ක්‍රීඩා

කෝලිට දඩ

Published

on

ඕස්ට්‍රේලියානු ආරම්භක පිතිකරු සෑම් කොන්ටාස් සමග මතභේදාත්මක තත්ත්වයක් ඇති කර ගත් විරාට් කෝලිට තරග ගාස්තුවෙන් සියයට 20 දඩයක් නියම කර ඇතැයි වාර්තා වේ.

එමෙන්ම ඔහුගේ විනය වාර්තාවට දඬුවම් ලකුණක් එක් කිරීමට තරග තීරකවරයා පියවර ගෙන තිබේ.

ඕස්ට්‍රේලියාව සහ ඉන්දියාව අතර මෙල්බර්න්හි අද (26) ආරම්භ වූ හතරවන ටෙස්ට් තරගයේදි සිය මංගල ටෙස්ට් තරගයට ක්‍රිඩා කරමින් සිටි 19 හැවිරිදි සෑම් කොන්ටාස්ගේ උරහිසේ විරාට් කෝලි සිතා මතා ගැටී ඇති අතර, එහිදී දෙදෙනා අතර කෙටි වචන හුවමාරුවක්ද සිදුවිය.

Trending

Exit mobile version