වයස අවුරුදු 19න් පහළ බාලිකා පන්දුවාර 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපර් සික්ස් වටයේ තරග අද (25) ආරම්භ වේ.
මෙම තරග වටයේදී එක් කණ්ඩායමකට තරග දෙක බැගින් හිමි වීමට නියමිතයි.
සුපර් සික්ස් වටය අවසානයේදී කාණ්ඩ දෙකේ පෙරමුණේ රැඳී සිටින කණ්ඩායම් දෙක අවසන් පූර්ව වටය සදහා සුදුසුකම් ලබාගනී.
සුපර් සික්ස් වටයේ තරග 04ක් අද පැවැත්වීමට නියමිතයි.
මෙම වටයේ පළමු තරගය අමෙරිකාව සහ නවසීලන්තය අතර ශ්‍රී ලංකා වේලාවෙන් අද (25) උදෑසන 8ට ආරම්භ වේ.
ශ්‍රී ලංකාව සහභාගීවන පළමු තරගය හෙට(26) පැවැත්වෙන අතර ඒ ස්කොට්ලන්තයට එරෙහිවය.