2022 ලෝක කුසලාන පන්දුවාර 20 ක්‍රිකට් තරගාවලියේදී
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තුළ සිදුවන බවට පැවසෙන දූෂණ වංචා වලට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පැමිණිල්ලක් ගොනු කළ බව සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතානගේ මහතා පවසයි.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු පරිශ්‍රය ඉදිරිපිටදී මාධ්‍යවේදීන් වෙත අදහස් දැක්වූ මන්ත්‍රීවරයා, ක්‍රිකට් ආයතනයේ විධායක කමිටු සාමාජිකයන් විසින් එම ආයතනයේ මුදල් සිය පෞද්ගලික භාවිතය සඳහා යොදාගන්නා බවට චෝදනා කර සිටියේය.