Connect with us

ක්‍රීඩා

ශ්‍රී ලංකා – නවසීලන්ත T20 පළමු තරගය අද

Published

on

ශ්‍රී ලංකාව හා නවසීලන්තය අතර තරග 2කින් යුත් විස්සයි20 ක්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් පළමු තරගය දඹුල්ලේදී අද (09) පැවැත් වේ.

රාත්‍රී තරගයක් ලෙසින් පැවැත්වෙන මෙය ප.ව. 7ට ආරම්භවීමට නියමිතව ඇත.

දෙරට අතර මෙතෙක් තරග 10ක් පවත්වා ඇති අතර ඉන් තරගාවලි 5ක ජය තහවුරු කරගැනීමට නවසීලන්තය සමත්ව සිටී.

අවසන්වරට පැවැත්වූ තරගාවලි 4ම ජයගෙන ඇත්තේ නවසීලන්තයයි.

ශ්‍රී ලංකාවට මේ දක්වා ජයගැනීමට හැකිව ඇත්තේ එක් තරගාවලියක් පමණක් වන අතර, තරගාවලි තුනක් ජයපරාජයෙන් තොරව අවසන් වී ඇත.

එමෙන්ම මෙය දෙරට අතර පැවැත්වෙන්නේ 24වැනි විස්සයි20 ජාත්‍යන්තර තරගය මෙයයි.

මේ දක්වා පැවති තරග අතරින් තරග 7ක් ශ්‍රී ලංකාවද, තරග 13ක් නවසීලන්තයද ජයගෙන ඇත.

ඊට අමතරව තරග 2ක් ලකුණු සමවද, එක් තරගයක් විසඳුමක් නොමැතිවද අවසන් වී ඇත.

අද පැවැත්වෙන්නේ ශ්‍රී ලංකාව හා නවසීලන්තය අතර මෙරටදී  පැවැත්වෙන්න 9වැනි විස්සයි20 තරගයයි.

ඉන්ද වැඩි ගෞරව හිමිකරගෙන සිටින නවසීලන්තය තරග 4ක් ජයගනිද්දී, ශ්‍රී ලංකාවට ජයගැනීමට හැකිව ඇත්තේ තරග 2ක් පමණි.

කෙසේ නමුන් ශ්‍රී ලංකාව හා නවසීලන්තය අතර ශ්‍රී ලංකාවේදී විස්සයි20 තරගාවලියක් පැවැත්වෙන්නේ වසර 5කට පසුවය.

අවසන්වරට පැවැති එම තරගාවලියද තරග 2-1ක් ලෙසින් ජයගැනීමට නවසීලන්තය සමත්ව සිටියි.

ක්‍රීඩා

හෙට යළිත් ඇරඹෙන  IPL

Published

on

By

ඉන්දු – පාකිස්තාන ගැටුම් හේතුවෙන් තාවකාලිකව නවතා තිබූ ඉන්දීය ප්‍රිමියර් ලීග් (IPL) ක්‍රිකට් තරගාවලිය යළි හෙට (17) සිට ආරම්භවීමට නියමිතව ඇත.

ඒ අනුව රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම සහ කොල්කටා නයිට් රයිඩර් කණ්ඩායම අතර තරගය හෙට රාත්‍රි 7ට බැංගලෝර්හිදී පැවැත්වීමට නියමිතව තිබේ.

ප්‍රසාද ලකුණු සටහනේ දෙවන ස්ථානය රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායමට හිමිව ඇති අතර කොල්කටා නයිට් රයිඩර් කණඩායම පසුවන්නේ එහි හයවන ස්ථානයේය.

Continue Reading

ක්‍රීඩා

කුසල් මෙන්ඩිස්ට ගුජරාට් ටයිටන්ස් කණ්ඩායමෙන් කැඳවීමක්

Published

on

By

ඉන්දීය ප්‍රිමියර් ලීග් (IPL) ක්‍රිකට් තරගාවලියේ ප්ලේ-ඕෆ් වටයේ තරග ක්‍රීඩාකිරීම සඳහා ගුජරාට් ටයිටන්ස් කණ්ඩායම විසින් කුසල් මෙන්ඩිස් කැඳවා ඇත.

එංගලන්ත පිතිකරු මෙන්ම කඩුලු රකින්නා වන ජොස් බට්ලර් වෙනුවට මෙන්ඩිස්ට මෙම කැඳවීම ලැබී තිබේ.

ඉන්දියාව සහ පාකිස්තානය අතර පැවති යුද අවදානම හේතුවෙන් හදිසි තීරණයක් ගනිමින් මෙම තරගාවලිය පසුගිය 9වනදා සිට සතියක කාලයකට අත්හිටුවීමට ඉන්දීය ක්‍රිකට් ආයතනය (BCCI)කටයුතු කළේය.

ඒ අනුව තරගාවලිය එළැඹෙන 17වනදා සිට යළි ක්‍රියාත්මක වේ.

IPL තරගාවලිය නියමිත දිනට අවසන් කිරීමට නොහැකි වූ හෙයින් ජොස් බට්ලර්ට බ.ඉ. කොදෙව්වන්ට එරෙහි සීමිත පන්දුවාර තරගාවලිය ක්‍රීඩාකිරීමට සඳහා එංගලන්තය බලා පිටත්ව යාමට සිදුවේ.

ඒ හේතුවෙන් ටයිටන්ස් පාලනාධිකාරිය විසින් මෙලෙස මෙන්ඩිස්ට මෙම කැඳවීම සිදුකර ඇත.

එක්දින හා විස්සයි20 තරග 3 බැගින් වූ එංගලන්ත – බ.ඉ. කොදෙව් සීමිත පන්දුවාර තරගාවලිය මැයි 29වනදා ආරම්භවීමට නියමිතව ඇත.

IPL තරගාවලියේ අවසන් වටයේ තරග  ජූනි 3වනදා දක්වා පැවැත්වේ.

කෙසේ නමුත් බට්ලර් යළි එංගලන්තය බලා පිටත්ව යාමට පෙර ගුජරාට් ටයිටන්ස් කණ්ඩායම ක්‍රීඩාකරන මූලික වටයේ ඉතිරි තරග තුන ක්‍රීඩාකිරීමට නියමිතව ඇත.

මේ අතර ඉන්දු – පාකිස්තාන අර්බුධය හේතුවෙන් පාකිස්තානු සුපර් ලීග් (PSL) තරගාවලියද කල්දැමීමට සිදු වූ අතර, ඒ වනවිට මෙන්ඩිස් ක්වෙටා ග්ලැඩියේටර්ස් වෙනුවෙන් ක්‍රීඩාකරමින් සිටියේය.

කෙසේ නමුත් මෙන්ඩිස්ට ගුජරාට් ටයිටන්ස් කණ්ඩායමෙන් ලැබුණු කැඳවීමත් සමග ඔහු  PSL අවසන් අදියර ක්‍රීඩාකිරීම සඳහා පාකිස්තානයට යළි නොයනු ඇති බව වාර්තා වේ.

Continue Reading

ක්‍රීඩා

අමෙරිකාවේ ප්‍රධාන ක්‍රිකට් පුහුණුකරු ලෙස “පුබුදු” පත්වේ

Published

on

By

ශ්‍රී ලංකා හිටපු ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩක පුබුදු දසනායක අමෙරිකානු ජාතික ක්‍රිකට් කණ්ඩායමේ නව ප්‍රධාන පුහුණුකරු ලෙස පත්කර තිබේ.

මෙම තනතුරේ මීට පෙර කටයුතු කර තිබුණේ ඔස්ට්‍රේලියානු හිටපු පිතිකරු ස්ටුවර්ට් ලෝ ය.

බටහිර ඉන්දීය කොදෙව් සහ අමෙරිකාව එක්ව සත්කාරකත්වය දැරූ ICC පිරිමි T20 ලෝක කුසලාන තරගාවලියෙන් පසුව ඔහු එම තනතුරෙන් ඉවත් විය.

ඒ අනුව පුබුදු දසනායකට මෙම තනතුර හිමිව ඇත.

ඔහු අමෙරිකා එක්සත් ජනපදය සමඟ ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කරන දෙවන අවස්ථාව මෙය වේ.

54 හැවිරිදි පුබුදු දසනායක මීට පෙර 2016 සිට 2019 දක්වා වසර තුනක කාලයක් එම තනතුර දැරීය.

එම කාලය තුළ දසනායක අමෙරිකා එක්සත් ජනපද ක්‍රිකට් සඳහා එක්දින වරම් හිමිකර ගැනීමට සහ ක්‍රිකට් ක්‍රීඩාවේ වර්ධනයක් ඇති කිරීමට දායක විය.

එළැඹෙන වසරේ ඉන්දියාවේ පැවැත්වෙන T20 ලෝක කුසලානය තරගාවලිය සඳහා අමෙරිකා එක්සත් ජනපද කණ්ඩායම දැනටමත් සුදුසුකම් ලබා ඇති හෙයින්, තවත් අන්තර්ජාතික තරගාවලි වලදී ජයග්‍රහණ ලබා ගැනීම සඳහා සිය දායකත්වය ලබා දීමට පුබුදු දසනායක බලාපොරොත්තුවෙන් සිටී.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් පුබුදු දසනායක පවසා ඇත්තේ, අමෙරිකා එක්සත් ජනපද පිරිමි ජාතික කණ්ඩායමට නැවත පැමිණීමට සහ නායකත්වය දීමට ලැබීම තමන්ට ගෞරවයක් බවත් මීට පෙර තමන්ගේ මෙහෙයවීම යටතේ ලබා ගත් ජයග්‍රහණ සම්බන්ධයෙන් ආඩම්බර වන අතර, ඉදිරියේදී  ඊටත් වඩා ඉහළ මට්ටමකට ළඟා වීමට කැපවීමෙන් කටයුතු කරන බවය.

පුබුදු දසනායක ශ්‍රී ලංකාව වෙනුවෙන් ටෙස්ට් තරග 11ක් සහ එක්දින තරග 16ක් ක්‍රීඩා කර තිබේ.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved