ක්‍රීඩා

දියගමදී යුපුන්ගේ ඔලිම්පික් යාමේ සිහින බ‍ොඳ වෙයි!

Published

on

ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංග­මය මෙහෙ­ය­වන 102 වැනි ජාතික මලල ක්‍රීඩා ශූර­තා­ව­ලිය වෙනු­වෙන්ම ඉතා­ලියේ පුහු­ණු­වීම් සිදු කර­මින් සිටි­යදී ශ්‍රී ලංකා­වට පැමිණි කෙටි දුර ධාවන ශූර යුපුන් අබේ­කෝන් ඊයේ (26) දිය­ගම ධාවන පථ­යේදී මීටර් 100 මූලික වටයේ තර­ග­යට සහ­භාගි වෙමින් සිටි­යදී ආබා­ධ­ය­කට ලක්වී ඉව­තට ගියේය.

මේ හේතු­වෙන් ශ්‍රී ලංකාවේ විශා­ල­තම ඔලි­ම්පික් බලා­පො­රො­ත්තු­වක් වූ යුපුන් අබේ­කෝන්ගේ ඔලි­ම්පික් සිහි­නය බොඳවී ගොස් ඇතැයි වාර්තා වේ.

මේ මස 30 වැනිදා ඔලි­ම්පික් උලෙ­ළට සහ­භාගි වන ක්‍රීඩ­ක­යන් තෝරා අව­සන් වන අතර යුපුන්ට තවත් එක් තර­ග­යක් ඉති­රිව තිබි­යදී ඔලි­ම්පික් අපේක්ෂා අත්හැර දම­න්නට සිදු­වීම කන­ගා­ටු­වට කරු­ණකි.

යුපුන්ගේ ආබා­ධය හේතු­වෙන් මේ 30 වැනිදා කොළ­ඹදී පැවැ­ත්වී­මට නිය­මිත ඔලි­ම්පික් අපේක්ෂා ඇති ශ්‍රී ලංකාවේ ප්‍රමු­ඛ­තම මලල ක්‍රීඩක ක්‍රීඩි­කා­වන් වෙනු­වෙන් පව­ත්වන අව­සන් තේරීම් තර­ග­යට සහ­භා­ගි­වීමේ අව­ස්ථාව ද අහිමි වී ගොස් ඇතැයි ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංග­මයේ ලේකම් සමන් කුමාර ගුණ­ව­ර්ධන මහතා මාධ්‍යට පවසා තිබේ.

යම් හෙය­කින් ඔලි­ම්පික් උලෙ­ළට ශ්‍රී ලංකා­වෙන් කිසිදු ක්‍රීඩ­ක­යකු ඍජු සුදු­සු­කම් ලබා නොග­ත­හොත් ශ්‍රී ලංකාවේ ක්‍රීඩ­ක­ය­කුට ‘වයිල් කාඩ්’ ක්‍රමය යටතේ අව­ස්ථාව ලැබුණ ද, යුපුන් එයට නම් වුව­හොත් ඔලි­ම්පික් තර­ගා­ව­ලි­යට පෙර ඔහු මීටර් 100 තර­ග­ය­කට සහ­භාගි වී යෝග්‍ය­තාව සනාථ කළ යුතුව ඇතැයි ගුණ­ව­ර්ධන මහතා පැවැ­සීය.

මේ අතර ඔලි­ම්පික් සුදු­සු­කම් ලබා ගැනීමේ අපේ­ක්ෂා­වෙන් සිටින කාන්තා හෙල්ල විසි­කි­රීමේ ක්‍රීඩිකා දිල්හානි ලේකම්ගේ ඊයේ පැවැති තර­ග­යේදී මීටර් 55.77ක දක්ෂ­තා­වක් පෙන්වූ­වාය. 

එහි දෙවැනි තැන ඩී.එච්. මදු­වන්ති මීටර් 51.01කින් හා තෙවැනි තැනට පත් ඉමාෂා හසන්ති මීටර් 49.86ක දක්ෂ­තා­වක් දැක්වූ­වාය. 

මේ තත්ත්වය අනුව දිල්හානී ලේකම්ගේ ‘රෝඩ් ටු ඔලි­ම්පික්’ ශ්‍රේණි­ගත කිරීමේ පිය­වර කිහි­ප­යක් ඉදි­රි­යට යනු ඇතැයි ද වාර්තා වේ.

මීටර් 400 මූලික වටයේ තර­ග­ව­ලදී තත්පර 45.97ක දක්ෂ­තා­වක් දැක්වී­මට අරුණ දර්ශන සමත් වූ අතර කාලිංග කුමාර මූලික වට­යේදී තත්පර 46.33කින් තර­ගය නිම කළේය. 

ආර්.එන්. රාජ­ක­රුණා තත්පර 46.37කින් හා පබ­සර නිකූ තත්පර 46.76ක දක්ෂ­තා­වක් දැක්වූහ.

ජාතික මලල ක්‍රීඩා ශූර­තා­ව­ලියේ අව­සන් තරග අද දිය­ගම ක්‍රීඩාං­ග­ණ­යේදී පැවැත්වේ.

මූලාශ්‍රය – දින­මිණ

Trending

Exit mobile version