ජාතික ක්‍රීඩා සභාවේ සභාපති ධුරයෙන් වහාම ඉල්ලා අස්වන ලෙස ක්‍රීඩා අමාත්‍යවරයාගේ ජ්‍යෙෂ්ඨ උපදේශක සුදත් චන්ද්‍රසේකර විසින් අර්ජුන රණතුංග මහතාට ලිඛිතව දැනුම්දිමක් සිදුකර ඇතැයි වාර්තා වේ.
ඊයේ (29) දිනයේ දී අදාළ දැනුම්දීම සිදුකර ඇති බව පැවසේ.
ඊයේ පස්වරු 2.00ට ජාතික ක්‍රිඩා සභාව රැස්වීමට නියමිතව තිබුණ ද ඒ සඳහා ජාතික ක්‍රීඩා සභාවේ කිසිදු සාමාජිකයෙක් සූම් තාක්ෂණය ඔස්සේ සහභාගී වී නොමැති බවද මේ අතර වාර්තා වේ.
ඒ පිළිබඳව විමතියට පත් නොවන ලෙසත් අප සියලුදෙනාම ඔබව තවදුරටත් ජාතික ක්‍රිඩා සභාවේ සභාපති වශයෙන් පිළිනොගන්නා බවත් සුදත් චන්ද්‍රසේකර මහතා විසින් අර්ජුන රණතුංග මහතා වෙත යොමුකර ඇති ලිපියේ සඳහන් බව පැවසේ.