Connect with us

ක්‍රීඩා

ෆින්ච් අන්තර්ජාතික ක්‍රිකට් පිටියට ආයුබෝවන් කියයි

Published

on

ඔස්ට්‍රේලියානු ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායක හා වත්මන් ආරම්භක පිතිකරු ඒරන් ෆින්ච් අන්තර්ජාතික ක්‍රිකට් දිවියට සමුදීමට තීරණය කර ඇතැයි විදෙස් වාර්තාවල දැක්වේ.

ඒ මෙවර එක්දින ලෝක කුසලානයට මාස කිහිපයක් ඉතිරිව තිබියදීය.

ඔස්ට්‍රේලියාව වෙනුවෙන් සීමිත පන්දුවාර පිටියේ වාර්තා කිහිපයක් ලියාගෙන ඇති ෆින්ච් ඔස්ට්‍රේලියාවෙන් බිහිවූ සාර්ථකම විස්සයි විස්ස නායකයා හා පිතිකරුවා ලෙසින්ද හැඳින්විය හැක.

ඔහු 2021 වර්ෂයේ පැවති විස්සයි විස්ස ලෝක කුසලානය සිය රටට හිමිකරදෙමින් එවැනි දස්කමක් කළ පළමු ඔස්ට්‍රේලියානු නායකයා බවට ද පත්විය.

විස්සයි විස්ස ඉනිම් 103 කදී ලකුණු 3120 ක් රැස් කරගෙන ඇති ෆින්ච් ඔස්ට්‍රේලියාව වෙනුවෙන් වැඩිම විස්සයි විස්ස ලකුණු ලාභීයාද වේ.

එමෙන්ම තරග 76 ක් ඔස්ට්‍රේලියාව විස්සයි විස්ස පිටියේදී මෙහෙයවා ඇති ෆින්ච් ලොව වැඩිම විස්සයි විස්ස තරග සංඛ්‍යාවක් මෙහෙයවූ නායකයා ලෙසින් ද වාර්තාවක් පිහිටුවා ඇත.

ඒ තරග අතරින් 40 ක්ම ජයග්‍රහණ්‍ය කිරීමට ඔස්ට්‍රේලියාව සමත්ව ඇත.

2018 වර්ෂයේදී සිම්බාබ්වේ කණ්ඩායමට එරෙහිය රැස්කළ ලකුණු 172 විස්සයි විස්ස පිටියේදී ක්‍රීඩකයෙකු රැස්කළ ඉහළම ඉනිම ලෙස අදටද වාර්තා අතර රැදී ඇත.

මේ වන විට 36 හැවිරිදි වියේ පසුවුවද පිතිකරුවෙකුට අමතරව දක්ෂ පන්දු රකින්නෙකු ලෙසින්ද ෆින්ච් ප්‍රකටය.

කෙසේවෙතත් 2024 වර්ෂයේ විස්සයි විස්ස ලෝක කුසලානය දක්වා තමන්ට ක්‍රීඩා කිරීමට හැකියාවක් නොමැති බව වැටහෙන බවත්, මෙය සමුගැනීමට සුදුසුම කාළය බවත් ෆින්ච් මෙහිදී පවසා ඇත.

ක්‍රීඩා

ශම්මි සිල්වා ආසියානු ක්‍රිකට් කවුන්සිලයේ මහ පුටුවේ වැඩ අරඹයි

Published

on

By

ආසියානු ක්‍රිකට් කවුන්සිලයේ (ACC) සභාපතිවරයා ලෙස ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති ශම්මි සිල්වා මහතා වැඩ භාරගෙන ඇති බව එම කවුන්සිලය  නිවේදනය කර තිබේ.

මින් පෙර ආසියානු ක්‍රිකට් කවුන්සිලයේ සභාපතිවරයා ලෙස කටයුතු කළේ, අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලයේ වත්මන් සභාපති ඉන්දීය ජාතික ජේ. ශාහ් මහතායි.

ශම්මි සිල්වා මහතා මීට පෙර ආසියානු ක්‍රිකට් කවුන්සිලයේ මූල්‍ය සහ අලෙවි කමිටුවේ සභාපතිවරයා ලෙස කටයුතු කර තිබේ.

සබැඳි පුවත්

Continue Reading

ක්‍රීඩා

ඉන්දියාවට එරෙහිව ශ්‍රී ලංකාව අද තරග බිමට

Published

on

By

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පැවැත්වෙන ආසියානු කුසලාන වයස 19න් පහළ ක්‍රිකට් තරගාවලියේ අවසන් පූර්ව වටයේ තරග අද (6) පැවැත්වීමට නියමිතව ඇත.
a
ඒ අනුව පළමු අවසන් පූර්ව තරගය බංග්ලාදේශය හා පාකිස්තානය අතර ඩුබායිහිදී පැවැත්වේ.

එමෙන්ම ශ්‍රී ලංකාව සහභාගිවන දෙවන අවසන් පූර්ව තරගය  ඉන්දියාව සමගින් සාජාහිදී පැවැත්වේ.

මෙම තරගය දෙකම මෙරට වේලාවෙන් පෙ.ව. 10.30ට ආරම්භවීමට නියමිතව ඇත.

Continue Reading

ක්‍රීඩා

ඔලිම්පික් කමිටුවේ ලේකම් ට එරෙහි පෙත්සමට දුන් නියෝගය

Published

on

By

ශ්‍රී ලංකා ඔලිම්පික් කමිටුවේ ලේකම් මැක්ස්වල් ද සිල්වා මහතාගේ කටයුතු අත්හිටුවීමේ වාරණ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනුකර ඇති පෙත්සම මේ මස 18 වනදා යළි කැඳවන ලෙස කොළඹ දිසා අධිකරණය අද (05) නියෝග කලේය.

ශ්‍රී ලංකා පාපැදි සම්මේලනයේ හිටපු ලේකම් නලින් අධිකාරී ආරච්චිගේ සහ ශ්‍රී ලංකා අත්පන්දු සම්මේලනයේ සභාපති උපාලි රාජපක්ෂ යන මහත්වරු විසින් මෙම පෙත්සම ඉදිරිපත් කර තිබුණි.

මෙම පෙත්සම අද (05) කැඳවනු ලැබූ අවස්ථාවේදී එහි ඇතැම් වගඋත්තරකරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරු අධිකරණය හමුවේ ඉල්ලීමක් කරමින්, විරෝධතා ගොනුකිරීම සඳහා තමන්ට තවදුරටත් කාලය ලබාදෙන ලෙස ඉල්ලා තිබේ.

ඒ අනුව නඩුව යළි මෙම මස 18 වනදා කැඳවීමට නියෝග කළ දිසා අධිකරණය එදිනට පෙර විරෝධතා සහ ඊට අදාළ ලිඛිත දේශන තිබේ නම් ඉදිරිපත් කරන ලෙසට පාර්ශ්වකරුවන්ට නියෝග කර තිබුණි.

පෙත්සම්කරුවන් කියා සිටින්නේ අදාළ කමිටුවේ ලේකම්වරයාට දූෂණ චෝදනා එල්ල වී තිබෙන බැවින් ඔහුට එම තනතුර දැරීමට හැකියාවක් නොමැති බවය.

එබැවින් ඔහුගේ කටයුතු අත්හිටුවීමේ වාරණ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා මෙම පෙත්සම ඉදිරිපත් කර තිබුණි.

Continue Reading

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved