Connect with us

ක්‍රීඩා

සුලෝහිත සංග්‍රාමයේ අසිරිය විඳින්න ස්ටැන්ලිට ආරාධනයක්! 

Published

on

සුලෝහිත සංග්‍රාමයට ක්‍රීඩා කළ මෙන්ම ශ්‍රී ලංකාව නියෝජනය කළ ජීවතුන් අතර සිටින ජ්‍යෙෂ්ඨතම ක්‍රිකට් ක්‍රීඩකයාවන ස්ටැන්ලි ජයසිංහ මහතාට 94වැනි ආනන්ද – නාලන්දා සුලෝහිත සංග්‍රාමය වෙනුවෙන් නිල ආරාධනාව ලබා දීම 94 වැනි සුලෝහිත සංග්‍රාමයේ ඒකාබද්ධ සංවිධායක කමිටුව විසින් පසුගිය 6 වැනිදා සිදුකරන ලදී. 

එම අවස්ථාවට 94 වැනි සුලෝහිත සංග්‍රාම ඒකාබද්ධ සංවිධායක කමිටුවේ සම සභාපතිවරුන්වන් වන එයාර් චීෆ් මාර්ෂල් ගගන් බුලත්සිංහල සහ උපාලි ධර්මදාස මහත්වරුන් සහභාගී වුහ. 

1931 වසරේ ජනවාරි මස 19 වැනිදා බදුල්ලේදී උපත ලද ස්ටැන්ලි ජයසිංහ මහතා කොළඹ නාලන්දා විද්‍යාලයෙන් ක්‍රිකට් පිටියට පිවිසියේය. 

1949 වර්ෂයේදී සුලෝහිත සංග්‍රාමයට සහභාගී වූ නාලන්දා විද්‍යාලයීය කණ්ඩායමේ සාමාජිකයෙකු වූ ස්ටැන්ලි ජයසිංහ මහතා 1951 වර්ෂයේදී නාලන්දා කණ්ඩායමේ නායකත්වය දරා ඇත. 

නාලන්දා විද්‍යාලය නියෝජනය කරමින් සිටියදීම, 18 වැනි වියේදී ජාතික කණ්ඩායම (එවකට ඕල් සිලෝන් කණ්ඩායම) නියෝජනය කළ ස්ටැන්ලි ජයසිංහ එංගලන්තයේ ‘පළමු පෙළ’ ක්‍රිකට් ක්‍රීඩාවේ නිරත වූ මුල්ම ශ්‍රී ලාංකිකයන් තිදෙනාගෙන් අයකුද වෙයි. 

එමෙන්ම බෞද්ධ පාසලක ශිෂ්‍යයෙකු වශයෙන් ඕල් සිලෝන් කණ්ඩායම නියෝජනය කළ පළමුවැන්නා වන ස්ටැන්ලි ජයසිංහ මහතා එංගලන්තයේ ලෙස්ටර්ෂයර් ප්‍රාන්ත කණ්ඩායම නියෝජනය කරමින් පළමු පෙළ තරගවලට සහභාගි වූයේ ලෙස්ටෂ‍යර් කණ්ඩායම නියෝජනය කළ පළමු ආසියාතිකයා බවටද පත් වෙමිනි. 

සිය ක්‍රීඩා දිවිය තුළ පළමු පෙළ තරග 144කට ක්‍රීඩා කළ ස්ටැන්ලි ජයසිංහ මහතා ලකුණු 6811ක් ලබාගත්තේ ශතක 10 ක් වාර්තා කරමින්ය. 

එංගලන්තයේ ක්‍රිකට් ක්‍රීඩා කිරීමෙන් පසුව මෙරටට පැමිණි ජයසිංහ මහතා ක්‍රිකට් පුහුණුකරුවකු මෙන්ම තණතීරු සකස් කරන්නකු ලෙසද කටයුතු කළේය. 

ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු කළමණාකරුවකු (1991 දී) වූ ස්ටැන්ලි ජයසිංහ මහතාගෙන් ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්ෂේත්‍රයට සිදුවූ මෙහෙවර අතිමහත්ය. 

ක්‍රීඩා

සතියකට පසු IPL යළිත්? (Update)

Published

on

By

හදිසියේ අත්හිටුවනු ලැබූ ඉන්දීය ප්‍රිමියර් ලීග් (IPL) ක්‍රිකට් තරගාවලිය එලෙස අත්හිටුවනු ලැබුවේ සතියක කාලයකට පමණක් බව නිවේදනයක් නිකුත් කරමින් ඉන්දීය ක්‍රිකට් ආයතනය (BCCI) පවසයි.

ඉන්දියාව සහ පාකිස්තානය අතර පවතින යුද අවදානම හේතුවෙන් මෙම තරගාවලිය අත්හිටුවීමට අද (9) හදිසි තීරණයක් ගෙන තිබුණි.

ඒ අනුව තරගාවලියේ නව කාලසටහන සහ ස්ථාන පිළිබඳ වැඩිදුර යාවත්කාලීන කිරීම් අදාළ බලධාරීන් සහ කණ්ඩායම් හිමිකරුවන් සමග සාකච්ඡා කර තත්ත්වය පිළිබඳ පුළුල් තක්සේරුවකින් පසුව දැනුම්දෙන බව BCCI වැඩිදුරටත් පවසයි.

මේ අතර මේ දිනවල පැවැත්වෙන පාකිස්තාන සුපර් ලීග් (PSL) තරගාවලියද මෙම යුද අවදානම හේතුවෙන් අතරමග නතරකර තිබේ.

තරගාවලියේ ඉතිරි තරග එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදී පැවැත්වීමට පාකිස්තාන ක්‍රිකට් ආයතනය තීරණය කර ඇත.


(පෙර පුවත 2025 මැයි 09 ප.ව.12:57)

IPL අත්හිටුවයි

ඉන්දීය ප්‍රිමියර් ලීග් (IPL) ක්‍රිකට් තරගාවලිය අත්හිටුවීමට එහි තරග සංවිධායකයින් තීරණය කර තිබේ.

ඉන්දියාව සහ පාකිස්තාන දේශසීමා ආසන්නයේ ඇතිවී තිබෙන යුද උණුසුම මධ්‍යයේ මෙම තීරණය ගෙන ඇති බව ක්‍රික් ඉන්ෆෝ වෙබ් අඩවිය වාර්තා කළේය. 

Continue Reading

ක්‍රීඩා

රෝහිත් ශර්මා ටෙස්ට් පිටියට සමුදෙයි

Published

on

By

ඉන්දීය ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායමේ නිත්‍ය නායක රෝහිත් ෂර්මා ජාත්‍යන්තර ටෙස්ට් ක්‍රිකට් පිටියට සමුදීමට තීරණය කර ඇත.

සිය තීන්දුව සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රකාශයට පත් කළ ශර්මා පවසා ඇත්තේ ටෙස්ට් සුදු ඇඳුමින් සැරසී සිය රට නියෝජනය කිරීමට ලැබීම ගෞරවයක් බවයි.

කෙසේවෙතත්, තමා තවදුරටත් එක්දින ජාත්‍යන්තර තරග වල ක්‍රීඩා කරන බවද ඔහු පවසා ඇත.

2024 වසරේ පැවති විස්සයි20 ලෝක කුසලානයෙන් අනතුරුව ඔහු T20 ජාත්‍යන්තර තරග බිමෙන්ද විශ්‍රාම ගියේය. 

මේ වනවිට 38වන වියේ පසුවන රෝහිත් ටෙස්ට් තරග 67ක ඉනිම් 116කදී ඉන්දියාව වෙනුවෙන් ක්‍රීඩාකර ඇත. එහිදී ලකුණු 4301ක් රැස්කර ඇති රෝහිත්, ශතක 12ක් හා අර්ධ ශතක 18ක් වාර්තාකර තිබේ.

Continue Reading

ක්‍රීඩා

එක්දින ශ්‍රේණිගත කිරීම්වල ශ්‍රී ලංකාව ඉදිරියට

Published

on

By

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය (ICC) ප්‍රකාශයට පත්කළ නවතම එක්දින කණ්ඩායම් ශ්‍රේණිගත කිරීම්වල ශ්‍රී ලංකාව 4 වන ස්ථානය දක්වා ඉහළට පැමිණ තිබේ.

අවසන් වරට ඉකුත් පෙබරවාරි මස සිදුකල ශ්‍රේණිගත කිරීම අනුව ශ්‍රී ලංකාව රැදී සිටියේ 5වන ස්ථානයේය.

මෙහි පෙරමුණ ඉන්දියාවට හිමිව ඇත.

ඊට අමතරව දෙවැනි ස්ථානය නවසීලන්තයටත්, තෙවන ස්ථානය  ඔස්ට්‍රේලියාවටත් හිමිව තිබේ.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved