Connect with us

ක්‍රීඩා

අසාම් පළමු තැනට

Published

on

පන්දුවාර 20 යි 20 ජාත්‍යන්තර තරගවල වැඩිම ලකුණුලාභියා බවට පත්වීමට පාකිස්තාන කණ්ඩායමේ නායක බාබර් අසාම් සමත්ව තිබේ.

ඒ, මේ දක්වා එහි පෙරමුණ ගෙන සිටි ඉන්දීය පිතිකරු විරාත් කෝලි දෙවන ස්ථානයට පත් කරමින්.

ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අමෙරිකානු කණ්ඩායම සමග ඊයේ (06) පැවති තරගයේ දී පාකිස්තානයට අමිහිරි පරාජයක් අත්වූ නමුත් එම තරගයේ දී ලකුණු 44ක් වාර්තා කිරීමට බාබර් අසාම් පත්වීමත් සමග ඔහු මෙලෙස 20යි 20 වැඩිම ලකුණුලාභියා බවට පත්ව තිබේ.

ඒ අනුව 20යි 20 ජාත්‍යන්තර තරග 120කට සහභාගී වෙමින් බාබර් අසාම් රැස්කරගෙන ඇති මුළු ලකුණු සංඛ්‍යාව 4,067කි.

තරග 118ක දී ලකුණු 4,038ක් රැස්කර‍ගත් විරාත් කෝලි 20යි 20 වැඩිම ලකුණු ලාභීන් අතර දෙවන ස්ථානයට පත්ව සිටින අතර තරග 152ක දී ලකුණු 4,026ක් ලබාගනිමින් රෝහිත් ශර්මා එහි තෙවන ස්ථානයේ රැඳී සිටී.

ක්‍රීඩා

 තායිවාන විවෘත මලල ක්‍රීඩා ශූරතාවලියෙන් නදීෂාට රිදී පදක්කමක්! 

Published

on

By

තායිවාන විවෘත මලල ක්‍රීඩා ශූරතාවලියේ අද (08) පස්වරුවේ පැවති කාන්තා හෙල්ල විසිකිරීම ඉසව්වේ රිදී පදක්කම දිනාගැනීමට නදීෂා ලේකම්ගේ සමත් වූවාය.

ඇය මීටර් 56.62ක දක්ෂතාවක් දැක්වීය.

මෙහි රන් පදක්කම ඉන්දියාවේ අන්නු රාණි විසින් දිනාගත් අතර, ඇය මීටර් 56.82ක දක්ෂතාවක් දැක්වූවාය.

මීට පෙර එම තරගාවලියේ මීටර් 100 ඉසව්වේ ලෝකඩ පදක්කම දිනා ගැනීමට ශ්‍රී ලංකාවේ චමෝද් යෝධසිංහ සමත් විය.

ඔහු තත්පර 10.38ක කාලයක් වාර්තා කරමින් එම පදක්කමට හිමිකම් කීය.

මෙහි රන් පදක්කම දිනාගැනීමට ඔස්ට්‍රේලියාවේ ජිසෙෆ් අයෝඩේ සමත් වූ අතර, ඔහු සිය ඉසව්ව තත්පර 10.34කින් අවසන් කළේය.

එමෙන්ම තත්පර 10.36කින් තරගය අවසන් කළ ජපානයේ බෲනෝ ඩෙඩේ රිදී පදකක්ම දිනාගත්තේය.

ලෝක මලල ක්‍රීඩා ‘ලෝකඩ’ කාණ්ඩයේ ශූරතාවලියක් වන මෙය තායිපේ නගරයේ දී ඊයේ (07) ආරම්භ වූ අතර, එය අද (08) අවසන් විය.

Continue Reading

ක්‍රීඩා

සචිත්‍රට අධි චෝදනා

Published

on

By

2020 වසරේ පැවති ශ්‍රී ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේදී මුදලට තරග පාවාදීම සඳහා ක්‍රීඩකයෙකුට යෝජනා ඉදිරිපත් කිරීම ඇතුළු චෝදනා යටතේ හිටපු ජාතික තලයේ ක්‍රිකට් ක්‍රීඩකයෙකු වන සචිත්‍ර සේනානායකට විරුද්ධව නීතිපතිවරයා විසින් හම්බන්තොට මහාධිකරණය හමුවේ අධිචෝදනා ගොනුකර තිබේ.

ක්‍රීඩා දූෂණ වැළැක්වීමේ පනත යටතේ මෙරට ජාතික තලයේ ක්‍රිකට් ක්‍රීඩකයෙකුට එරෙහිව තරග පාවාදීමේ චෝදනා යටතේ අධිකරණය හමුවේ නඩු පැවරුණු ප්‍රථම අවස්ථාව මෙය බව නීතිපති දෙපාර්තමේන්තුවේ ප්‍රකාශකයකු සඳහන් කළේය.

එමෙන්ම තරග පාවාදීමේ චෝදනා යටතේ අපරාධ නීතිය යටතේ දකුණු ආසියාවේ ජාතික තලයේ ක්‍රිකට් ක්‍රීඩකයෙකුට එරෙහිව අධිකරණයක නඩු පැවරුණු ප්‍රථම අවස්ථාව මෙය විය හැකි බවත් ඔහු සඳහන් කරයි.

2020 වසරේ නොවැම්බර් මස 21 සහ එම මස 22 වනදා අතර කාලසීමාව තුළ මුරුසී දිවයිනේදී සහ හම්බන්තොටදී ශ්‍රී ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ ප්‍රතිඵලයට බලපෑමක් ඇති කළ හැකි අයුරින් එම තරගාවලියට සහභාගි වූ කලම්බු කින්ග්ස් කණ්ඩායම සඳහා තෝරාගෙන තිබූ තරිඳු රත්නායකට තරග පාවාදීම සඳහා වෙනත් පාර්ශවයක් විසින් ඉදිරිපත් කළ යෝජනාවක් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලයේ දූෂණ විරෝධී ඒකකයට දැනුම් නොදෙන ලෙස ඔහුගෙන් අයැද සිටීම, ඔහුව පෙළඹවීම සහ ඊට අවශ්‍ය අදාළ උපදෙස් ලබාදීම සම්බන්ධයෙන් ක්‍රීඩා දූෂණ වැළැක්වීමේ පනත යටතේ සචිත්‍ර සේනානායකට නීතිපතිවරයා විසින් චෝදනා එල්ල කර තිබේ.

ඊට අමතරව මෙතෙක් අත්අඩංගුවට ගෙන නොමැති “සායිඩි” නමැති අයෙකු තරිඳු රත්නායක නමැති ක්‍රීඩකයා අමතමින්” already spoke to the management. You will get games, and you have to give something for them too ok” යනුවෙන් කළ දැනුම්දීම ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ දූෂණ විරෝධී ඒකකය වෙත පැමිණිලි කිරීම වැළැක්වීමට කටයුතු කර තිබෙන බවට සචිත්‍ර සේනානායකට එරෙහිව එල්ලකර තිබෙන චෝදනාවේ සඳහන් වේ.

ඒ අනුව 2019 අංක 24 දරණ ක්‍රීඩා දූෂණ වෙනස්වීමේ පනතේ 5 ඈ වගන්තිය යටතේ ඔහුට චෝදනා එල්ල කර තිබේ.

 ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ ක්‍රීඩා දූෂණ වැළැක්වීමේ ඒකකයට ලැබුණු පැමිණිල්ලකට අනුව එම ඒකකයේ උපදෙස් මත මෙරට ක්‍රීඩා දූෂණ වැළැක්වීමේ විමර්ශන අංශය විසින් සචිත්‍ර සේනානායක මෑතකදී අත්අඩංගුවට ගෙන කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර තිබුණි.

ඉන් අනතුරුව අධිකරණය විසින් ඔහු රක්ෂිත බන්ධනාගාර ගත කිරීමෙන් පසුව ඇප මත මුදා හරින ලදී.

එම සිද්ධියට අදාළව ලැබුණු වෝහාරික සාක්ෂි සහ අනෙකුත් සාක්ෂි අධ්‍යයනය කිරීමෙන් අනතුරුව අතිරේක සොලිසිටර් ජෙනරාල් සුමති ධර්මවර්ධන මහතාගේ මෙහෙයවීම යටතේ මෙම නඩු පැවරීම සිදුකර තිබේ.

මූලාශ්‍රය – අද දෙරණ

Continue Reading

ක්‍රීඩා

IPL කිරුළ Royal Challengers Bengaluru කණ්ඩායමට

Published

on

By

2025 ඉන්දීය ප්‍රිමියර්ලීග් තරගාවලියේ ඊයේ (03) අවසන් මහා තරගය පැවැත්විණි.

එහිදී IPL කිරුළ හිමි කර ගැනීමට Royal Challengers Bengaluru කණ්ඩායම සමත් විය.

ඒ ලකුණු 06කින් Punjab Kings කණ්ඩායම පරාජයට පත් කරමිනි.

ඊයේ අවසන් තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් Royal Challengers Bengaluru කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුළු 09ක් දැවී ලකුණු 190ක් රැස් කරගැනීමට සමත් විය.

එහිදී පන්දුවට පහරදුන්, Virat Kohli ලකුණු 43ක්ද, නායක Rajat Patidar ලකුණු 26ක්ද, Liam Livingstone ලකුණු 25ක්ද, Mayank Agarwal සහ Jitesh Sharma ලකුණු 24 බැගින්ද රැස් කලහ.

පන්දු යැවීමේදී Punjab Kings කණ්ඩායමේ Arshdeep Singh සහ Kyle Jamieson කඩුළු තුන බැගින්ද, Azmatullah Omarzai, Vijaykumar Vyshak සහ Yuzvendra Chahal එක් කඩුල්ල බැගින් දවාගත්හ.

අනතුරුව ලකුණු 191ක ජයග්‍රාහී ඉලක්කය සහිතව පිටියට පිවිසි Punjab Kings කණ්ඩායම පන්දුවාර 20 අවසානයේ කඩුළු 07ක් දැවී රැස්කරගත හැකි වුණේ ලකුණු 184ක් පමණි..

එහිදී, Josh Inglis ලකුණු 39ක්ද, Prabhsimran Singh ලකුණු 26ක්ද, Priyansh Arya ලකුණු 24ක්ද, Nehal Wadhera ලකුණු 15ක්ද රැස් කලහ

අගනා ඉනිමක් ක්‍රීඩාකළ Shashank Singh නොදැවී ලකුණු 61ක් රැස් කලේය.

පන්දු යැවීමේදී Bhuvneshwar Kumar, Krunal Pandya කඩුළු 02 බැගින්ද, Yash Dayal, Josh Hazlewood සහ Romario Shepherd එක් කඩුල්ල බැගින් දවාගත්හ.  

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved