Connect with us

ක්‍රීඩා

ඉන්දීය – පාකිස්ථාන තරඟයේ ආරක්ෂාව තර කරයි

Published

on

විස්සයි විස්ස ලෝක කුසලානයේ ඉන්දියා – පාකිස්ථාන තරගය පැවැත්වීමට නියමිත අයිසන්හවර් ක්‍රීඩාංගණය අවට ආරක්ෂාව තර කිරීමට ප්‍රාන්ත බලධාරීන් තීරණය කර තිබේ.

නිව්යෝක් ආණ්ඩුකාරවරයා මේ තීරණය ගෙන ඇත්තේ, ජුනි 09 වැනි දා පැවැත්වීමට නියමිත ඉන්දු – පාකිස්ථාන තරගයට ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල විය හැකි බවට පළවන වාර්තා හේතුවෙන් බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ජුනි 3 වැනි දා සිට 12 වැනි දා දක්වා මෑන්හැටන් නගරයේ පිහිටා ඇති අයිසන්හවර් ක්‍රීඩාංගණයේ 20යි 20යි ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ තරග 8ක් පැවැත්වීමට සැලසුම් කර ඇත.

විදෙස් මාධ්‍ය පවසන්නේ ත්‍රස්ත තර්ජන ජුනි 09 වැනිදා පැවැත්වීමට නියමිත ඉන්දු – පාකිස්ථාන තරගයට එල්ලවි තිබෙන අතර ප්‍රාන්ත බලධාරීන් විසින් ක්‍රීඩාංගණය අවට ආරක්ෂාව තර කර තිබෙන්නේ සති කිහිපයක සිට බවය.

මෙම තර්ජන සම්බන්ධයෙන් තවමත් නිශ්චිත තහවුරු කිරීම් නොමැති නමුත් ක්‍රීඩකයින්ගේ සහ ප්‍රේක්ෂකයින්ගේ ආරක්ෂාව තම ප්‍රමුඛ වගකීම බව නිව්යෝක් ආණ්ඩුකාරවරයා අවධාරණය කර සිටී.

ක්‍රීඩා

ශ්‍රී ලංකා සහ බංග්ලාදේශ පළමු ටෙස්ට් සටන අද

Published

on

By

සත්කාරක ශ්‍රී ලංකා සහ බංග්ලාදේශ කණ්ඩායම් අතර ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ පළමු තරගය අද ආරම්භ වෙයි

තරග දෙකකින් සමන්විත ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේදී ධනංජය ද සිල්වා ශ්‍රී ලංකා කණ්ඩායම මෙහෙයවන අතර පැතුම් නිස්සංක , ඕෂද ප්‍රනාන්දු , දිනේෂ් චන්දිමාල් , ඇන්ජලෝ මැතිව්ස් , කුසල් මෙන්ඩිස් , කමිදු මෙන්ඩිස් වැනි ක්‍රීඩකයින් සංචිතයට ඇතුළත් ය.

නවක ක්‍රීඩකයන් වන සොනාල් දිනුෂ , පවන් රත්නායක , තරිදු රත්නායක , පසිදු සුරියබණ්ඩාර , ඉසිත විජේසුන්දරද 18 දෙනෙකුගෙන් සමන්විත ශ්‍රී ලංකා සංචිතයේ සිය ස්ථානය තහවුරු කරගෙන තිබේ.

ප්‍රවීණ ක්‍රිකට් ක්‍රීඩක ඇන්ජලෝ මැතිව්ස් ජාත්‍යන්තර ටෙස්ට් ක්‍රිකට් පිටියේ ක්‍රීඩා කරන අවසන් තරගය මෙයයි.

2025 – 2027 ටෙස්ට් ක්‍රිකට් ලෝක ශූරතාවලිය යටතේ මෙම තරගාවලිය ක්‍රියාත්මක වෙයි.

ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන තරගය අද පෙරවරු 10ට ආරම්භ කිරීමට නියමිතයි.

Continue Reading

ක්‍රීඩා

බංග්ලාදේශයට එරෙහි ශ්‍රී ලංකා ටෙස්ට් සංචිතය නම් කරයි

Published

on

By

සංචාරක බංග්ලාදේශ කණ්ඩායමට එරෙහිව පැවැත්වෙන තරග 02කින් යුත් ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ පළමු ටෙස්ට් තරගය සඳහා ක්‍රීඩාකරන ශ්‍රී ලංකා සංචිතය අද (15) ප්‍රකාශයට පත් කර තිබේ.

නිත්‍ය නායක ධනංජය ද සිල්වාගේ නායකත්වයෙන් යුත් මෙම සංචිතයට ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව විසින් ක්‍රීඩකයින් 18 දෙනෙකුගෙන් යුත් සංචිතය නම් කර ඇත.

මෙහි මූලික සංචිතයට ලහිරු කුමාර ඇතුළත්ව සිටියත් පුහුණුවීම් අතරතුර ආබාධයකට ලක්ව ඇති බැවින් ක්‍රීඩා නොකරන බව එම නිවේදනයේ දැක්වේ.
මෙම තරගය ජුනි 17දා ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ආරම්භ වේ.

පළමු ටෙස්ට් තරගයේ ශ්‍රී ලංකා සංචිතය : පැතුම් නිශ්ශංක, ඕෂද ප්‍රනාන්දු, ලහිරු උදාර, දිනේෂ් චන්දිමාල්, ඇන්ජලෝ මැතිව්ස්, ධනංජය ද සිල්වා (නායක), කුසල් මෙන්ඩිස්, කමිඳු මෙන්ඩිස්, පසිඳු සූරියබණ්ඩාර, සොනාල් දිනූෂ, පවන් රත්නායක, ප්‍රභාත් ජයසූරිය, තරිඳු රත්නායක, අකිල ධනංජය, මිලාන් රත්නායක, අසිත ප්‍රනාන්දු, කසුන් රාජිත, ඉසිත විජේසුන්දර

Continue Reading

ක්‍රීඩා

ICC ටෙස්ට් ලෝක ශූරතාවය, ද. අප්‍රිකාවට

Published

on

By

ඉතිහාසයේ පළමු වරට දකුණූ අප්‍රිකාව අයි.සී.සී ටෙස්ට් ක්‍රිකට් ලෝක ශූරතාවය දිනා ගත්තේය.

ඒ ප්‍රබල ඔස්ට්‍රේලියා 2025 අයි.සී.සී ටෙස්ට් ක්‍රිකට් ලෝක ශූරතාවලියේ අවසන් මහා තරගයේ පරාජයට පත් කරමිනි.

ලකුණු 282ක ඉලක්කයක් හඹා ගිය දකුණු අප්‍රිකාව කඩුලු 5 ක් දැවී ජයග්‍රාහී ඉලක්කය පසු කළේය.

පළමු ඉනිමට ඔස්ට්‍රේලියාව රැස් කළ ලකුණු 212ට පිළිතුරු ලෙස දකුණු අප්‍රිකාව රැස් කළ ලකුණු සංඛ්‍යාව 138කි.

දෙවැනි ඉනිමට ඔස්ට්‍රේලියාව ලකුණු 207ක් රැස් කළේය.

දකුණු අප්‍රිකාව අවස්ථා රැසකදී අවසන් මහා තරග වලට පිවිසියත් ක්‍රිකට් ලෝක ශූරතාවයක් දිනා ගත් පළමු අවස්ථාව මෙය වේ

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved