පන්දුවාර 20 යි 20 ජාත්‍යන්තර තරගවල වැඩිම ලකුණුලාභියා බවට පත්වීමට පාකිස්තාන කණ්ඩායමේ නායක බාබර් අසාම් සමත්ව තිබේ.
ඒ, මේ දක්වා එහි පෙරමුණ ගෙන සිටි ඉන්දීය පිතිකරු විරාත් කෝලි දෙවන ස්ථානයට පත් කරමින්.
ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අමෙරිකානු කණ්ඩායම සමග ඊයේ (06) පැවති තරගයේ දී පාකිස්තානයට අමිහිරි පරාජයක් අත්වූ නමුත් එම තරගයේ දී ලකුණු 44ක් වාර්තා කිරීමට බාබර් අසාම් පත්වීමත් සමග ඔහු මෙලෙස 20යි 20 වැඩිම ලකුණුලාභියා බවට පත්ව තිබේ.
ඒ අනුව 20යි 20 ජාත්‍යන්තර තරග 120කට සහභාගී වෙමින් බාබර් අසාම් රැස්කරගෙන ඇති මුළු ලකුණු සංඛ්‍යාව 4,067කි.
තරග 118ක දී ලකුණු 4,038ක් රැස්කරගත් විරාත් කෝලි 20යි 20 වැඩිම ලකුණු ලාභීන් අතර දෙවන ස්ථානයට පත්ව සිටින අතර තරග 152ක දී ලකුණු 4,026ක් ලබාගනිමින් රෝහිත් ශර්මා එහි තෙවන ස්ථානයේ රැඳී සිටී.