල්ලේ රැඳී සිටින දිනේෂ් චන්දිමාල් ලකුණු 48ක් රැස්කරගෙන සිටින අතර, ඔවුන් දෙදෙනා 2වන කඩුල්ලට ලකුණු 134ක සබඳතාවක් පවත්වා ඇත.

ශ්‍රී ලංකා කණ්ඩායම මේ වනවිට පන්දුවාර 44කදී එක් කඩුල්ලක් දැවී ලකුණු 181ක් රැස්කරගෙන බංග්ලාදේශ පළමු ඉනිමට වඩා තවත් ලකුණු 314ක් පසුපසින් සිටියි.

ශ්‍රී ලංකා ඉනිමේ පළමු කඩුල්ල ලෙස ළහිරු උදාර දැවීගිය අතර, පැතුම් සමගින් ඉනිම ඇරඹූ ඔහු 29ක් රැස් කළේය.

ළහිරු මෙම තරගයේදී ටෙස්ට් වරම් හිමිකරගත්තේය.

බංග්ලාදේශ කණ්ඩායම සිය පළමු ඉනිමට සියලු දෙනා දැවී ලකුණු 495ක් රැස්කිරීමට සමත් විය.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved