ක්‍රීඩා

ඇෆ්ගන් ක්‍රිකට් පිල ලංකාවට ඇවිත්!

Published

on

එක්දින තරගාවලියකට සහභාගී වීම සඳහා ඇෆ්ගනිස්තාන ක්‍රිකට් කණ්ඩායම කටුනායක ගුවන්තොටුපොළින් දිවයිනට පැමිණ තිබේ.

ඊයේ (23) රාත්‍රීයේ ඇෆ්ගනිස්තාන කණ්ඩායම දිවයිනට පැමිණි බව “අද දෙරණ” වාර්තාකරු පැවසීය.

ශ්‍රී ලංකා – ඇෆ්ගනිස්තාන එක්දින තරගාවලිය තරග තුනකින් සමන්විත වන අතර දෙරට අතර පළමු ජාත්‍යන්තර එක්දින තරගය ජුනි දෙවැනිදා පැවැත්වෙයි.

දෙවැනි තරගය ජුනි 04 වනදා ද තෙවැනි සහ අවසාන තරගය ජූනි 07 වනදා ද පැවැත්වීමට නියමිතය.

එම තරග තුනම හම්බන්තොට දී පැවැත්වෙයි.

ලෝක කුසලාන තරගාවලිය සඳහා සුදුසුකම් ලැබීමේ තරගාවලියට සහභාගී වීමට පෙර පවත්වනු ලබන අවසාන එක්දින ක්‍රිකට් තරගාවලිය මෙය වේ.

Trending

Exit mobile version