Connect with us

ක්‍රීඩා

සංක්‍රාන්ති ලිංගික ක්‍රීඩිකාවන්ට ජාත්‍යන්තර ක්‍රිකට් තහනම් කරයි

Published

on

පිරිමි වශයෙන් උපන් සංක්‍රාන්ති ලිංගික ක්‍රීඩිකාවන්ට ජාත්‍යන්තර කාන්තා ක්‍රිකට් ක්‍රීඩා කිරීම ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය (ICC) විසින් තහනම් කර තිබේ.

ක්‍රීඩිකාවන්ගේ ආරක්ෂාව සහතික කිරීම සඳහා මාස නවයක උපදේශන ක්‍රියාවලියකින් පසුව ඔවුන් මෙම තීරණය ගෙන ඇති බව නිවේදනයක නිකුත් කරමින් ICCය සඳහන් කර ඇත.

ජාත්‍යන්තර කාන්තා සංචිතයකට නම් කළ ලොව පළමු සංක්‍රාන්ති ලිංගික ක්‍රිකට් ක්‍රීඩිකාව වනුයේ කැනඩාවේ Danielle McGahey ය.

මෙම වසර මුලදී කැනඩා සංචිතයට නම් කර ඇති 29 හැවිරිදි ඇය, පසුගිය සැප්තැම්බර් මාසයේදී බ්‍රසීලයට එරෙහිව විස්සයි 20 ජාත්‍යන්තර තරගයකටද සහභාගි වූවාය.

කෙසේ වෙතත්, ICC හි නව රෙගුලාසි යටතේ ඇයට තවදුරටත් ජාත්‍යන්තර කාන්තා ක්‍රිකට් තරඟ සඳහා තරඟ කිරීමට නොහැකි වේ.

ක්‍රීඩා

PSL තරගාවලියත් යළි ඇරඹේ

Published

on

By

තාවකාලිකව නවත්වා තිබූ 2025 පාකිස්තාන සුපර් ලීග් තරගාවලිය නැවත ආරම්භ කිරීමට සංවිධායක මණ්ඩලය පියවර ගෙන තිබේ.

ඒ අනුව මැයි 17දා යළිත් ඇරඹෙන මෙම තරගාවලියේ අවසන් මහා තරගය මැයි 25දා පැවැත්වීමට නියමිතය.

තරගාවලිය අත්හිටුවන විට එහි ක්‍රීඩා කිරීමට ඉතිරිව තිබුණේ තවත් තරග 08ක් පමණි.

ඉන්දු පකිස්තානු ගැටුම් හමුවේ නතර කෙරුණු ඉන්දියාවේ IPL තරගාවලියද යළි ආරම්භ කරන බවට මීට පෙර නිවේදනය කර තිබුණි.

සබැඳි පුවත් :

IPL යළි ඇරඹෙන දිනය?

Continue Reading

ක්‍රීඩා

චමරිට දඩයක්

Published

on

By

ශ්‍රී ලංකා පිළේ නායිකා චමරි අතපත්තුට ඇගේ තරග ගාස්තුවෙන් 10% ක දඩයක් නියම කර තිබේ.

දකුණු අප්‍රිකාවට එරෙහිව කොළඹදී ඉකුත් සිකුරාදා පැවති කාන්තා තුන්කොන් ක්‍රිකට් තරගාවලියේදී අයි සී සී චර්යාධර්ම සංග්‍රහයේ 1 වන මට්ටම උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පිළේ නායිකා චමරි අතපත්තුට ඇගේ තරග ගාස්තුවෙන් 10% ක දඩයක් නියම කර ඇත.

“ජාත්‍යන්තර තරඟයක් අතරතුර ක්‍රිකට් උපකරණ, ඇඳුම්, පැළඳුම් උපකරණ හා උපාංග අනිසි ලෙස භාවිතා කිරීම” සම්බන්ධයෙන් අයි සී සී චර්යාධර්ම සංග්‍රහයේ 2.2 වගන්තිය අතපත්තු විසින් උල්ලංඝනය කර ඇති බව අනාවරණය වී ඇති බව සඳහන්ය.

මේ සමග චමරි අතපත්තුගේ විනය වාර්තාවට එක් අගෞරව ලකුණක්ද එකතු වී ඇත.

මෙම සිදුවීම දකුණු අප්‍රිකානු ඉනිමේ 32 වන ඕවරයේදී සිදුවිය.

එහිදී ඇනරි ඩර්ක්සන් විසින් 4 පහරක් එල්ල කිරීමෙන් පසු අතපත්තු ඇගේ අව් කණ්ණාඩිය ගලවා බිමට දැමීමේදී එය කැබලි කිහිපයකට කැඩී යාම සිදුවිය.

Continue Reading

ක්‍රීඩා

ICC කාන්තා එක්දින ශ්‍රේණිගත කිරීම්හි ශ්‍රී ලංකාව සයවැනි තැනට

Published

on

By

ICC කාන්තා එක්දින ක්‍රිකට් කණ්ඩායම් ශ්‍රේණිගත කිරීම්හි ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම සයවැනි ස්ථානයට පත් ව තිබේ.

ඒ එක්දින තරග 21කට ක්‍රීඩා කරමින් ප්‍රසාද ලකුණු 1765ක් ලබා ගනිමිනි.

මෙම ලැයිස්තුවේ පළමු තැන හිමි ව ඇත්තේ, ඔස්ට්‍රෙලියානු කාන්තා කණ්ඩායමටය.

දෙවැනි ස්ථානය එංගලන්තයටත් තෙවැනි ස්ථානය ඉන්දීය කණ්ඩායමටත් හිමි ව තිබේ.

මීට අමතර ව කාන්තා එක්දින ක්‍රිකට් පිතිකාරිණියන්ගේ ශ්‍රේණිගත කිරීම්වල සිදු කර ඇති නවතම යාවත්කාලීන කිරීම් අනුව ශ්‍රී ලංකා නායිකා චමරි අතපත්තු ස්ථාන දෙකකින් පහත වැටී ඇත.

ඔස්ට්‍රෙලියානු ක්‍රීඩිකා බෙත් මූනි සහ ඇෂ් ගාර්ඩ්නර් දක්වන ලද කුසලතා හේතුවෙන් ඔවුන් පිළිවෙළින් ස්ථාන 07 හා 08 යන ස්ථානවලට පැමිණීම මීට හේතුව ලෙස දැක්වේ.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved