Connect with us

ක්‍රීඩා

චමරිට ලොවෙන්ම පළමුතැන 

Published

on

අන්තර් ජාතික ක්‍රිකට් කවුන්සලයේ (ICC) කාන්තා එක්දින පිතිකරණ ශ්‍රේණිගත කිරීම් අනුව ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමේ සුපිරි පිතිකරු චමරි අතපත්තු එක්දින පිතිකරණ ලැයිස්තුවේ පළමු ස්ථානයට පත්ව තිබේ.

දකුණු අප්‍රිකාවට එරෙහිව පැවැති තුන්වන සහ අවසන් එක්දින තරගවලදි චමරි අතපත්තු දැක්වූ විශිෂ්ට දස්කම් හේතුවෙන් දකුණු අප්‍රිකාවට එරෙහිව පැවති තරඟ තුනකින් සමන්විත තරඟාවලිය සම කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායමට හැකි විය.

චමරි අතපත්තු ඉහළට ඒමත් සමඟ එතෙක් ඉදිරියෙන් සිටි එංගලන්ත කාන්තා කණ්ඩායමේ නටාලි ස්කැවියර් බර්න්ට් දෙවැනි ස්ථානයට පත්ව තිබේ.

දකුණු අප්‍රිකාවට එරෙහි තරගයේ දී ලකුණු 302ක වාර්තාගත ඉලක්කයක් හඹා ගිය චමරි අතපත්තු ඇතුළු ශ්‍රී ලංකා කණ්ඩායමට ජයග්‍රහණය ලබා දෙමින් නොදැවී ලකුණු 195* ලබා ගැනීමට ඇයට හැකි වූවාය. එය ලෝක ක්‍රිකට් ඉතිහාසයේ එක්දින තරගයක දී සාර්ථක හඹායාමකදී ලබාගත් දෙවැනි වැඩිම ලකුණු සංඛ්‍යාව ද වේ.

2023 ICC පිරිමි ක්‍රිකට් ලෝක කුසලානයේ දී ඇෆ්ගනිස්ථානයට එරෙහිව ග්ලේන් මැක්ස්වෙල් ( Glenn Maxwell) නොදැවී ලකුණු 201 ලබා ගැනීම එවැනි දස්කමක ලොව පළමු තැන තිබේ.

ක්‍රීඩා

යුපුන් හා නදීෂා තවත් පදක්කම් 2ක් ලංකාවට එකතු කරයි

Published

on

By

ඩුබායි රාජ්‍යයේ පැවැත්වෙන “UAE Athletics Grand prix  2024” තරගාවලියේ මීටර් 100 පිරිමි ඉසව්වේ තෙවැනි ස්ථානය දිනාගැනීට යුපුන් අබේකෝන් සමත්විය.

යුපුන් අබේකෝන් සිය ෆේස්බුක් පිටුවේ සටහනක් තබමින් පවසා ඇත්තේ, මිටර් 100 තරගය තප්පර 10.18 (+1.2) කින් අවසන් කිරීමට හැකිවීම ගැන තමන් මහත්සේ සතුටට පත්වන බවය.

එමෙන්ම ඔහු වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ තමන්ගේ එකම බලාපොරොත්තුව පැරිස් ඔලිම්පික් උළෙල බවය. 

මේ අතර, එම තරගාවලියේ කාන්තා මීටර් 400 ඉසව්වෙන් දෙවැනි ස්ථානය දිනා ගැනීමට නදීෂා රාමනායක සමත්ව ඇත.

Continue Reading

ක්‍රීඩා

2024 LPL තරගාවලියේ ක්‍රීඩක වෙන්දේසිය 21දා

Published

on

By

2024 ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලිය සඳහා වන ක්‍රීඩක වෙන්දේසිය මැයි 21දා පැවැත්වීමට නියමිතය.

කොළඹ ෂැංග්‍රිලා හෝටලයේ පැවැත්වීමට නියමිත මෙය, එදින මධ්‍යහන 12ට ඇරඹීමට කටයුතු යොදා ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසයි.

මෙම වෙන්දේසිය සජීවී ලෙස රූපවාහිනි හා ඩිජිටල් මාධ්‍ය ඔස්සේ විකාශය වීමට නියමිතය.

සෑම සංචිතයකම අවම වශයෙන් ක්‍රීඩකයින් 20 දෙනෙකු හා උපරිම වශයෙන් ක්‍රීඩකයින් 24 දෙනෙකු සිටිය යුතු වන අතර,  විදේශීය ක්‍රීඩකයින් සය දෙනෙකුද සිටිය යුතුය. තවද, ක්‍රීඩා කරන ක්‍රීඩකයන් 11දෙනා අතර, වයස 23න් පහළ ක්‍රීඩා කරන එක් ශ්‍රී ලාංකික ක්‍රීඩකයෙකු ද සිටීම අනිවාර්ය වේ.

2024 ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලිය ජූලි 01 – 21දා දක්වා පැවැත්වීමට නියමිතය.

Continue Reading

ක්‍රීඩා

ලාංකේය ක්‍රීඩක ක්‍රීඩිකාවන් අද ඩුබායිහි තරඟ බිමේ

Published

on

By

ඩුබායි හි පැවැත්වෙන එක්සත් අරාබි එමීර් රාජ්‍ය මළල ක්‍රීඩා තරගාවලියට එක්ව සිටින මෙරට මළල ක්‍රීඩක ක්‍රීඩිකාවන් රැසක් අද (03) තරග බිමට පිවිසීමට නියමිතය.

ඒ අනුව කෙටි දුර ධාවන ශූර යුපුන් අබේකෝන් සහභාගී වන මීටර 100 තරගය මෙරට වේලාවෙන් රාත්‍රී 7.50 ට පැවැත්වෙන අතර,

නදීෂා රාමනායක සහභාගී වන 400m තරගය ශ්‍රී ලංකා වේලාවෙන් අද රාත්‍රී 7.15 ට පැවත්වෙන පැවැත්වේ.

තරුෂි කරුණාරත්න හා ගයන්තිකා අබේරත්න සහභාගී වන 800m තරගය පැවැත්වෙන්නේ මෙරට වේලාවෙන් අද රාත්‍රී 9.00 ට යි.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved