Connect with us

ක්‍රීඩා

වේග පන්දුයවන්නන්ට විදෙස්ගතවීම තහනම් කරයි

Published

on

ශ්‍රී ලංකා ක්‍රිකට් සංචිතයේ සිටින වේග පන්දු යවන ක්‍රීඩකයින්ට මුදලට ක්‍රීඩා කරන ‘ෆ්‍රැන්චයිස්’ තරගාවලි සඳහා විදෙස්ගතවීම සඳහා තාවකාලික තහනමක් පනවා ඇතැයි වාර්තා වේ. 

එම තහනමත් සමඟ ශ්‍රී ලංකා වේග පන්දු යවන්නන්ට ක්‍රිකට් ආයතනය විසින් විදෙස්ගතවීමේදී ලබාදෙන විරෝධතා නොමැති බවට වන ලිපි නිකුත් නොකිරීමට ද තීරණය කොට තිබේ.

එසේ මුදලට ක්‍රීඩා කරන තරගවලට වේග පන්දු යවන්නන් සහභාගිවීම ලබන වසරේ ජනවාරි මාසය තෙක් අත්හිටුවීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පියවරගෙන ඇති බව පැවසේ.

වේග පන්දු යවන්නන් නිතර ආබාධවලට ලක්වීම මෙවැනි පියවරක් ගැනීමට හේතු වී ඇතැයි වාර්තා වේ.

ලබන වසරේ ජනවාරි මාසයේදී සිම්බාබ්වේ පිල එක්දින හා විස්සයි 20 තරගාවලියක් උදෙසා ශ්‍රී ලංකාවේ සංචාරයක නිරතවන අතර, එම තරගාවලියට සියලු වේග පන්දු යවන්නන්ගේ ශාරීරික යෝග්‍යතාව යහපත් මට්ටමක පවත්වා ගැනීම ‘ෆ්‍රැන්චයිස්’ තරගාවලි තාවකාලිකව අත්හිටුවීමට ප්‍රධානතම හේතුව වී තිබේ. 

සුළු ආබාධ තත්ත්වයක් මැද වුවද වේග පන්දු යවන ක්‍රීඩක දුෂ්මන්ත චමීර පසුගිය ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සහභාගී වූ අතර, ළහිරු කුමාර ආබාධ හේතුවෙන් තරගාවලියෙන් ඉවතට ගියේය. 

එමෙන්ම එක්දින හා විස්සයි20 නායක දසුන් ශානක ද පාදයේ ඇතිවූ ආබාධයක් හේතුවෙන් ලෝක කුසලාන තරගාවලියෙන් ඉවතට ගිය අතර,  ඔහු යළි පුහුණුවීම් කටයුතු ආරම්භ කර ඇති බවද පැවසේ.

විදෙස්ගතවීම අත්හිටුවීමට ශ්‍රී ලංකා ක්‍රිකට් තීරණය කිරීමත් සමඟ ලබන 28 වැනිදා ආරම්භ වීමට නියමිත අබුඩාබි ටී10 ක්‍රිකට් තරගාවලියෙන් ක්‍රිකට් ක්‍රීඩකයන් කිහිපදෙනකුම ඉවත්වී ඇතැයි වාර්තා වේ. 

එලෙස ඉවත්වී ඇත්තේ ශ්‍රී ලංකා එක්දින හා විස්සයි20 පිලට ක්‍රීඩා කරන ළහිරු කුමාර, ඩිල්ෂාන් මධුෂංක, වනිඳු හසං‍රග සහ මතීෂ පතිරණ යන ක්‍රීඩකයන්ය.

එහෙත් චරිත් අසලංක, කුසල් මෙන්ඩිස්, කුසල් පෙරේරා, ඇන්ජලෝ මැතිව්ස්, දුනිත් වෙල්ලාලගේ, මහීෂ් තීක්ෂණ හා ලසිත් කෲස්පුල්ලේ වැනි ක්‍රීඩකයන් අබුඩාබි ටී10 ක්‍රිකට් තරගාවලියට එක්වීමේ සූදානමින් සිටින බවද වාර්තා වේ.

මෙයට පෙර අබුඩාබි ටී 10 ක්‍රිකට් තරගාවලියේ දක්ෂතම ක්‍රීඩකයා සම්මානය දිනාගත් වනිඳු හසරංග මෙවර ‘වොරියර්ස්’ කණ්ඩායමේ නායකත්වයට පත්කොට තිබුණ ද ආබාධ සුව නොවීම හේතුවෙන් ඔහුට ඒය මඟ හැරෙනු ඇතැයි පැවසේ.

ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේදී කඩුලු 21ක් දවාගෙන ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් ඉහළ දස්කම් දැක් වූ වමත් වේග පන්දු යවන ක්‍රීඩක ඩිල්ෂාන් මධුෂංක මෙවර ටී10 තරගාවලියේදී ‘අබුඩාබි’ කණ්ඩායම නියෝජනය කිරීමට නියමිතව සිටි අතර, මතීෂ පතිරණ ‘බංග්ලා ටයිගර්ස්’ පිලට හා ළහිරු කුමාර ‘නිව්යෝර්ක් ස්ට්‍රයිකර්ස්’ පිල නියෝජනය කිරීමේ අපේක්ෂාවෙන් සිටියහ.

මූලාශ්‍රය – දිනමිණ

ක්‍රීඩා

බංග්ලාදේශයට එරෙහි පළමු එක්දින තරගයෙන් ශ්‍රී ලංකාවට ජය

Published

on

By

බංග්ලාදේශයට එරෙහි පළමු එක්දින තරගයෙන් ශ්‍රී ලංකාව ඊයේ (02) ලකුණු 77 කින් ජය ගත්තේ ය.

වනිදු හසරංග ලකුණු 10කට කඩුලු 4ක් දවා ගත්තේ ය.

කමිඳු මෙන්ඩිස් ලකුණු 19ට කඩුලු 3යි.

ලකුණු 245ක ඉලක්කයක් හඹා ගිය බංග්ලාදේශයේ සියලු දෙනා ලකුණු 167කට දැවී ගියේ ය. 

Continue Reading

ක්‍රීඩා

ශ්‍රී ලංකා ඉනිම ලකුණු 244කට සීමා වෙද්දී චරිත්ගෙන් ශතකයක්

Published

on

By

බංග්ලාදේශයට එරෙහිව අද (02) පැවැත්වෙන පළමු එක්දින තරගයේ පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායමට පන්දුවාර 49.2කදී සියලු දෙනා දැවී රැස්කළ හැකිවූයේ ලකුණු 244ක් පමණි.

ජාත්‍යන්තර එක්දින පිටියේ සිය 5වන ශතකය රැස්කිරීමට ශ්‍රී ලංකා නායක චරිත් අසලංක සමත් විය.

ඊට අමතරව කුසල් මෙන්ඩිස් (45), ජනිත් ලියනගේ (29), මිලාන් රත්නායක (22) හා වනිඳු හසරංග (22) පිත්තෙන් දක්ෂතා දැක්වූහ.

බංග්ලාදේශය වෙනුවෙන් ටස්කින් අහ්මඩ් (4/47) හා තන්සිම් හසන් (3/46) පන්දු යැවීමෙන් දක්ෂතා දැක්වීමට සමත් විය.

Continue Reading

ක්‍රීඩා

ශ්‍රී ලංකා – බංග්ලාදේශ පළමු එක්දින ක්‍රිකට් තරගය අද

Published

on

By

සත්කාරක ශ්‍රී ලංකා – බංග්ලාදේශ කණ්ඩායම් අතර පළමු එක්දින ක්‍රිකට් තරගය අද (02)  පැවැත්වීමට නියමිතය.

තරගාවලියේදි චරිත් අසලංක ශ්‍රී ලංකා කණ්ඩායමට නායකත්වය ලබා දෙන අතර බංග්ලාදේශ කණ්ඩායම මෙහෙයවන්නේ මෙහෙදි හසන් මිරාස් ය.

දෙරට අතර ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය තරග 1ට 0ක් ලෙස ජයගත් ශ්‍රී ලංකා කණ්ඩායම අද(02) තරගයට පිවිසෙන්නේ ජයග්‍රාහී මානසිකත්වයෙන් ය.

අද තරගයට මිලාන් රත්නායක ශ්‍රී ලංකා කණ්ඩායමට කැඳවීමට වැඩි ඉඩකඩක් පවතින බව ශ්‍රී ලංකා එක්දින ක්‍රිකට් නායක චරිත් අසලංක ඊයේ පැවති මාධ්‍ය හමුවේදී ප්‍රකාශ කළේ ය.

කොළඹ ආර්.ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේ පැවැත්වෙන අද තරගය පස්වරු 02.30ට ආරම්භ කිරීමට නියමිතය.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved