ක්‍රීඩා

විශාල ජයක් සමග පාකිස්ථානය තරගාවලියත් ජය ගනී

Published

on

ශ්‍රී ලංකා – පාකිස්ථාන දෙවැනි ටෙස්ට් තරගය ඉනිමකින් සහ ලකුණු 222කින් ජය ගැනීමට සංචාරක පාකිස්ථාන කණ්ඩායම අද සමත් විය.

තරගයේ සිව්වැනි දිනය වන අද දිනය සඳහා තරගය ආරම්භ කරන විට සිය පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටි පාකිස්ථාන කණ්ඩායම කඩුලු 5ක් දැවී 576ක දැවැන්ත ලකුණු පුවරුවක් නිර්මාණය කරමින් සිය ඉනිම අත්හිටුවීමට තීරණය කළහ.

එහිදි අබ්දුල්ලා ෂෆීක් ලකුණු 201ක් සහ අගා සල්මාන් නොදැවී ලකුණු 132ක් ලබා ගත් අතර පන්දු යැවීමේදී අසිත ප්‍රනාන්දු ලකුණු 133කට කඩුලු 3ක් සහ ප්‍රභාත් ජයසුරිය ලකුණු 194ක් ලබා දෙමින් කඩුලු 2ක් දවා ගත්තේය. 

තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම රැස් කළේ ලකුණු 166ක් පමණක් වන අතර, ඒ අනුව ඉනිමක පරාජයෙන් බේරීම සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 410ක ඉලක්කයක් හිමි විය. 

කෙසේවෙතත් ලකුණු 410ක් පිටුපසින් සිටිමින් සිය දෙවැනි ඉනිම ක්‍රීඩා කල ශ්‍රී ලංකා කණ්ඩායමට සියළු දෙනා දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 188ක් පමණි.

දෙවැනි ඉනිමේ දී නෝමන් අලී විසින් කඩුලු හතක් එක පිට දවා ගැනීමට සමත් වුණු අතර ඔහු විසින් ලකුණු 66ක් තුළ කඩුලු 06ක් දවාගෙන තරගය ජයග්‍රහනය කරා රැගෙන ගියේය.

Trending

Exit mobile version