Connect with us

ක්‍රීඩා

වෝනර්ගේ නැතිවූ කැප් තොප්පිය හමුවේ

Published

on

සුපිරි ඔස්ට්‍රේලියානු ක්‍රිකට් ක්‍රීඩක ඩේවිඩ් වෝනර්ගේ නැති වී තිබූ ටෙස්ට් කැප් තොප්පි 2ක් (බැගී ග්‍රීන්) සහිත බෑගය හමුවී ඇති බව වාර්තා වේ.

මින් එක කැප් තොප්පියක් 2011දී සිය මංගල ටෙස්ට් තරගයට පෙර මයිකල් ස්ලේටර් විසින් පිරිනැමූ කැප් තොප්පියක් වූ අතර, සිය අවසාන ටෙස්ට් තරගයේදී භාවිතා කිරීමට මෙය යළි ලබාදෙන මෙන් ඉල්ලමින් වෝනර් ඉන්ස්ටර්ග්‍රෑම් වීඩියෝවක් මගින් ද ඉල්ලීමක් කර තිබුණි.

යළිත් වීඩියෝවක් නිකුත් කළ වෝනර් පවසා ඇත්තේ මෙම නැති වූ ගමන් මල්ල හමුවී ඇති බවත්, මේ සම්බන්ධයෙන් ක්වොන්ටාස් සමාගමට මෙන්ම සිය හෝටල් කාර්යමණ්ඩලයටත් සිය ස්තූතිය පුද කරන බවයි.

මෙම ගමන් මල්ල, එහි තිබූ සියලු බඩු භාණ්ඩ සමග හෝටල් පරිශ්‍රයෙන් හමුවී ඇති බව ඕස්ට්‍රේලියානු  ක්‍රිකට් පාලක මණ්ඩලය පවසයි.

සබැඳි පුවත් :

වෝනර් ගේ ‘බෑගී ග්‍රීන්ස්’ උස්සලා!

ක්‍රීඩා

නදුන් කවීෂ අවසන් පූර්ව වටයට

Published

on

By

චීනයේ නැංජින් හි පැවැත්වෙන ලෝක ගෘහස්ත මලල ක්‍රීඩා ශූරතාවලියේ අද (22) පැවැති මීටර 60 කඩුළු පැනීම ඉසව්වේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගැනීමට නදුන් කවීෂ සමත්විය.

4වන මූලික තරගයට (Heat 4) සහභාගි වූ නදුන් සිය ඉසව්ව තත්. 7.87කින් අවසන් කිරීමට සමත් වූ අතර, ඔහුට එහිදී 5වන ස්ථානය හිමිවිය.

කෙසේ නමුත් ඔහු තරගය අවසන්කළ කාලය මූලික වටයේ තරග අවසානයේදී පළමු ක්‍රීඩකයන් 24 අතර රැඳීමට හේතු වූ බැවින් ඔහුට අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබීමට වරම් හිමිවිය.

මෙහි අවසන් පූර්ව තරගය මෙරට වෙලාවෙන් අද (22) ප.ව. 5.20ට ආරම්භවීමට නියමිතය.

Continue Reading

ක්‍රීඩා

චාමර සිල්වා මීළඟ ලෝක කුසලානය තෙක් 19 න් පහළ ප්‍රධාන පුහුණුකරු

Published

on

By

හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක චාමර සිල්වා මීළඟ අවුරුදු 19 න් පහළ ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය තෙක් ශ්‍රී ලංකා අවුරුදු 19 න් පහළ ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස පත් කර ඇත.

මෙම පත් කිරීමට පෙර චාමර පොලිස් ක්‍රීඩා සමාජයේ පුහුණුකරු ලෙස වසර ගණනක් කටයුතු කළේය.

ඒ අතර ඔහු ප්‍රධාන පොලිස් පරීක්ෂකයකු ලෙසද එහි පත්වීමක් ලබා ගත්තේය.

චාමර සිල්වාගේ පුහුණු සහායකයන් ලෙස සමන් ජයන්ත ( පිතිකරණ), දිල්‍ රුවන් පෙරේරා( දඟ පන්දු ) කටයුතු කරනු ඇත.

Continue Reading

ක්‍රීඩා

ඔලිම්පික් කමිටු සභාපති ධුරය පළමුවරට කාන්තාවකට

Published

on

By

ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුවේ (IOC) අභිනව සභාපති ලෙස සිම්බාබ්වේ දේශයේ වත්මන් ක්‍රීඩා ඇමති මෙන්ම එරට හිටපු ඔලිම්පික් පිහිනුම් ශූරියක වන ක්‍රිස්ටි කොවෙන්ට්‍රි තේරීපත්ව තිබේ.

41 හැවිරිදි කොවෙන්ට්‍රි සැලකෙන්නේ වසර 130ක (1894 සිට) ජාත්‍යන්තර ඔලිම්පික් කමිටු ඉතිහාසය තුළ සභාපති තනතුරට තේරීපත් වූ පළමු කාන්තාව ලෙසයි.

එමෙන්ම ඇයට ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුවේ 10වන සභාපති, එම තනතුරට පත් පළමු අප්‍රිකානු ජාතිකයා මෙන්ම එම තනතුරට පත් වූ ළාබාලම තැනැත්තා වැනි ගෞරවයන් රැසක් හිමිය.

එළැඹෙන කාල වකවානුව වෙනුවෙන් ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුවේ නිලවරණය ඊයේ (20) ග්‍රීසියේදී පැවැත්විණි.

ඇය පළමු වටයේදීම බහුතර ඡන්ද සංඛ්‍යාවක් හිමිකර ගනිමින් මෙම ධුරයට පත්වීම විශේෂත්වයකි.

අභිනව සභාපතිනිය එළැඹෙන ජුනි මාසයේදී සිය ධුරයේ වගකීම් නිල වශයෙන් භාරගැනීමට නියමිතව ඇත.

ඒ අනුව ඇය අවම වශයෙන් ඉදිරි වසර 8 ජාත්‍යන්තර ඔලිම්පික් කමිටු සභාපති ලෙසින් කටයුතු කරනු ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved