Connect with us

ක්‍රීඩා

උසේන් බෝල්ට්, T20 ලෝක කුසලානයට එක්වෙයි!

Published

on

වාර්තා පිට වාර්තා තබමින් ඉතිහාසගත මළල ක්‍රීඩකයෙකු වන ඔලිම්පික් කෙටි දුර ධාවන ශූර – උසේන් බෝල්ට්, තානාපතිවරයෙකු ලෙස 2024 ICC පන්දුවාර විස්සයි 20 ලෝක කුසලාන තරගවලියට එක්වීමට නියමිත බව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය නිවේදනය කරයි.
මෙම තරගාවලිය මේ වසේ ජුනි 01- 29 දක්වා ඇමෙරිකාවේ හා බටහිර ඉන්දීය කොදෙව් දූපත් වල පැවැත්වීමට නියමිතය.

ක්‍රීඩා

ලංකා පාපන්දු පිල වසර 16කට පසු චීන තායිපේ පරදයි

Published

on

By

ආසියානු කුසලාන සුදුසුකම් ලැබීමේ පාපන්දු තරගාවලියේ චීන තායිපේ කණ්ඩායම සමග ඊයේ (11)  පැවැති තරගය සත්කාරක ශ්‍රී ලංකාව ජය ගත්තේ ය.

ආසියානු කුසලාන පාපන්දු  සුදුසුකම් ලැබීමේ තරගාවලිය මේ දිනවල පැවැත්වේ.

ශ්‍රී ලංකාව එහි D කාණ්ඩය යටතේ තරගවදියි.

තරගාවලියේ ශ්‍රී ලංකාව සහභාගී වූ දෙවැනි තරගය වූ මෙය, ඊයේ කොළඹ තුරග තරග පිටියේදී පැවැත්විණි.

එහි පළමු අර්ධයේදී දෙපිලටම ගෝල වාර්තා කිරීමට නොහැකි විය.

දෙවැනි අර්ධයේදී ශ්‍රී ලංකාව ගෝල 3ක් රැස් කළේ ය.

ප්‍රතිවාදී චීන තායිපේ කණ්ඩායමට රැස් කිරීමට හැකි වූයේ ගෝලයක්  පමණි.

ඒ අනුව ගෝල 3ට 1ක් ලෙස ශ්‍රී ලංකාව තරගය ජය ගත්තේ ය.

සුදුසුකම් ලැබීමේ තරගාවලියේ තරග 2කට සහභාගී වී ඉන් එක් තරගයක් ජය  ගත් ශ්‍රී ලංකාව මේ වන විට D කාණ්ඩයේ ලකුණු සටහනේ රැඳී සිටින්නේ 3 වැනි ස්ථානයේයි.

ශ්‍රී ලංකාව සහභාගී වන මීළඟ තරගය ටර්ක්මෙනිස්ථානයට එරෙහිව පැවැත්වේ.

Continue Reading

ක්‍රීඩා

2024 ශ්‍රී ලංකා ක්‍රිකට් සම්මානලාභීන්

Published

on

By

2024 ශ්‍රී ලංකා ක්‍රිකට් සම්මාන උළෙල ඊයේ (09) සවස කොළඹදී පැවැත්විණි.

කමිඳු මෙන්ඩිස් වසරේ පිරිමි ක්‍රිකට් ක්‍රීඩකයාට හිමි සම්මානය ලබාගත් අතර, ශ්‍රී ලංකා නායිකා චමරි අතපත්තු වසරේ කාන්තා ක්‍රිකට් ක්‍රීඩිකාව ලෙස නම් කරන ලදී.

සම්මානලාභීන්ගේ ලැයිස්තුව:

  • වසරේ පිරිමි ක්‍රිකට් ක්‍රීඩකයා – කමිඳු මෙන්ඩිස්
  • වසරේ කාන්තා ක්‍රිකට් ක්‍රීඩිකාව – චමරි අතපත්තු
  • වසරේ නැගී එන ක්‍රීඩකයා – ජනිත් ලියනගේ

ටෙස්ට් ක්‍රිකට්

දක්ෂතම තුන් ඉරියව් ක්‍රීඩකයා – ධනංජය ද සිල්වා
දක්ෂතම පන්දු යවන්නා – ප්‍රභාත් ජයසූරිය
දක්ෂතම පිතිකරු – කමිඳු මෙන්ඩිස්

පිරිමි එක්දින අන්තර්ජාතික

දක්ෂතම තුන් ඉරියව් ක්‍රීඩකයා – චරිත් අසලංක
දක්ෂතම පිතිකරු – පැතුම් නිස්සංක
දක්ෂතම පන්දු යවන්නා – වනිඳු හසරංග

පිරිමි විස්සයි20 අන්තර්ජාතික

දක්ෂතම පිතිකරු – කුසල් මෙන්ඩිස්
දක්ෂතම තුන් ඉරියව් ක්‍රීඩකයා – වනිඳු හසරංග

කාන්තා එක්දින අන්තර්ජාතික

දක්ෂතම තුන් ඉරියව් ක්‍රීඩිකාව – චමරි අතපත්තු
දක්ෂතම පන්දු යවන්නිය – කවීෂා දිල්හාරි
දක්ෂම පිතිකාරිනිය – චමරි අතපත්තු

කාන්තා විස්සයි20 අන්තර්ජාතික

හොඳම තුන් ඉරියව් ක්‍රීඩිකාව – චමරි අතපත්තු
හොඳම පිතිකාරිනිය – චමරි අතපත්තු
හොඳම පන්දු යවන්නිය – චමරි අතපත්තු

Continue Reading

ක්‍රීඩා

 තායිවාන විවෘත මලල ක්‍රීඩා ශූරතාවලියෙන් නදීෂාට රිදී පදක්කමක්! 

Published

on

By

තායිවාන විවෘත මලල ක්‍රීඩා ශූරතාවලියේ අද (08) පස්වරුවේ පැවති කාන්තා හෙල්ල විසිකිරීම ඉසව්වේ රිදී පදක්කම දිනාගැනීමට නදීෂා ලේකම්ගේ සමත් වූවාය.

ඇය මීටර් 56.62ක දක්ෂතාවක් දැක්වීය.

මෙහි රන් පදක්කම ඉන්දියාවේ අන්නු රාණි විසින් දිනාගත් අතර, ඇය මීටර් 56.82ක දක්ෂතාවක් දැක්වූවාය.

මීට පෙර එම තරගාවලියේ මීටර් 100 ඉසව්වේ ලෝකඩ පදක්කම දිනා ගැනීමට ශ්‍රී ලංකාවේ චමෝද් යෝධසිංහ සමත් විය.

ඔහු තත්පර 10.38ක කාලයක් වාර්තා කරමින් එම පදක්කමට හිමිකම් කීය.

මෙහි රන් පදක්කම දිනාගැනීමට ඔස්ට්‍රේලියාවේ ජිසෙෆ් අයෝඩේ සමත් වූ අතර, ඔහු සිය ඉසව්ව තත්පර 10.34කින් අවසන් කළේය.

එමෙන්ම තත්පර 10.36කින් තරගය අවසන් කළ ජපානයේ බෲනෝ ඩෙඩේ රිදී පදකක්ම දිනාගත්තේය.

ලෝක මලල ක්‍රීඩා ‘ලෝකඩ’ කාණ්ඩයේ ශූරතාවලියක් වන මෙය තායිපේ නගරයේ දී ඊයේ (07) ආරම්භ වූ අතර, එය අද (08) අවසන් විය.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved