ඇෆ්ගනිස්ථානයට එරෙහිව දඹුල්ල ක්‍රීඩාංගනයේදී අද (19) පැවති දෙවැනි පන්දුවාර විස්සයි 20 තරගය ලකුණු 72කින් ජයගැනීමට ශ්‍රී ලංකාව සමත්විය.
මුලින්ම පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා පිල ඇෆ්ගනිස්ථානයට ලකුණු 188ක ඉලක්කයක් ලබා දුන් අතර, පිළිතුරු වශයෙන් පන්දුවට පහරදුන් ඇෆ්ගන් පිලට රැස් කිරීමට හැකි වූයේ කඩුලු සියල්ලම දැවී ලකුණු 115ක් පමණි.
ඒ අනුව, දෙවැනි තරගය පමණක් නොව පන්දුවාර විස්සයි 20 තරගාවලියේ ජයද ශ්‍රී ලංකාවට හිමිවිය.
මේ අතර, පන්දුවාර විස්සයි 20 පිටියේ කඩුලු 100ක් ලබාගැනීමට සමත් වූ දෙවැනි ශ්‍රී ලාංකිකයා බවට පත්වීමට ශ්‍රී ලංකා නායක වනිදු හසරංග සමත් විය.