ක්‍රීඩා

දසුන්, වනිඳු උප නායක තනතුරට

Published

on

ලබන ජනවාරි 03දා ඉන්දියාවේදී ආරම්භ වන තරග සංචාරය වෙනුවෙන් නම් කර ඇති ශ්‍රී ලංකා සංචිතයට කුසල් මෙන්ඩිස් එක්දින පිලේ උප නායකයා ලෙසත්, වනිඳු හසරංග පන්දුවාර විස්සයි 20 පිලේ උප නායකයා ලෙසත් නම් කිරීමට තේරීම් කමිටුව පියවර ගෙන තිබේ.

තුන් ඉරියව් ක්‍රීඩක දසුන් ශානක තව දුරටත් මෙම කණ්ඩායම් දෙකේම නායකයා ලෙස කටයුතු කරයි.

මෙම තරගාවලියට එක්දින ජාත්‍යන්තර තරග 3ක් හා පන්දුවාර විස්සයි 20 තරග 3ක්ද අයත් වේ.

ශ්‍රී ලංකා එක්දින සහ විස්සයි20 සංචිතය :

දසුන් ශානක (නායක), කුසල් මෙන්ඩිස් (එක්දින කණ්ඩායම – උප නායක), වනිඳු හසරංග (විස්සයි20 – උප නායක), පැතුම් නිස්සංක, අවිෂ්ක ප්‍රනාන්දු, සදීර සමරවික්‍රම, භානුක රාජපක්‍ෂ (විස්සයි20), චරිත් අසලංක, ධනංජය ද සිල්වා, අෂේන් බණ්ඩාර, මහීෂ් තීක්‍ෂණ, ජෙෆ්රි වැන්ඩසේ (එක්දින), චාමික කරුණාරත්න, ඩිල්ෂාන් මධුසංඛ, කසුන් රාජිත, නුවනිඳු ප්‍රනාන්දු (එක්දින), දුනිත් වෙල්ලාලගේ, ප්‍රමෝද් මධුෂාන්, ළහිරු කුමාර සහ නුවන් තුෂාර (විස්සයි20)

Trending

Exit mobile version