ක්‍රීඩා

සුසන්තිකාගේ පියාගේ අවසන් කටයුතු අද

Published

on

ඔලිම්පික් පදක්කම්ලාභී සුසන්තිකා ජයසිංහ මහත්මියගේ පියාණන් වන එම්. ජයසිංහ මහතාගේ දේහය මේවන විට වරකාපොල උඩුවක නිවසේ තැම්පත් කර ඇති අතර අවසන්කටයුතු අද (28) මාහේන ආදාහනාගාරයේදී සිදු කිරීමට නියමිතය.

එම්. ජයසිංහ මහතා පෙරේදා (26) දිනයේ අභාවප්‍රාප්ත විය.

ඒ මහතා මිය යනවිට 85 වැනි වියේ පසුවිය.

ඔලිම්පික් පදක්කම්ලාභී මලල ක්‍රීඩිකා සුසන්තිකා ජයසිංහ මහත්මිය ඔහුගේ බාල දියණිය වන අතර, යොවුන් මලල ක්‍රීඩිකා මේධානි ජයමාන්න, ජයසිංහ මහතාගේ මිණිබිරියකි.

ඒ මහතාගේ බිරිඳ මෙන්ම සුසන්තිකා ජයසිහං මහත්මියගේ මෑණියන් වන මැණික්පුරගේ බේබිනෝනා මහත්මියද පසුගිය මාසයේ අභාවප්‍රාප්ත විය.

Trending

Exit mobile version