Connect with us

ක්‍රීඩා

සුපිරි හයේ වටේ ඇරඹෙයි

Published

on

2023 එක්දින ලෝක කුසලානයට සුදුසුකම් ලබාගැනීමේ තරගාවලියේ සුපිරි හයදෙනාගේ තරග වටය අද (29) සිට ආරම්භ වේ.

සුපිරි හයදෙනාගේ වටය ආරම්භ කරමින් එහි පළමු තරගය අද (29) සත්කාරක සිම්බාබ්වේ සහ ඕමානය අතර බුලවායෝ හිදි පැවැත්වේ.

මෙම සුදුසුකම් ලබාගැනීමේ තරගාවලියේ මුලික වටයේදී කණ්ඩායම් 10ක් කාණ්ඩ දෙකක් යටතේ තරග වැදුණු අතර ඒ ඒ කාණ්ඩවල ප්‍රසාද ලකුණු සටහනේ මුල් ස්ථාන තුනට පත්වූ කණ්ඩායම් 3 බැගින් එහිදී සුපිරි හයදෙනාගේ වටයට සුදුසුකම් ලැබීය.

ඒ අනුව A කාණ්ඩයෙන් සිම්බාබ්වේ, බටහිර ඉන්දීය කොදෙව් සහ නෙදර්ලන්තය ද, B කාණ්ඩයෙන් ශ්‍රී ලංකාව, ස්කොට්ලන්තය සහ ඕමානය සුපිරි 6දෙනාගේ වටයට සුදුසුකම් ලබා ගත්තේය.

සුපිරි හයදෙනාගේ වටයේදී එක් කණ්ඩායමක් තරග 3 බැගින් ක්‍රීඩා කිරීමට නියමිත අතර එම තරග තුන පැවැත්වෙන් එක් එක් කණ්ඩායම් මූලික වටයේදී තරග නොකළ කණ්ඩායම් තුන සමගය.

ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායමට තරග කිරීමට සිදු වන්නේ සිම්බාබ්වේ, බටහිර ඉන්දීය කොදෙව් සහ නෙදර්ලන්තය සමගය.

මෙම සුපිරි 6දෙනාගේ වටයේ ප්‍රසාද ලකුණු සටහනේ පළමු ස්ථාන දෙක හිමිකරගන්නා කණ්ඩායම් දෙක, මෙවර ඉන්දියාවේ පැවැත්වීමට නියමිත 2023 එක්දින ලෝක කුසලානයට සුදුසුකම් ලබා ගනු ඇත.

සුපිරි හයදෙනාගේ වටයේ ශ්‍රී ලංකා පිල සහභාගි වන පළමු තරගය නෙදර්ලන්තයට එරෙහිව හෙට (30) පැවැත්වීමට නියමිත අතර දෙවන තරගය ජුලි 2වැනිදා සිම්බාබ්වේ පිලට එරෙහිවත් තුන්වන තරගය ජුලි 7 වනදාා බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට එරෙහිවත් පැවැත්වීමට නියමිතය.

ක්‍රීඩා

ලිවර්පූල් ක්‍රීඩක ඩියෝගෝ මෝටර් රථ අනතුරකින් මරුට

Published

on

By

ලිවර්පූල් පාපන්දු කණ්ඩායමේ ඉදිරිපෙළ ක්‍රීඩක 28 හැවිරිදි ඩියෝගෝ ජෝටා ද සිල්වා මෝටර් රථ අනතුරකින් මියගොස් තිබේ.

මෙම අනතුර සිදුව ඇත්තේ අද (03) අළුයම ස්පාඤ්ඤයේ සැමෝරා පළාතේ දීය.

අනතුරින් ඔහුගේ සහෝදරයා වන පෘතුගාල ඉදිරිපෙළ ක්‍රීඩක 26 හැවිරිදි ඇන්ඩ්‍රේ ද සිල්වා ද මියගොස් ඇත.

ඔවුන්ගේ ලැම්බෝගිනි වර්ගයේ මෝටර් රථය තවත් වාහනයක් පසුකර යාමේදී ටයරයක් පුපුරා යාම හේතුවෙන් මාර්ගයෙන් ඉවතට විසිවී පසුව ගිනිගෙන ඇති බව සඳහන් වේ.

ඩියෝගෝ, විරූට් කාර්ඩෝසෝ සමග විවාහ වූයේ මේ වසරේ ජුනි 22දා ය. ඔවුන් දෙදෙනා හට දරුවන් තිදෙනෙකු සිටියි. විදෙස් මාධ්‍ය පවසන්නේ ඔවුන්ගේ විවාහ උත්සවයේ නිල වීඩියෝ පටය, මෙම අනතුරට පැය කිහිපයකට පෙර සමාජ මාධ්‍ය ඔස්සේ මුදාහැර ඇති බවය.

ඩියෝගෝ, පසුගිය ප්‍රිමියර් ලීග් ශූරතාව ලිවර්පූල් කණ්ඩායමට දිනාදීමට බෙහෙවින් දායක වූ ක්‍රීඩකයෙකු ලෙස සැලකේ.

Continue Reading

ක්‍රීඩා

බංග්ලාදේශයට එරෙහි පළමු එක්දින තරගයෙන් ශ්‍රී ලංකාවට ජය

Published

on

By

බංග්ලාදේශයට එරෙහි පළමු එක්දින තරගයෙන් ශ්‍රී ලංකාව ඊයේ (02) ලකුණු 77 කින් ජය ගත්තේ ය.

වනිදු හසරංග ලකුණු 10කට කඩුලු 4ක් දවා ගත්තේ ය.

කමිඳු මෙන්ඩිස් ලකුණු 19ට කඩුලු 3යි.

ලකුණු 245ක ඉලක්කයක් හඹා ගිය බංග්ලාදේශයේ සියලු දෙනා ලකුණු 167කට දැවී ගියේ ය. 

Continue Reading

ක්‍රීඩා

ශ්‍රී ලංකා ඉනිම ලකුණු 244කට සීමා වෙද්දී චරිත්ගෙන් ශතකයක්

Published

on

By

බංග්ලාදේශයට එරෙහිව අද (02) පැවැත්වෙන පළමු එක්දින තරගයේ පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායමට පන්දුවාර 49.2කදී සියලු දෙනා දැවී රැස්කළ හැකිවූයේ ලකුණු 244ක් පමණි.

ජාත්‍යන්තර එක්දින පිටියේ සිය 5වන ශතකය රැස්කිරීමට ශ්‍රී ලංකා නායක චරිත් අසලංක සමත් විය.

ඊට අමතරව කුසල් මෙන්ඩිස් (45), ජනිත් ලියනගේ (29), මිලාන් රත්නායක (22) හා වනිඳු හසරංග (22) පිත්තෙන් දක්ෂතා දැක්වූහ.

බංග්ලාදේශය වෙනුවෙන් ටස්කින් අහ්මඩ් (4/47) හා තන්සිම් හසන් (3/46) පන්දු යැවීමෙන් දක්ෂතා දැක්වීමට සමත් විය.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved