2023 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ තීරණාත්මක අවසන් මහා තරගයෙන් සත්කාරක ඉන්දියාව කඩුලු 7කින් පරාජයට පත්කරමින් ලෝක කුසලානය දිනා ගැනීමට ඔස්ට්‍රේලියාව සමත් විය.
ඔස්ට්‍රේලියාව දිනාගත් 6 වැනි ලෝක කුසලානය මෙය වේ.
මීට පෙර 1987,1999,2003,2007 සහ 2015 වර්ෂවලදී ඔස්ට්‍රේලියාව ලෝක කුසලාන හිමිකරගෙන ඇත.
තරගයේ ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් ඉන්දීය කණ්ඩායම ලබාදුන් ලකුණු 241ක ඉලක්කය ඔස්ට්‍රේලියාව පන්දුවාර 43කදී කඩුලු 4ක් පමණක් දැවී පසුකර ගියේය.
එහිදී අගනා ඉනිමක් ක්‍රීඩා කළ ඔස්ට්‍රේලියා ආරම්භක පිතිකරු ට්‍රැවිස් හෙඩ් ශතකයක් රැස්කරමින් ඔස්ට්‍රේලියා කණ්ඩායම වෙත ජයග්‍රහණය රැගෙන ආවේය.