ක්‍රීඩා

ඩිලන්ත ගේ ‘රොක් ඇන්ඩ් රේස්’ ප්‍රසංගය 23දා 

Published

on

මේ වසරේ යුරෝපා ලැම්බොගිනි සුපර් ට්‍රොෆියෝ මෝටර් රථ තරගාවලියට සහභාගි වන ශ්‍රී ලංකා මෝටර් රථ ධාවන ශූර ඩිලන්ත මාලගමුව ඒ සඳහා අවශ්‍ය අනුග්‍රාහක මුදල් සොයා ගැනීම පිණිස පවත්වනු ලබන රොක් ඇන්ඩ් රේස් සංගීත ප්‍රසංගය 23 වැනිදා (ඉරිදා) සවස කොළඹ විහාර මහා දේවී එළිමහන් රංග පීඨයේදී පැවැත්වේ.

සුප්‍රසිද්ධ ගායක ගායිකාවන් රැසක් ගීත ගයන මෙම ප්‍රසංගයේ ආදායම මේ වසරේ ඉතාලිය,ප්‍රංශය, බෙල්ජියම, ජර්මනිය හා ස්පාඤ්ඤය යන යුරෝපා රටවල පැවැත්වෙන තරගාවලි සඳහා යොදා ගැනීමට නියමිත බව ඩිලන්ත  පසුගියදා මීගමුවේ පැවැති මාධ්‍ය හමුවකදී පැවැසීය.

2023 යුරෝපා ලැම්බොගිනි තරගාවලිය මැයි මස 5 වැනිදා ඉතාලියේදී ආරම්භ කිරීමට නියමිතය.

Trending

Exit mobile version