ක්‍රීඩා

ශ්‍රී ලංකා මාස්ටර්ස්වරු කොදෙව්වන් පරදති

Published

on

මාස්ටර්ස් ලීග් තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම ලැබූ තෙවැනි ජය වාර්තා කිරීමට ඊයේ (06) රාත්‍රියේ දී සමත් විය.

ඒ ඉන්දියාවේ වඩෝඩාරා ක්‍රීඩාංගණයේ දී පැවැති තරගයෙන් ප්‍රතිවාදී කොදෙව් මාස්ටර්ස්වරුන් පරාජයට පත් කරමිනි.

කාසියේ වාසිය දිනූ කොදෙව්වන්ගේ ආරාධනයෙන් පළමු ව පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායට සිය පන්දුවාර 20 අවසානයේ කඩුලු 09ක් දැවී ලකුණු 173ක් ලබා ගැනීමට සමත්විය.

විශිෂ්ට පිතිකරණයක නිරත වූ අසේල ගුණරත්න ලකුණු 64ක් ලබා ගත්තේය.

නායක සංගක්කාර ලකුණු 47 යි.

කඩුලු බිඳ දැමීමේ දී කොදෙව් ක්‍රීඩක නර්ස්ගෙන් කඩුලු 03ක් ද, බෙස්ට්ගෙන් කඩුලු දෙකක් සහ එක් කඩුල්ලක් ජෙරම් ටේලර්ගෙන් ද හිමිවිය.

පිළිතුරු ඉනිම ලකුණු 174ක ඉලක්කයක් හඹා ගිය කොදෙව්වන්ට පන්දුවාර 20 අවසානයේ කඩුලු 05ක් දැවී ලබාගත හැකි වූයේ ලකුණු 152ක් පමණි.

ඒ අනුව ශ්‍රී ලංකාවට ලකුණු 21ක ජයක් හිමිවිය.

ඩ්වැන් ස්මිත් ලකුණු 49ක් සහ ලැන්ඩ්ල් සයිමන්ස් ලකුණු 37ක් ලබා ගත්හ.

කඩුලු බිඳ දැමීමේ දී ඉසුරු උදාන කඩුලු දෙකක්, චතුරංග ද සිල්වා සහ ජීවන් මෙන්ඩිස් කඩුල්ලක් බැගින් බිඳ හෙලීමට සමත්විය.

තරගයේ වීරයා සම්මානය අසේල ගුණරත්නට හිමිවිය.

ඒ අනුව මෙවර මාස්ටර්ස් ලීග් තරගාවලියේ මුහුණ දුන් තරග 04න් තුනක්ම ජයගෙන ශ්‍රී ලංකා කණ්ඩායම ප්‍රසාද ලකුණු සටහනේ දෙවැනි තැන පසුවේ.

ශ්‍රී ලංකාව එළඹෙන 10 වැනිදා එංගලන්ත මාස්ටර්ස් කණ්ඩායමට එරෙහිව තරග බිමට පිවිසෙනු ඇත.

Trending

Exit mobile version