ආසියානු ක්‍රීඩා උළෙලේ කාන්තා මීටර් 800 ඉසව්වේ රන් පදක්කම හිමිකර ගත් තරුෂි කරුණාරත්න හට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මඟින් රුපියල් මිලියන 10ක මුදලක් පිරිනැමීමට තීරණය කර ඇත.
ඊයේ (04) ඇය මිනිත්තු 2:03.20ක කාලයකින් තරඟය අවසන් කිරීමට සමත් වූ අතර, මෙය, වසර 21කට පසුව ආසියානු ක්‍රීඩා උළෙලේ මළල ක්‍රීඩා ඉසව්වකින් ශ්‍රී ලංකාවට හිමිවූ පළසු රන් පදක්කමයි.
එහි සභාපති ශම්මි සිල්වා පැවසුවේ වසර 21කට පසුව ශ්‍රී ලංකාවට රන් පදක්කමක් ගෙන ඒම අගය කළ යුතු යැයි ශ්‍රී ලංකා ක්‍රිකට් විධායක කමිටුව යෝජනා කළ බවත්, ඒ අනුව මෙම මුදල් ත්‍යාගය පිරිනැමීමට තීරණය කළ බවත්ය.
සබැඳි පුවත් :
තරුෂි ට රන් පදක්කමක්